SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර කේන්ද්‍ර කරගත් ලෝක ආර්ථික සංසදයේ

තරුණ ගෝලීය නායකයකු ලෙස ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පත් කර ඇතැයි වාර්තා වේ.

එකී තනතුරට මීට පෙර  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්, නවසීලන්ත අගමැතිනි ජසින්තා අර්ඩීන්, අලි බබා නිර්මාතෘ ජැක් මා, ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් වැනි ලෝ ප්‍රකට අයට හිමිව තබීවුක් වන අතර, මෙම තනතුරට පත්වන්නන්ට  වයස අවුරුදු 40 තෙක් එම තනතුර දැරීමේ හැකියාව ඇත.

කෙසේ වුවද මෙරට ඉතිහාසයේ දේශපාලනඥයකු එම තනතුර සඳහා පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

තරුණ ගෝලීය නායක ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් දරන සුවිශේෂී නායකයන් දහසකට අධික සංඛ්‍යාවකින් යුත් ප්‍රජාවක් ලෙස ගණනය කෙරේ.

ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා  එම තනතුරට පත් කරගෙන ඇත්තේ ඔහුගේ දැක්ම, නායකත්ව ගුණාංග සහ සමානාත්මතාවය හා තිරසර භාවය වෙනුවෙන් ඔහු දරන කැපවීම සහ වෙහෙස වීම වෙනුවෙන් යැයි වාර්තා වේ.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි