SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමරිකාවේ සිට ගමන් අරඹා ඇති ඩාර්ලි නමැති නෞකාව  අන්තරායකර අපද්‍රව්‍ය කන්ටේනර 764ක්  රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටින බවට තොරතුරු අනාවරණයවී තිබෙන නිසා

මහ විනාසයක් වීමට පෙර කඩිනම්  ක්‍රියාමාර්ග ගන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් අද පාර්ලිමේන්තුවේදී (2)  පැවසීය.

 

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

 

චරිත හේරත් මන්ත්‍රීවරයා  පැවසූයේ,

 

“ මීට පෙර මේ වගේ ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. නැව් දෙකක් ශ්‍රී ලංකා මුහුදේදී අනතුරට ලක්වුණා. මේ නැව අමෙරිකාවේ මේරිලන්ඩ්හි බෝල්ටිනෝ වරායෙන් පිටවෙලා තියෙනවා. ඩාර්ලි නැවේ කන්ටේනර් 4644ක් තියෙනවා. මින්  764ක අන්තරායකර අපද්‍රව්‍ය ඇති බවට  හඳුනාගෙන තියෙනවා.” යනුවෙනි.

 

මේ පිළිබඳ හෙළිදරව්වක් කළ ස්පාර්ටකස් සාමූහිකය පසුගියදා පැවසූයේ, මෙම සිංගපූරු නෞකාව මීට පෙර චිලිය වෙත ද මෙවැනිම අපද්‍රව්‍ය ප්‍රවාහනය කොට ගැටළු වලට මුහුණ දුන් නෞකාවක් බවත්, ඒ අනුව පෙනී යන්නේ ඇමරිකාවේ භාවිතා කර ඉවත දමන සහ නිෂ්පාදනය වන අහිතකර අපද්‍රව්‍ය ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රවාහනය කරන බවත් ය. එසේම  ආණ්ඩු වල අනුදැනුම නොමැතිව මේවා සිදු කල නොහැකි බව කියන ස්පාර්ටකස් සාමූහිකය  මින් පෙනී යන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඉවතලන විෂ සහිත අපද්‍රව්‍ය භූමියක් (dumping ground) ලෙස සලකා ක්‍රියා කරන බවය යනුවෙන් ද පවසයි.

 

මීට පෙර ධම්මික පෙරේරා විසින් ද මේ ආකාරයේ කසල ආනයනයක් සිදු කොට තිබුණි

එය හෙළිදරව් වූයේ අහම්බෙනි.

 

"X-Press Pearl" නමැති නෞකාව ද සිංගපූරු නෞකාවකි. ශ්‍රී ලාංකීය මුහුදේදී එය ගිනිගැනීමට ලක්වීමට ඉඩහැරියේ එහි මෙවැනි අපද්‍රව්‍ය තිබූ නිසා ද යන සැකය දැන් මතු කල හැකියැයි ස්පාර්ටකස් සාමූහිකය පවසයි.

 

සම්පූර්ණ ලිපිය පහතින්...

ශ්‍රී ලංකාව කසල භූමියක් ද? – (මාධව රුවන්පතිරණ)

 

ඇමරිකාවේ භාවිතා කරන දැඩි අහිතකර අපද්‍රව්‍ය බහාලුම් 56ක් (ටොන් 764) බල්ටිමෝර් පාලමේ ගැටී අනතුරටපත් නෞකාවේ තිබී ඇත.

ඒවා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබූ බව ජාත්‍යන්තර ජන මාධ්‍ය වාර්තා කරයි.

ඒවා දැඩි අනතුරුදායක අපද්‍රව්‍ය ඝනයට අයත්ය. විඛාදනික අපද්‍රව්‍ය, ගිනිගන්නා සුළු දෑ, ලිතියම් අයන් බැටරි වැනි දෑ ඇතුළු, වර්ග කිරීම් අනුව "class 9 hazardous" ඝනයේ බව වාර්තා වේ. ඉන් කිහිපයක් සිදුරු වීම හේතුවෙන් ඒවායේ අඩංගු දැඩි අහිතකර අපද්‍රව්‍ය ගංගාවට මුසු වී ඇති බව පැවසේ.

මෙම සිංගපූරු නෞකාව මීට පෙර චිලිය වෙත ද මෙවැනිම අපද්‍රව්‍ය ප්‍රවාහනය කොට ගැටළු වලට මුහුණ දුන් නෞකාවකි. ඒ අනුව පෙනී යන්නේ ඇමරිකාවේ භාවිතා කර ඉවත දමන සහ නිෂ්පාදනය වන අහිතකර අපද්‍රව්‍ය. ශ්‍රී ලංකාව වැනි රටවලට ප්‍රවාහනය කරන බවයි. ආණ්ඩු වල අනුදැනුම නොමැතිව මේවා සිදු කල නොහැකිය. ඉන් පෙනී යන්නේ ශ්‍රී ලංකාව මේ වන විට ඉවතලන විෂ සහිත අපද්‍රව්‍ය භූමියක් (dumping ground) ලෙස සලකා ක්‍රියා කරන බවය. මීට පෙර ධම්මික පෙරේරා විසින් ද මේ ආකාරයේ කසල ආනයනයක් සිදු කොට තිබුණි. එය හෙළිදරව් වූයේ අහම්බෙනි.

"X-Press Pearl" නමැති නෞකාව ද සිංගපූරු නෞකාවකි. ශ්‍රී ලාංකීය මුහුදේදී එය ගිනිගැනීමට ලක්වීමට ඉඩහැරියේ එහි මෙවැනි අපද්‍රව්‍ය තිබූ නිසා ද යන සැකය දැන් මතු කල හැකිය.

ලංකාව කසල භූමියක් බවට පත් වීම මේ වන විට දෙයාකාරයකින් සිදු වේ. එනම්, ඉහත සඳහන් කල ඍජු කසල ආනයෙනයෙන් වෙනස්ව අනිත් ආකාරය වන්නේ ප්‍රධාන වශයෙන් "දියුණු" රටවල භාවිතා කරන ලද විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණ, වාහන, සහ වෙනත් එවැනි දෑ ලංකාව වෙත අපනයනය කිරීමයි.

 

ලංකාවේ අබල ද්‍රව්‍ය එකතු කිරීමේ ව්‍යාපාරයේ නිරත වන ප්‍රධාන ජන කොටස වන්නේ මුසොල්මානුවන්ය. එම අබල ද්‍රව්‍ය රැගෙන ගොස් මුදල් බවට පත්කර ගත හැකි කොටස් ගලවා ඉතුරු කොටස් ඔවුන් ගංගා සහ විශාල ඇලවල් වලට විසි කරයි. උදාහරණ ලෙස පවසන්නේ නම් පැරණි CRT රූපවාහිනී සහ මොනිටර් වෙතින් ඔවුන් ලබා ගන්නේ කොයිල් කොටස පමණක් වන අතර එහි අනෙකුත් සියල්ල ඔවුන් ගංගාවලට විසි කර දමයි. වර්තමානයේ භාවිතා වන LED රූපවාහිනී හෝ මොනිටර් වෙතින් ද ඔවුන් ලබා ගන්නා කොටස් ඇත. නමුත් ඒවායේ අඩංගු එලෙක්ට්‍රොනික උපාංග, ප්ලාස්ටික්, බැටරි, ඇතුළු සියල්ල යන්නේ ගංගාවකටය. ලංකාවේ භාවිතා වන සියලු ඉලෙක්ට්‍රොනික, ඉලෙක්ට්‍රිකල්, බැටරි වර්ග, ඇතුළු වෙනත් ඉවතලන නිෂ්පාදන වල ඉරණම බොහෝ විට ඉහත සඳහන් කල ආකාරය හෝ ඊට සමාන වෙනත් ආකාරයක් ගනී. පසුගිය කාලයේ ප්ලාස්ටික් කොහු, ඉදල්, තැන කොළ පවා ආනයනය කෙරුණි. එසේම විශාල ලිතියම් අයන් බැටරි ප්‍රමාණයක් පොලොවට එකතු වේ.

 

එබැවින් මේ වන විට ලංකාව කොහොමටත් කසල භූමියක් වී ඇති බැවින්, ඕනෑම උපද්‍රවික අපද්‍රව්‍යක් එහි බැහැර කිරීම කල යුතු බවට "දියුණු" රටවල් තීරණය කර ඇත් ද යන සැකය මේ වන විට මතු වේ. ඉරණවිල පිහිටි පැරණි ඇමරිකානු කඳවුරේ (එය එකල හැඳින්වූයේ "ඇමරිකන් හඬ" නමැති ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් ලෙසය. එය අමූලික බොරුවක් බව මේ වන විට තහවුරු වේ.) කොටසක් අඩි 50ක ඝනකමකින් යුතු මීටර 600ක දිග කොන්ක්‍රීට් තට්ට්ටුවක් යොදා සකස් කොට ඇත්තේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය තැන්පතුවක් බවට සැකයක් පවතී.

 

නූතන විද්‍යාව තහවුරු වීමට පෙර විෂ සහිත ද්‍රව්‍ය මිනිස් පාරිභෝජන කටයුතු සඳහා මේ ආකාරයෙන් භාවිතා වූයේ නැත. එනම්, විෂ සහිතභාවය ගණනය කරමින්, ඒවා මිනිස් ශරීරයට, පරිසරයට, දේශගුණ විපර්යාස සඳහා බලපාන මාත්‍රාවන්, ආකාරයන්, වැනි තත්වයන් ගණනය කරමින්, ඇති වන නව තත්වයන් කළමනාකරණය කල හැකි බව පිළිගනිමින්, එම තත්වයන් කළමනාකරණයට පිවිසෙමින් මිනිසුන් කටයුතු කල අතීතයක් නූතන විද්‍යාව තහවුරු වීමට පෙර නොපැවතුනි.

 

මෙවැනි දැඩි අහිතකර අපද්‍රව්‍ය ආනයනය ලංකාවේ නව ආර්ථික වැඩ පිළිවෙලේ ප්‍රධාන කොටසක් ද?

 

පෙර ලිපියේ සබැඳිය - https://slleader.lk/social/9578-2024-03-29-12-46-12

නවතම ලිපි