SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කොහ්ල් ගැන ඊයේ ශ්‍රී ලංකාව තුළ ගෞරවාන්විත සිහිකිරීමක් සිදුවුණි.

ඒ ඔහු විසින් ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයට ලබාදුන් ඇදන් 600 කින් යුතු අති නවීන මාතෘ රෝහල විවෘත කිරීම නිමිත්තෙනි.

මේ අපූරු මිනිසා 2017 වසරේදී මිය ගිය ද ඔහු විසින් ලබා දෙන ලද ඒ මාහැගි පරිත්‍යාගයේ විපුල ප්‍රයෝජනය ඊයේ සිට අත් විඳින්නට උදාර මාතෘත්වයට ඉඩහසර ලැබුණි.

 

karapitiya

 

සුනාමි බේදවාචකයේදී හෙල්මුට් කෝහ්ල්

 

සුනාමි ඛේදවාචකය වනවිට ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝහ්ල් නිවාඩූවක් ගත කිරීමට ශ්‍රි ලංකාවට පැමිණ සිටියේ ය. දෙසැම්බර් 26 දිනක ඔහු සිට ඇත්තේ ගාල්ලෙ කොටුව ප්‍රදේශයේ ය. ඔහු පැමිණ සිටින වග දැන සිටි රජය ඔහුව ආරක්ෂාකාරීව කොළඹ ගෙන ඒමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ජනාධිපති කාර්යාලයේ උවදෙස් පරිදි යවනු ලැබීය.

 

එහිදී ඔහු ගුවන් හමුදා නියමුවන්ට ඔහු දැනුම් දී ඇත්තේ තමන් ඉතා ආරක්ෂාකාරීව සිටින නිසා විපතට පත් අයව ගලවා ගැනීමට එම හෙලිකොප්ටරය යොදා ගන්නා ලෙසයි. ඉන්පසු ඔහු ගාල්ල මහමෝදර රෝහලේ (මාතෘ රෝහල) රෝගීන්ට උදව් කිරීමට ගොස් තිබේ. පැය කිහිපයක් එහි සිටි නේවාසික රෝගීන් වහ වහා ඉවත් කිරීමේ සහන සේවාවලට සහාය වී ඇත.

 

එවකට එම රෝහලේ තිබූ සැබෑ තත්ත්වය දුටු හෙල්මුට් කොහ්ල් නවීන මාතෘ රෝහලක් ඒ ප්‍රදේශයට ලබා දීමේ අදහස ඇති කරගෙන තිබුණි. ඊයේ විවෘත වූ ඇදන් 600 කින් සමන්විත අති නවීන මාතෘ රෝහල එදා හෙල්මුට් කොහ්ල් චාන්සලර්වරයාට පහළ වූ අනගි සිතුවිල්ලේ අග්‍ර ඵලය යි.

 

මේ සුනාමිය දා බන්දුල ගුණවර්ධනගේ කෙරුවාව ලුහුඬින්....!

 

එවකට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන ඒ අවස්ථාවේ සිය දරුපවුල සමග ලාහුගල අරුගම්බේ සංචාරක හෝටලයක නිවාඩුවක් ගත කරමින් සිට ඇත. ඔහුටද සිය දරු පවුල සමග කොළඹ පැමිණීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මහින්ද රාජපක්ෂගේ උවදෙස් මත එහි යවා තිබේ. හෙල්මුට් කෝල්ට මෙන්ම ඔහුට සහ ඔහුගේ දරු පවුලේ කිසිවෙකුට ද සුනාමි ජල බිදකින් හෝ අතුරු ආන්තරයක් සිදුවී නැත.

 

එහෙත් එම හෝටල් භූමියට නුදුරේ මුහුදු වෙරළට යාබදව විසූ සැළකිය යුතු පිරිසක් විශාල ලෙස අනතුරුට ලක්වී තිබේ.

 

තිබුණු අතර කුඩා දරුවන් , වැඩිහිටියන් රැසක් ගස් උඩ නැග ගනිමින් දිවි බේරා ගැනීමට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී තිබේ , තවත් දරුවන් කිහිප දෙනෙක් ගොඩ ගැලූ වැලි සහිත මුහුදු ජලයේ පෙවී බරපතල තත්වයක පසුවී තිබේ.

 

වෛද්‍යවරියගේ අත ගසා දමා සිය දරුපවුල සමග ගුවනට ගිය බන්දුල.

ගුණවර්ධනලා සිටි හෝටලය සිටි හෝමාගම ප්‍රදේශයේම වෛද්‍යවරියක් සහ ක්‍රීඩා පුහුණු කරුවකු වූ ඇයගේ සැමියා ඉහත හෙලිකොප්ටර් යානයේ නියමුවන් ගෙන් ඉල්ලා ඇත්තේ මන්ත්‍රීවරයා ගෙන යාමට ප්‍රථම අසාධ්‍ය තත්වයේ පසුවන මුහුදු ජලයේ සමග වැලි පෙවී ඇති දරුවන් වහා රෝහලට ගෙන ලෙසයි. එහෙත් එම ගුවන් නියමුවන් ඔවුන්ට ප්‍රකාශකර ඇත්තේ තමන් පැමිණියේ VIP කෙනකු රැගෙන යාමට බැවින් ඔහු උවදෙස් දෙන්නේ නම් ඉහත දරුවන් රෝහල කරා ගෙන යා හැකි බවයි.

 

වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරිය සහ ඇයගේ ස්වාමි පුරුෂයා බන්දුල ගුණවර්ධන සිටි ස්ථානයට ගොස් ඉහත දරුවන්ගේ තත්වය දැනුම් දී ඔවුන් රෝහලට ගෙන යාමට ගුවන් නියමුවන්ට උවදෙස් දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියද බන්දුල ගුණවර්ධන එකී ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර තම දරුපවුල සමග (ඔහු සමග එහි ගොස් සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිස්ද එහි සිටිය දී) ගුවන් ගතවී තිබෙනවා.

 

හෙල්මුට් කොහ්ලා අපට කවදා හමුවෙනු ඇද්ද ....?

poddala 2

 

අදාළ වෛද්‍යවරිය එම ක්‍රීඩා පුහුණුකරු කොළඹ පැමිණ දින කිහිපයකට පසු මේ විස්තරය මා හමුවී දැනුම් දුන් අතර "සිළුමිණ" සම්පූර්ණ පිටුවක් පුරා ඒ නින්දිත වැඩේ මම එදා දිග හැරියේ ජර්මන් චාන්සලර් හෙල්මුට් කෝහ්ල් ගැනත් ගෞරවණීයව සඳහන් කරමිනි.

 

රටේ පොදු මහජනතාවට අයිති ධනය රිසිසේ කොල්ල කන , උන් උන්ගේ දරුමල්ලෝ ගැන හැර අන් දරුවෝ ගැන අබමල් රොනක තැකීමක් නැති , තුච්ඡ නින්දිත දේශපාලකයන් වෙනුවට හෙල්මුට් කොහ්ල්ලා වැනි දේශපාලකයෝ අපට කවදා හමුවෙනු ඇද්ද ?

 

@පෝද්දල ජයන්ත

නවතම ලිපි