SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Antique කඩයක මරණයක් ITN නාලිකාවේ විකාශය වීම තනිකරම මගේ වුවමනාවට සිදුවූවක්.

ඒ මම රැඩිකල් නිසාවත්, වාම වාදී නිසාවත් නොවෙයි. මෙම නාට්‍යය නැවත සජීවි ලෙස වේදිකා ගතවන්නේ නැති නිසා. මගේ ජීවිත කාලය ඇතුලත නැවත නිෂ්පාදනයක් හෝ දකින්නට නොලැබෙනු ඇතැයි මට හිතෙන නිසා.

 

මෙම නාට්‍යය පිට පළාත්වල ප්‍රේක්ෂකයින්ට දැක ගන්නට නොහැකි වුණේ ඔවුන්ගේ වරදක් නිසා නොවෙයි. නාට්‍යයේ නිෂ්පාදන ස්වරූපය අනුව පිට පළාත්වල රංගශාලාවල්හි රඟදැක්වීමට නොහැකිවූ නිසයි. කොළඹ පවා එය නියම ස්වරූපයෙන් රංග ගත කළ හැකි වන්නේ රඟහලවල් දෙකක පමණි. එම නිසා පිට පළාත්වලින් ප්‍රේක්ෂකයින්ට කිසියම් විදිහකින් දැකබලා ගන්නට සැළැස්වීම මගේ අපේක්ෂාව වූ නිසා.

 

ITN නාලිකාව මේ සඳහා මට සත පහක්වත් ගෙව්වෙ වත්, මගෙන් සත පහක්වත් අය කළේවත් නැහැ. ඒ සඳහා කිසිම මූල්‍ය ප්‍රතිලාභයක් ITN නාලිකාවට ලැබුණේ යැයි මා සිතන්නේද නැහැ. මා ITN නාලිකාවෙන් ඉල්ලා සිටියේ නාට්‍යයේ සජීවීව පටිගත කළ දර්ශනයක් මා සතුව තිබෙන බැවින් එය විකාශය කර දෙන්නේද කියායි. එමෙන්ම එය අඛණ්ඩව විකාශය කරන්නේද කියායි. එයට නාලිකාව එකඟ වූවා. ඒ වෙනුවෙන් මගේ ස්තූතිය ITN සභාපති Sudarshana Gunawardana මිතුරාටත් එහි කාර්ය මණ්ඩලයටත්!

 

නාට්‍යය මුදල් ගෙවා සජීවීව නරඹන ප්‍රේක්ෂකයින්ට කිසිදු බාධාවක් නොවන පරිදි කළ සජීවී පටිගත කිරීමක්. එබැවින් එහි තාක්ෂණික දෝෂ අපමණයි. එයට ITN නාලිකාව වග කිව යුතු නැහැ. ඒ ගැන මම කනගාටුව පළ කර සිටිනවා.

 

එහෙත් ITN නාලිකාව සමාව දිය නොහැකි වරදක් කලා. ඒ නාට්‍යයේ ගීතයක වචනයක් නිහඬ කිරීමෙන්. පුරුෂලිංගය අපේ රූපවාහිනී නාලිකාවලට කුණුහරපයක් බව දැන ගත්තේ ඒකෙන්. පුරුෂ ලිංගයට, පුරුෂ ලිංගය කියන් නැතුව ශිෂ්ඨ ලෙස කියන්නේ කොහොමද කියා මා දන්නේ නැත.

 

කෙසේ හෝ ඇන්ටික්කඩේ නොදැක්ක අයට එහි ඡායාවක් හෝ දකින්නට ලැබෙන්න ඇතැයි දැක්ක අපි හැමෝම සතුටු වෙමු. ඒ සතුටට mute නොකල පුරුෂ ලිංගයේ ගීතය රස විඳිමු.

 

@ අශෝක හඳගම

Asoka Handagama fb page

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි