ත්‍රිකුණාමලය මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන මුරුංගා වැඩමුළුවේ
එළිමහන් ප්‍රායෝගික අධ්‍යනයන් ඊයේ (20) සහ අද(21) දින සිදු කෙරෙමින් ඇත.
ඊයේ දිනයේ විශේෂ වැඩසටහනක් ලෙස මුරුංගා කොළ මල් සහ කරල් ආහාර පරිභෝජනයට යොදා ගත හැකි ආකාරය විවිධ සූපවේද ක්රමයන් හරහා ප්‍රායෝගිකව සිදුකර පෙන්වා දී ඇති අතර සංවිධානයේ නිර්මාතෘ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි ජපානයේ අම්මා හෙවත් මොරිකෝ ගිල්ෆොඩ් විසින් මෙම වැඩමුළුව මෙහෙයවයි.
අද(21) වැඩමුළුවේ දී මුරුංගා අධ්‍යාපනික වැඩසටහන මගින් මුරුංගා අස්වැන්න නෙලීම, ඕසෝන් වායු යාන්ත්‍රණය හරහා මුරුංගා පිරිසිදු කිරීම සහ අඳුරු ස්ථානයක මුරුංගා වේලීම පිළිබඳව දැනුවත් කිරීම සිදු කරයි.