SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන

නිර්මාණශීලීත්වයක් නැති නායකයින් ඵලක් නැතැයි මව්බිම ජනතා පක්ෂ නායක ව්‍යවසායක දිලිත් ජයවීර  කියයි..


'ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් උදෙසා “යන අරමුණ පෙරදැරි කරගෙන මාතර ග්‍රෑන් නැව්රෝ හොටලයේ පසුගියදා (10) පැවති “මව්බිම ජනතා පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුම අමතමින් ඔහු ඒ බව කියා ඇත.


 
''පුහු මිනිසුන් වටකරගෙන තනාගත් ආණ්ඩුව ඊලඟ IMF වාරිකය ගන්න පුංචි දරුවන්ගේ පුංචි කවකටු පෙට්ටියටත් අද වැට් එක ගහලා. රුපියල් දෙදහස් පන්සියයයෙන් පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියන ගොබ්බ ආණ්ඩුවක් මේක. ණය කළමනාකරණය කියන්නේ  මගේ ජීවිතයේ එක කොටසක්. වසර තිහක් පුරා මගේ ව්‍යාපාර ක්ෂෙත්‍රයේ ඇඟේ තියෙන එකක්. ණය කළමනාකරණය කළයුත්තේ ඒ සඳහා නිපුත්වයක් ඇති පිරිස මිස කටමැට දොඩවන අය නොවෙයි. අපිට වැරදුන තැන් ගැන වැලපෙමින් ඉන්නේ නැතිව අපි සාම්ප්‍රදායික දේශපාලන මඩවලෙන් මිදී විධිමත් වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. සතුටු දැයක් ගොඩනැංවීම තුලින් අපි කරන්නට උත්සාහ කරන්නේ අන්න ඒ සාම්ප්‍රදායික ගමන් මගින් වෙනස්ව හරි ගමනක් තුලින් මේ රට ගොඩනැගීමයි. 



මේ රට ගොඩනැගීමටනම් සම්ප්‍රදායකව නොසිතා උපායමාර්ගික වැඩපිළිවෙළකට යායුතුව තිබෙනවා. එසේ නොමැතිව මේ රට ගොඩනගන්න බැහැ. අපි ඒ සඳහා සංවාදයකට යවා යුතුව තිබෙනවා. අද ලොකයේ සංචාරක කර්මාන්තය දියුණු වෙමින් තිබෙනවා. කලකට පෙර අපට අපට ලැබුණු සංචාරක ආදායම සියයට හතලිහකින් අඩුවී තිබෙනවා. එලෙස සිදුව ඇත්තේ අප රටට එන සංචාරකයින්ගෙ තත්වය මතයි. අපේ රටේ සංචාරක ව්‍යාපාරය සන්නාමයක් බවට පත්කළ යුතුව තිබෙනවා. එසේ නොමැතිව යන්න රටකත් නැතිම තැන ලංකාව තෝරාගන්නා තැනට නොවෙයි. සංචාරයට යන්න හිතෙන තැනක් ලෙස අපි සංචාරක ව්‍යාපාරය දියුණු කළ යුතුයි. ඒ රටට ඩොලර් ලැබෙන ශක්තිමත් කර්මාන්තයක්  ලෙසයි.

 

නිර්මාණශීලීත්වයක් නැති නායකයින් ඉන්න රටේ දරුවොයි, ඉපදෙන්න ඉන්න දරුවොයි ඔක්කොම උකසට තබන නායකයින් තවත් අපිට වැඩක් නෑ. මේ රටට අවශ්‍ය වන්නේ නිර්මාණශීලගී නායකයින්. අපි එකතුවිය යුත්තේ සාම්ප්‍රදායික වශයෙන් පරණ දේම කරන්නට නොව අලුත් දේ අරගෙන අලුත් විදියට හිතන නිර්මාණශීලී විදියට හිතය අයයි. නිර්මාණශීලීව මේ රට ගොඩනගන විට අනෙකුත් ජාතීන්, ආගම් අතර ගැටුම්,  සිත්බිඳීම් ඇති කර නොගෙන ඒ දේ කරගත යුතුව තිබෙනවා. නමුත් මේ රටේ ඡන්දයක් එනවිට හැමදාම භාවිත කළේ මේ භේද ඇති කිරීමේ ක්‍රමයයි. ඉන් වාසි ගෙන දිනන්න ඒ අය උත්සාහ කළා. එම තත්වයට මින් ඉදිරියට ඉඩ නොදිය යුතුයි".

 

 

 

නවතම ලිපි