SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුහුණේ සුගලා දේවිය උදැහැනැක්කෙම ලංකාදීප පත්තරේ අරගෙන කියවන්න ගත්තෙ දවස ගානෙ කොළඹ රට කේන්ද්‍ර කොර ගනිපු ඡන්ද හටනට වෙච්ච දේ මොකක්ද කියල දැනගන්නත් එක්කය.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය  බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක සභිකයෝ   සහ ආසන සංවිධායකයෝ  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ගෙන්  එක හඬින් ඉල්ලීමක් කර ඇතැයි ලංකාදීප පුවත්පතේ වාර්තාවක් ය.

 

සිදාදියට ගොහින් එන කිරි බණ්ඩෙ සුගලා බිසවගෙ මාලිගයට ගොඩ වැදුනේ එහෙම වෙලාවක ය.

 

අපේ දේවි පත්තරේ කියවන්නෙ? මොකොද අලුත් තොරතුරු හෙම තියෙනවැයි?

 

අනේ කිරි බණ්ඩෙ මේ නිදහස් පක්ස මහගෙදරට වෙලා තියෙන නස්පොස්තිය ගැන නොවැ මම මේ කියවැව්වෙ. ඔන්න ඒකෙ ජනාධිපති අපේක්සක කම විජේදාස උන්නැහේට දෙනවලු.

 

හහ් හහ් හා...කිරි බණ්ඩෙට එක වරටම හිනාවක් ය.

 

මොකෝ කිරිබණ්ඩෙ මම හිනාවෙන්න තරං දෙයක් කිව්වයැ?

 

තරහ අවසර සුගලා උත්තමාවි. මට හිනා ගියේ ඔය බණ්ඩාරනායක උන්නැහෙගෙ පක්සෙට ගිය කල මතක් වෙලා. දැන් ඒක තොරොම්බල් කරල විකුණගෙන තමුන්ගේ ප්‍රශ්න විසඳගන්න නොවැ ඔය හදන්නෙ.

 

මට තේරුන් නැහැ කිරි බණ්ඩෙ. කව්ද ඔය පක්සෙ විකුණගෙන කන්නෙ? ඒ මක්කටෙයි?

 

දේවි. ඔය පහුගියදාක සිරි ලංකා පක්සයෙ සභාපති උන්නැහෙ හිටපු ලොකු තැන මහනුවර ගිහින් මොකක්දෝ ප්‍රකාසයක් ‌කොරලලු නේ.

ඔික කියන්න හිටපු එක නො‌වෙයිලුනේ උන්නැහේගෙන් කියැවිලා තියෙන්නෙ.

ඉතිං ඒක වහං කොරගන්න මෛතිරිපාල උන්නැහේ එයාගෙ පක්සයේ හැමදාම වගේ නීති කටයුතුවලට හිටපු ෆයිසර් මුස්තාපා උන්නැහේට කිව්වලු තමුන් එක්ක රහස් පොලෝසියට යන්න එන්න කියල.

 

ඉතිං?

 

උන්දැ බෑ කියල නොවැ. පක්සෙ හිටපු නීතීඥ මහත්තුරු කව්රුවත් එකතු වෙලා නැතිලු. ඉන් පස්සෙලු ඔය අනූජ ප්‍රේමරත්න උන්නැහේ එකතු කොර ගත්ත කියන්නෙ.

 

ඒ මක්ක උනත් ඒක කොහොමෙයි මේ විජේදාස උන්නැහේට සම්බන්ධ කොළේ?

 

නෑ දේවි. මෛතිරිපාල උන්නැහේ පාස්කු සිද්දිය හින්ඳ නඩු හාරසීය ගානක් එක්ක අතුරෙ යන මනුස්සයෙක් නොවැ. උන්නැහේට කෝටි දහයක්ද කීයක්ද වන්දිත් ගෙවන්න වෙලා තියෙනව. ඒ මදිවට කොයි වෙලේ හරි හිරබාරයට ගනීවි කියල හරි හමන් නින්දක් යන්නෙත් නැතිලු. අමතක වීමේ රෝගෙකිනුත් ලු ඉන්නෙ. ඉතිං මේ සිරිලංකා නිදහස් පක්සෙ විකුණලා හරි උන්නැහේට ඔින මේ නඩුවලින් ගැලවෙන හැටියක් හොයා ගන්න.

 

හ්ම් මට තේරෙනවා උන්නැහේ හිතනවා අධිකරණ ඇමති කෙනෙක් ලං කොර ගත්තම මේකෙන් ගොඩ යන්න පුලුවන් කියලා. ඒකට පක්සෙ අපේක්සකකම විකුණනවා.

 

ඒකනේ දේවි. ඉතිං ඔය පත්තරේ තියෙනවයි විජේදාස උන්නැහේ බාර ගත්ත කියලත් දේවි?

 

විජේදාස උන්නැහේ කියන්නෙ කිරි බණ්ඩෙ කළ දුටු කල වල ඉහගන්න ජාතියෙ මිනිහෙක් නොවැ.

මේ වගේ පක්සෙක නම බාරගත්තත් කවදහරි රටේ බලය ගන්න අවස්ථාවක් එනව කියල උන්නැහේ දන්නව. ඒ හින්ඳ උන්දැ කියල මේ ගැන තවදුරටත් සාකච්ඡා කොරල  සුදුසු තීරණයක් ගන්නවය  කියල.

දැන් ඉතිං ඔය පාස්කු නඩුයි,  මෛතිරිපාල උන්නැහේ ගේ බයයි එක්ක නිදහස් පක්සෙ ඉරණම තීන්දු වෙයි කිරි බණ්ඩෙ.

ඔින්න බණ්ඩාරනායකගෙ පක්සෙට ගියපු කලක්...

 

සුගලා පුටුවෙන් නැගිට්ටෙ කොළ කැඳ කෝප්පයකින්  කිරි බණ්ඩෙටත් සප්පායම් වෙන්නටෙයි කියමින් ය.

 

#සුගලාගේ සටහන

නවතම ලිපි