SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දිනක දේශබන්ධු හා ටිරාන් යුක්තිය රැගෙන යාපනයට ගියෝය.

එහිදී ලංකාවේ අඩුම මත්ද්‍රව්‍ය භාවිතය ඇති උතුරු නැගෙනහිර කුමන යුක්තියක් වත් හොයන්නට බැරි බව දෙදෙනාම දනී. උතුරේ පාතාලයක් නැත. තිබුණේ ආවා කල්ලිය පමණි. එහෙත් දෙදෙනා ගියේ ඇවිලවීම අරගෙනය.

 

අද මව්බිම පුවත් පත කරුණා අම්මාන් තම කාඩර් වරුන් එක්රැස් කරන ලෙස සරවනන් ට දැනුම් දී ඇති බව සටහන් කර ඇත. පුවත් පත ටිරාන් ගේය. දැන් කොටි නැගිටවීමට අවශ්‍ය සියල්ලත් මර්දනයට අවශ්‍ය පොලිස් ඇමැතිත් , පොලිස් පතිත් එකම බේකරියේ බේක්‌ කරමින් සිට රහ හා පදම බලන්නට එලියට දමා තිබේ.

 

suba 6

 

නාමල් ගේ තරුණ කණ්ඩායම් ජුලේ චන්ග් නෝනා විසින් හමුවෙමින් සංවිධානය කරමින් තෙල බෙදමින් සිටි. ආරංචි හැටියට එකඟ තාවය නාමල් විසින් දිගුකාලිනව පෝට් සිටියට බකට් එක ඇදීමය. බකට් ඇදීමට නම් දේශපාලන ව්‍යපාරයක් මෙහෙයවිය යුතු අකාරයේ බලයක් තිබිය යුතුය. ඒ බලය ගොඩ නැගීම චන්ග් නෝනා කරමින් සිටි. අනෙක් අතින් කරුණා අම්මාන් නැගිටුවා ශ්‍රී ලාංකීය මුහුදු තීරය අනතුරු දායක තැනක් කරවීමේ උපක්‍රමයට භූ දේශපාලනය ගමන් කරමින් සිටින බව වැටහේ. එයින් එදා චීනය ලව්වා ලබබෙන් ගහන්නට බැරි යයි කි මහින්දව යුද්ධයකට ඇද දමමින් සේද මාවත සැකසීමට මුහුදු තීරය නිදහස් කරගැනීම වෙනුවෙන් යුද්ධය අවසන් කරන්නට සියලු පහසුකම් ලබා දුන් ජවිපය නැගිටවීම ජුලේ පළමුව කළාය.

 

suba 1

 

ඉන්දියාව ජවිපය සමග කල සාකච්චා ජවිපයේ රාජ්‍ය තාන්ත්‍රික නොවන උද්දච්ච කම නිසා හා නොදන්නා කම නිසා පලුදු වී තිබේ. රාජිව් ඝාතනයේ අච්චු කරුවකු ගේ මල ගෙදර ජවිපයේ ප්‍රධානියෙක් සහභාගී වීම නිසා ඉන්දියාව ජවිපයෙන් කරුණු විමසා තිබේ. එයට දී ඇති පිළිතුර නම් " කොංග්‍රස් රජයක් බලයේ නොසිටි නිසා තමන් ඒ ගැන ගැඹුරින් නොසිතු බවය " ජවිපය දුන් බොළඳ පිළිතුර ඉන්දියාව ජවිපය ගැන අපේක්ෂා තැබීම දුරස්ථ කිරීමට හේතු වී ඇත. ඝාතනය වුයේ රාජිව් ය. එදා කොටින් මෙන්ම ජවිපයද ඉන්දීය විරෝධී විය. ජවිපය රාජිව් ගේ ඝාතකයාට ගරු කිරීම යනු ඉන්දීය විරෝධය සපථ කිරීමකි. බලය ගන්නට ඉන්නා පක්ෂයක් එවැනි ලද බොලඳ විදියට හැසිරෙන්නේ නැත. ඒ පිළිතුරින් ඉන්දියාව ජවිපය කිසිම අයුරකින් චීන හිතවාදය හා ඉන්දීය විරෝධය අත නොහරින බවට සපථ කරගන්ට තරම් සුක්ෂම බව ලිවිය යුතුය. මෙය ඇමෙරිකාවද වටහා ගෙන ඇති නිසා අමෙරිකාවට අලුත් ජොකියකු අවශ්‍යව තිබේ. ඒ ජොකියා නාමල් බවට පත් කිරීමට ,සාධාරණී කරණය කිරීමට මාධ්‍ය සාකච්චා දෙකකින් බැසිල් පච කර නාමල් ඉදිරියට ගැනීමේ මහෙයුම දියත් කර ඇත.

 

දැන් නාමල් ට අවශ්‍ය වපසරිය කොටි නැගිටවිමෙන් ටිරාන් ගොඩ නගමින් සිටි.නාමල් දැන් රාජපක්ෂ පවුලේ දරුවකු නොව නෙලුම් මලෙන් උපද්දවූ ශුද්ධ වන්තයකු ලෙස බෞතිෂ්ම කිරීමට කවි ගී ලියයි. ජූලේ බරටම වැඩය.ජුලේ විසින් අපේ රට වසර 1980 දශකයට ඔසවා තබමින් සිටි. ඒ සියල්ල සිදු වුයේ පාස්කු බෝම්බය හා ගෝටා ගේ ආගමනය පදනම් කරගෙනය. රට අවුලෙන් අවුලට ගෙනයමින් සිටි.බලය ලබා ගැනීමට ඇති කෑදර කම නිසා විදේශ බලවේග වලට රට පාවා දෙමින් සිටිති.

 

දේශපාලනය හරියට කරන්නට බැරි පිරිස අවසන් මොහොතේ රාජපක්ෂලාට මාවත කපා දී පරාජය වන බව රටේ 2005න් පසු දේසපාලන ඉතිහාසයේ ප්‍රවන තාවයය.මේ වතාවේදීත් සිරි ලංකාව එතනට ලඟා වෙමින් සිටිති. චීන පිලද ඉන්දීය ඇමෙරිකා පිලද යන්න මේ වන විට නිශ්චිත නැතත් සේද මාවතට අවශ්‍ය බාධාව කරන්නට සුදානම් නිසා නාමල් විපක්ෂ නායක කිරීමේ වෑයම අත නොහරිනු ඇත. සැබවින්ම ජවිපය මේ මොහෙත් අප වැන්නන් සතුරා කරගෙන නාමල් ඉස්සිමේ උපක්‍රමයට සහය වනවා දැයි සිතෙන තරමට අභ්‍යන්තර දේශපාලනය ගැන නිද්‍රා සහගත පිළිවෙතක සිටි.

 

උතුර සුදානම්..

 

suba 7

 

උතුරේ අළුත් යමක් සිදු විය. ඒ අරුන් සිද්ධාර් තන් ට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායක ධුරය හිමි වීමය. ආවා කල්ලිය මෙහෙයවූ ඔහු පසු කලක ප්‍රජාතන්ත්‍ර වීම හා රටේ පිළිගත් පක්ෂයකින් දිස්ත්‍රික් සංවිධායක ධුරයක් ලැබීම ඉවසා ගන්නට නොහැකි වෙල්ලාල දේශපාලකයන් අරුන් ට එරෙහිව ගතු කියමින් කොන්දේසි විරහිතව රනිල්ට උදව් කිරීමට ඉදිරිපත් ව ඇත්තේ අරුන් සංවිධායක කමෙන් ඉවත් කරන ලෙසට ඉල්ලමිනි. අරුන් ලාගේ පන්තිය, කුලය සුමන්තිරන් ලාට අවශ්‍ය මරාගෙන මැරෙන්නට පමණි. දෙමල දේශපාලනයේ මුග්ධ නිරුවත අරුන් දරාගන්නේ කෙසේදැයි මම නොදනිමි. එහෙත් අරුන් සුමන්තිරන්ට, විග්නේශ්වරන්ට අවශ්‍ය ලෙස ඉවත් කිරීමෙන් නම් රනිල්ට යාපනයේ චන්ද වෙත ලඟා වීමට නොහැකි වන බව මගේ මතයයි. ඒ අතර කරුණා අම්මාන් කාඩර් වරු එකතු කරන්නේ නම්, යාපනයේ තරුණ පරපුර කල්ලි දෙකකට හෝ තුනකට බෙදීම වැළක්විය නොහැකි අතර භූ දේශපාලනය මෙහිදී සිරියාවේ තියරිය අනුගමනය කරනු ලබන බවට පැහැදිලිය. යාපනය නැවත ඇවිලවීමට අවශ්‍ය සියලු ඉන්ධන,කරුණා සමග රාජපක්ෂ පිල හා විග්නේශ්වරන් සහිත වෙල්ලාල පිල සුදානම් කර ඇත. අරුන් ලා ට ඇත්තේ ප්‍රතික්‍රියා කරමින් ප්‍රචණ්ඩ වීමට පමණි. එහෙත් එසේ නොවේවා යි පතමි.

 

arun 4

 

 

ඒ අනුව 80 දශකයේ අවිගත් කණ්ඩායම් සියල්ල වෙනත් ආකාරයෙන් නැගිටුවා අවි ගැනීමට ආසන්න මට්ටමට භූ දේශපාලනය රට පුරාම කටයුතු කර අවසන් ය. දැන් ඇත්තේ කොහෙන් හරි පුපුරා යාමට ඇති කාල බෝම්බයකි. එනයින් ලංකාව මේ දේශාපලන නාටක අවසන් කර සාර්ථක රටක් වීමේ සිහිනයට දුර වෙමින් පවතී. ආසියා පැසිෆික් කලාපයේ භූ දේශපාලනයට හා මුදලට,බලයට වහල් වී නැවත රට ගිනි තැබීමට සියලු පහසුකම් සුදානම් වී ඇති බැවින් බුධ්දිමත් ව දේශපාලනය කරමු. මෙවර සිදුවන්නේ ආදරයේ අරගලයක් නොව ලේ සහිත අරගලයකි.

 

@සුභාෂිනී විෆ්ලර්

විධායක අධ්‍යක්ෂිකා

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්තානය

ජර්මනිය.

 

නවතම ලිපි