රැව්ලයි කැඳයි දෙකම බේරගන්නව වගේ බැලන්ස් කරගෙන පරාටේ නීතිය ගෙනියන්නෙ කොහොමද?
“බේරගන්න වෙනව. ඒකට උත්සාහයක් ගන්න වෙනව.
පරාටේ නීතිය ලංකාවට ආවේ 1991 – 92 විතර ප්‍රේමදාස ජනාධිපතිවරයගේ කාලයේ. ඒක තියෙන නිසා මම හිතන විදියට ලංකාවේ බැංකුවලින් සල්ලි අරගෙන සල්ලි නොගෙවා හිටිය ප්‍රමාණය ගොඩක් අඩුවෙලා තියෙනවා. ඒ ගෙදර උකස් වෙනව වගේ ඒව හින්ඳ.
දෙපැත්තටම ඒකෙ වාසියක් තියෙනවා. බැංකුවටත් ඇපයක් තියාගෙන ණයක් දෙන්න පුළුවන්.යම් පුද්ගලයෙකුටත් හදිසියට තමන්ගෙ දෙයක් උගසට තියල ණයක් ගන්න පුළුවන්. මේක දෙපැත්තටම බැලන්ස් වෙලා තිබුණ.
මම දන්න විදිහට ඔය පරාටේ නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ එදා ඉඳන් මේ දක්වා 1%ක් වත්.
බොහොම අතලොස්සක් තමයි ඒ තත්වයට පත්වෙලා තියෙන්නෙ.
අවාසානාවකට 2019, 20,21, 22 මේ අව්රුදු හතර තුළ ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ආයතනවලට ලොකු ප්‍රශ්නයකට මුහුණපාන්න උනා රටේ ආර්ථික හා දේශපාලනික අවිනිශ්චිතතාවය එක්ක.
ඒ හින්ඳ දැන් වෙනකොට මම හිතන්නෙ ඒක දහස් ගානක් වෙලා තියෙනව, ලෝන් අරගෙන තියෙන අයට ලෝන් ගෙවාගන්න විදිහක් නැති එකත් එක්ක. ඒ හින්ඳ ලෝන් ගෙවාගන්න බැරි උනාම ඇප වෙන්දේසි කරන්න දානව.
ඒක හරිම කණගාටුදායක දෙයක්. මොකද මිනිස්සු වැටිල තියෙන්නෙ බැංකුවෙන් ණය අරගෙන වයිෆ්ට කාර් අරගෙන දීල නෙවෙයි. ඒක ආණ්ඩුවේ මිස්ටේක්ස්වලින් වෙච්ච දෙයක්.
උදාහරණයකට ඉතිහාසයේ වෙච්ච ලොකුම ප්‍රශ්නය ඊස්ටර් ඇටෑක් එක ගන්නකෝ. අපි දන්නා පරිදි අප්‍රේල් මාසෙ පළමුවෙනිද ඉඳල අප්‍රේල 21 උදේ වෙනකල් ඉන්දියාවෙන් අපිට දැනුම් දීල තියෙනවය කියල කියනව. මෙහෙම දෙයක් වෙනව කියල. ඒක සනාථ කරල තියෙනව අප්‍රේල් 04,11,16 වගේ දින තුනක හතරක. පාර්ලිමේන්තුවේ ඉන්න සාමාජිකයොන්ට මන්ත්‍රීවරුන්ට ලියුම් ඇරල තියෙනව මෙහෙම දෙයක් වෙන්න තියෙනව කියල ටෙලිෆෝන් නම්බර්ස් එක්කම. මට ලියුමක් දකින්න හම්බ උනා ඒ දවස්වල එවැනි ලියුමක් හතර වටේ ගියා. ඒව කව්රුත් දකින්න ඇති.
අවාසානාවකට මෙච්චර ලියුම් දීල, අවවාද කරල, වෝනින් ඉෂූ කරල පාර්ලිමේන්තුවේ ඉන්න එක මෙම්බර් කෙනෙක්වත් මෙහෙම ලියුමක් ඇවිල්ල තියෙනව මොකක්ද මේකට කරන්නෙ කියල එක ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ ඇහුවෙ නැහැ. ඒක සීයට සීයක් ෂුවර්.
මේකෙ දෙවැනි අධියර තමයි මම දකින්නේ පාර්ලිමේන්තුවේ ඉන්නවා මුස්ලිම් ජනතාවගේ මන්ත්‍රීවරුන්. ඇමතිලත් හිටිය මන්ත්‍රීලත් හිටිය. ඒගොල්ලොන්ට මේ ලියුමෙ කොපියක් ගියාම එයාලගෙ PSOට එයාට තිබුන ඒ අයගෙ කමියිනුටි එකේ කට්ටිය කතාකරගෙන මෙහෙම ආරංචියක් ඇවිත් තියෙනව කියල කතාකරන්න.
කතාකරගෙන අගමැති ජනාධිපති හම්බවෙලා මේ ගැන අහන්න. ඔය සහරාන් කියන මනුස්සයයි එයාගෙ සගයො ටිකයි අත්අඩංගුවට අරන් තිබුබනම් ඔය පාස්කු ඉරිද ඇටෑක් එක වෙන්නෙ නැහැ ලංකාවේ.
ඉතිං මේ හැම දෙයක් ගැනම බැලුවම රටවැසියො විදිහට අපිට හිතෙන්නෙ මේ ඔක්කොම ප්ලෑන්කරල කරපු දේවල් විදිහටයි. කාටවත් කියන්න බෑ මේක ප්ලෑන් එකක් නෙවෙයි කියල...
කොහොම හරි 21 වැනිද උදේ සහරාන් ගැහුව. බෝම්ඹ පිපිරුනා. සංචාරක කර්මාන්තය බිංදුවට වැටුනා. අපේ රටේ ෆයිව් ස්ටාර් හෝටල්වල පිපිරුනේ”.
ව්‍යාපාරික ගාමිණී කන්නන්ගර කියන්නේ රටේ ආර්ථිකයේ ඇතිවුනු දැවැන්ත පසුබැසීමට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ බිඳවැටීමට පාස්කු ප්‍රහාරයේ සිට බලපෑම් සිදුවූ බවය.
ඒ නිසා ණය ලබාගෙන ව්‍යාපාර පවත්වාගෙන ගිය දේශීය ව්‍යාපාරිකයින්ට ණය ගෙවා ගැනීමට නොහැකිව ඇපයට තබා ඇති දේපළ පරාටේ නීතිය යටතේ සින්න වන්නට පටන්ගත් බවය.
මේ නිසා රටේ පාලකයින්ගේ වැරදි නිසා ව්‍යාපාරිකයින් මේ තත්වයට පත්ව ඇති බවත් එය පරාටේ නීතියේ ගැටළුවක් නොවන බවත් ව්‍යාපාරික ගාමිණී කන්නන්ගරගේ අදහසය.
මේ අර්බූධය හටගත්තේ කෙසේද සහ එය විසඳා ගන්නේ කෙසේද යන්න ගැන ඔහුගේ අදහස් දැක්වීම පහත වීඩියෝවෙන් නරඹන්න.