SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලයට සම්බන්ධව කටයුතු කරන විට ‘ලක් අම්මා’ වූ දමිතා සහ ඇයගේ ස්වාමි පුරුෂයා හට විදෙස් ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් විසින් පනවා ඇත.

ලක්ෂ 30ක් නොව රුපියල් 30ක වංචාක් උවත් වංචාව වංචාව බැවින් නීතිය ක්‍රියාත්මක විය යුතුමය…. මක්නිසාදයත් නීතිය සැමට සමානවිය යුතු බැවිනි.

 

දමිතාට වැරෙන් ක්‍රියාත්මක නීතිය එජප මංත්‍රිනී උදේනිකා දමයන්ති ට හා අබ්දූල් කළාම් අණුස්මරන පදනමේ සභාපති කරුණාකරන් ශිවා ට ක්‍රියාත්මක නොවන්නේ මන්ද…?

 

මාස හයකට වැඩි කාළයක් තිස්සේ ඉතා සූක්ෂමව කටයුතු කරමින්, වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා දමයන්ති හා අබ්දූල් කළාම් අණුස්මරන පදනමේ සභාපති කරුණාකරන් ශ්‍රිවා විසින් කූඨ ලේඛන සකසා කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන පහකට අධික මුදලකි……. එහෙත් එකී මූල්‍ය වංචා වෙනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් විසින් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පැමිණිලි ගොණු කළද එකී පැමිණිලි හොරාගෙ අම්මාගෙන් පේන අහන තත්වයට පත්ව ඇති බව ගොවීන් මැසිවිලි නගමින් සිටී…..

 

122123124

 

තවද කූඨ ලේඛන සකසා තම නමද අවභාවිතා කළ හෙයින් ප්‍රවීන දේශකයකු, ජේෂ්ඨ දේශපාලන හා රාජ්‍ය සබඳතා සබඳතා ඇති කීර්තිමත් පුද්ගලයකු වූ S.R.එඩ්වර්ඩ් මහතා විසින් වත්මන් පොලිස්පති හා පොලිස් ඇමතිට ලිඛිතව පැමිණිලි ඉදිරිපත් කොට පවසා ඇත්තේ එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා දමයන්ති  හා අබ්දූල් කළාම් අණුස්මරන පදනමේ සභාපති කරුණාකරන් ශිවා විසින් හොර අත්සන් යොදා මෙකී මූල්‍ය වංචා සිදුකොට ඊට තමාව හසුවන සේ ක්‍රියා කොට ඇති බවයි… තත්වය එසේ උවත් චූදිත උදේනිකා හෝ කරුණාකරන් මේ කිසිඳු කරුණක් ප්‍රතික්ෂේප කිරිම හෝ මාධ්‍ය මගින් කළ හෙළිදරව් වෙනුවෙන් කිසිඳු නෛතික ක්‍රියාමාර්ග හෝ නොගැනීම තුළම ඔවුන් වංචාවේ ප්‍රධාන වග උත්තර කරුවන් බවට බැලූ බැල්මට තහවුරු වී ඇත.

 

125126

 

දමිතා සජබයේ වීමත්..

උදේනිකා එජාපයේ වීමත් නීතිය නැවීමේ සාධක නම් ….?

මහජනතාවට කෙසේ ද?...

 

ජනප්‍රිය නිලි දමිතා අබේරත්න අරගලයෙන් පසු සමගි ජනබලවේගයේ ක්‍රියාකාරී දේශපාලන වේදිකාවට ගොඩවීමත් සමගම ඇයට මෙම චෝදනාව එල්ල වී ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක විය….

 

එහෙත් කාලාන්තරයක් තිස්සේ ඉතා අපුරුවට අහිංසක ගොවීන් රවටමින් රුපියල් මිලියන ගණනින් වංචා කරමින් සිටින එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා දමයන්ති හට හෝ, අබ්දූල් කළාම් අණුස්මරන පදනමේ සභාපති කරුණාකරන් ශිවා ට නීතිය ක්‍රියාත්මක නොවීමේ රහස වත්මන් ආණ්ඩුවේ හා පොලීසියේ සක්‍රීය සහයෝගය ඔවුන් දෙපල සතුවීමය.

 

WhatsApp Image 2024 04 04 at 12.05.04 AM

අබ්දුල් කලාම් පදනමේ කරුණාකරන් ශිවා සමග සජබ සුජීව සේරසිංහ

 

එසේම මොවුන් දේශපාලකයන් සමග ඍජු සබඳතා පවත්වන්නේද මෙකී වංචා දූෂණ ජයට කරගෙන යාම පිණිසය……..

 

ඒ අතර කරුණාකරන් ශිවා ලා සජබයේ සුජීව සේරසිංහලා සමග එකට සිටින ඡායාරූප තම මුහුණු පොතේ ප්‍රදර්ශණය කරමින් අනියමින් හා නියමයෙන් පවසන්නේ ඔවුන් විසින් අටවාගෙන පවත්වාගෙන යන සංවිධාන හරහා අහිංසක මිනිසුන් රවටා ඔවුනට සීනිබෝල දී අහස් මාලිගා පෙන්වා කඩාවඩා ගන්නා මහා ධනස්කන්දයන් නීතියේ රැහැනට හසුනොවනා ලෙස ආරක්ෂා සහිත බව මෙන්ම,  කවුරුත් විසින් ඔවුනට චෝදනා කලද දේශපාලන බල අධිකාරියේ හා පොලීසියේ සහය තමන් සතුව ඇති බවය…

 

සමහරවිට දමිතාට නීතිය ක්‍රියාත්මක වීමත් උදේනිකාට නීතිය ක්‍රියාත්මක නොවීමත්, කරුණාකරන් ශිවා ලා හා සුජීව සේනසිංහලාගේ සබඳතාවනුත් අප කිසිවෙක් නොසිතනා දේශපාලන ගේම්ද විය හැක……

 

කරුණාකරන් ශිවා සජබ හා එක්ව ගහන ඩීල් එක කුමක් විය හැකිද..?

 

කරුණාකරන් ශිවා යනු Abdul kalam memorial trust fund යන ආයතනය ලාබ නොලබන පුණ්‍යාධාර ආයතනයක් ලෙසින් පවත්වාගෙන යන කූට ව්‍යාපාරයකි, ඔහු විසින් සුජීව සේනසිංහ සමග පවත්වන සබඳතාවත්,  කේ එච් උදේනිකා දමයන්ති නම් එජාප මංත්‍රිනියට නීතිය ක්‍රියාත්මක නොවීමත්, මහමොළකරු මෙන්ම කූට ලේඛන සකසා ඇති ( SR එඩ්වර්ඩ්  ගේ ලිඛිත පැමිණිලි ප්‍රකාරව ) කරුණාකරන් ශිවා නිදැල්ලේ සිටීමත්,  අරගල ක්‍රියාකාරිනී වත්මන් සජබ දේශපාලන ක්‍රියාකාරීනී අපේක්ෂිකා දමිතා අබේරත්නට පමණක් මූල්‍ය වංචාවට සැනින් නීතිය ක්‍රියාත්මක වීමත් අතිශය ගැඹුරු දේශපාලන ඩීල් එකක් බව පෙනී යන කරුණකි….  නීතීඥ වරයකු මෙන්ම සජබයේ වගකිවයුතු තනතුරු දරන සුජීව සේනසිංහලා කරුණාකරන් ශිවා ලා හා ඇති බැඳියාව කෙබ්ද්ඳු ආකාරයේද යන්න පිළිබඳව සමාජයට හෙළිදරව් කිරීම සදාචාරාත්මක මෙන්ම සැබෑ පිරිසිඳු දේශපාලකයකු නම් ඊට කදිම අවස්තාවකි..

 

සැබවින්ම අදවන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය හා කූඨ ව්‍යාපාර, නීතිවිරෝධී වෙළඳාම,පාතාලය, මත්ද්‍රව්‍ය  සියල්ල දම්වැලක පුරුක් මෙන් එකට එකක් සහ සම්බන්ධව ඇත…..

 

මාස කීපයක් තිස්සේ කරුණු සාක්ෂි සාධක සහිතව එජාප මංත්‍රිනී කේ එච් උදේනිකා දමයන්ති ගේ හා කරුණාකරන් ශිවා ගේ මහා මූල්‍ය වංචාවන් හෙළිදරව් වෙමින් පවතිද්දී හෝ තම ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක එනම් ආණ්ඩුවේ ප්‍රබල ආධාරකරුවන් විසින් සිදුකළ වංචා දූෂණ අතැඹුල සේ දැන දැනත් ඒවා මහජන නියෝජිතයින් ලෙස නීතිය හමුවට පමුණවීමට නීතිය ක්‍රියාත්මක වීමට සැලැස්වීමට හෝ සාකච්ඡාවට නොගන්නේ “ ඔවුන් ඔක්කොම යාළුවො මල්ලී” යන රන්ජන් රාමනායකගේ කීම සනාථ කරමිනි…

 

දමිතාට නීතිය ක්‍රියාත්මක වීමත්, එජාප උදේනිකා දමයන්තිට හා කරුණාකරන් ශිවාට නීතිය ක්‍රියාත්මක නොවීමත් උහතෝකෝටිකය. මක්නිසාදයත් පොලීසිය භාර ඇමතිවරයා මෙන්ම, පොලිස්පති පවා උදේනිකා දමයන්ති ලා, කරුණාකරන් ශිවා ලා ආරක්ෂා කරන ආකාරයත්, ඔවුන් මාධ්‍ය සංදර්ශන තබමින් ගෙනයන යුක්තියේ මෙහෙයුම් සංදර්ශන දකින ජනයා අපගෙන් පෙරළා ප්‍රාශ්න කෙරෙණුයේ සාක්ෂි සාධක සහිතව නීත්‍යානුකූල පැමිණිලි ඉදිරිපත් කොට තිබියදී මෙසේ සිදුවන්නේ ඇයි කියාය……

 

පොලිස්පති තුමනි, පොලිස් ඇමති තුමනි, දිගින් දිගටම නීතිය ක්‍රියාත්මක කරවන ආයතන හා මහ පුටු දේශපාලන අතකොළු බවට පත්ව ඇතිබව සනාථ වෙමින් පවතින බවට පාඨක ජනතාව චෝදනා කරමින් සිටී……… 

ජනතා බලය මෙන්ම වින්දිතයින්ගේ ඉවසීම් සීමා මායිම්.ඉක්වවීම් දැවැන්ත  ඛේදවාචකයන් බවට පරිවර්තනය වන්නේ ද ඔබලාගේ ඇල් මැරුණු කල් මරණ, අසාධාරණ මෙන්ම පක්ෂග්‍රාහී ක්‍රියාවන් බව නැවත නැවතත් අවධාරණය කරමු.

 

@ සුමුදු මද්දුම ආරච්චි.

මිලානෝ.

ඉතාලිය.

නවතම ලිපි