SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ගොඩයමු" කල්ලිය හෝ ධනනාත් සමග අප පැවැත් වූ සංවාදයට සහභාගී වී සිටි චතුරංග වෙත කොමෙන්ට් කල අයෙකු ප්‍රකාශ කලේ ඔහු

මාස් හෝල්ඩින් ආයතනයෙන් මසකට ලක්ෂ 15ක වැටුපක් ලබන බවයි (එහි ඇත්ත නැත්ත අපට අදාළ නොවන අතර ඔහුගේ අදායම ඊටත් වඩා බොහෝ සෙයින් වැඩි විය හැකිය).

 

මේ වීඩියෝවේ චතුරංග විසින් ප්‍රකාශ කොට සිටිනුයේ ඔහු ගොඩ ගොස් ඇති බවය. එසේම කවුද "තුමෙකු" ද පෙන්වා ඔහු ද ගොඩ ගොස් ඇති බව පවසයි. ගොඩ නොගොස් ඇති බහුතරය සම්බන්ධයෙන් චතුරංග එහිදී ඉතා සංවේදී වේ.

 

 

 

චතුරංගගේ පියා විශේෂඥ වෛද්‍යවරයෙකි. එවැන්නෙක් යනු මසකට අවම ලක්ෂ 50ක් පමණ උපයා ගත හැකි අයෙකි (බොහෝ විට ඊට වඩා වැඩි විය හැකිය). එසේ බලන කල චතුරංග දේශපාලනයට පැමිණෙනුයේ සකල ශ්‍රී ලාංකීය දුක් විඳින ජනයා දුකින් මුදවාගැනීම සඳහාය. ඒ තමන් දුකින් මිදී ඇතත් තමන්ට ඇති එකම දුක වන සුවහසක් ජනයාගේ දුක වෙනුවෙනි.

 

බුදුන් පිළිබඳව ජනප්‍රිය කතිකාව ද ඊට සමානය. නමුත් සිද්ධාර්ථ රජ සැප අත්හැර නික්ම ගියේ කලකිරීමට පත්ව බව ද එම කතිකාව තුලම අඩංගු වේ. කලකිරීමට පත්වීම තම ආත්මීය ප්‍රශ්නයක් වන අතර ජනයා දුකින් මුදවාගැනීමට ඉදිරිපත්වීම ඊගොව පිලිබඳ ප්‍රශ්නයකි. එනම්, චතුරංගට තමන්ගේ පාඩුවේ රජ සැප විඳීමට තිබියදී සුවහසක් දුක්විඳින "ජනතාව" වෙනුවෙන් ඔහු ඉදිරියට පැමිණ ඇත. එහෙත් ඔහු එසේ පැමිණ ඇත්තේ මෙම යථාර්තය භාරගැනීම තුල මිස ඒ පිළිබඳව කලකිරීමෙන් (එය ප්‍රතික්ෂේප කිරීමෙන්) නොවේ. ඔහු ගොඩගොස් ඇති බව ඔහු පවසන්නේ එබැවිනි. ඒ අනුව ඔහුට අවශ්‍ය වී ඇත්තේ යථාර්ථයේ අඩු පාඩු සකස් කොට ජනතාව දුකින් මුදවා ගැනීමයි. නමුත් ඒ සසර දුකින් මුදවා ගැනීම සඳහා නොව සමාන ලෙස පාරිභෝජනයට පිවිසීමේ සමාන අවස්ථාව සියලු දෙනාට උදාකොට දී දුකින් මුදවා ගැනීම සඳහාය. රනිල් මේ අකාරයෙන් කඳුළු නොසැලුව ද ඔහු ද ඉදිරිපත්ව ඇත්තේ ඒ සඳහාය. ඔහු ඒ සඳහා ඉදිරිපත්ව ඇති විකල්ප වීරවරයාය.

 

මිනිසුන් දුක් විඳීම පිළිබඳව සංවේදීතාවයක් චතුරංග හට නොමැති බවක් ඉහත පැහැදිලි කිරීම තුලින් අදහස් නොකෙරේ. ඔහු හඬන්නේ සැබෑවටමය. නමුත් ඔහුගේ හැඟීම සමාන වන්නේ, උදාහරණ ලෙස, දෙවන ලෝක යුද්ධය සමයේ ප්‍රකට චරිත වූ ඔස්කාර් ස්චින්ඩ්ලර් ("Schindler's List" චිත්‍රපටය) නමැති කර්මාන්තශාලා හිමියාට සහ මේරි ජේන් ගෝල්ඩ් නම් ධනවත් ප්‍රභූ ඇමරිකානු තරුණ ස්ත්‍රියටය. ස්චින්ඩ්ලර් නාසි සමූලඝාතන සමයේදී යුදෙව්වන් 1,200 කට අධික පිරිසකගේ ජීවිත බේරාගැනීමේ ගෞරවයට පාත්‍ර විය. එසේම මේරි ජේන් ගෝල්ඩ් ("Transatlantic" ටෙලි මාලාව) යනු දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි-ආක්‍රමණයට යටත් වූ ප්‍රංශයෙන් පැන යාමට යුරෝපීය යුදෙව්වන්ට සහ බුද්ධිමතුන්ට උපකාර කිරීමේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ ඇමරිකානු ප්‍රභූ සහ ඉතා ධනවත් පවුලක වීරවරියක් ලෙස සැලකේ. එම ප්‍රයත්නයට අල්ලස් දීම සඳහා පහසුකම් සලසමින් ගෝල්ඩ් විසින් ඇයගේම මුදලින් සැලකිය යුතු මුදලක් (1940 දී ඩොලර් 5,000 ක් පමණ, අද වන විට දළ වශයෙන් ඩොලර් 95,000 ට පමණ සමාන) පරිත්‍යාග කල අතර දිවි හිමියෙන් ඒ වෙනුවෙන් සටන් වැදුනි. එසේම ඇයගේ පියාගෙන් මුදල් ඉල්ලා නොලැබෙන විට ඉතා අවධානම් සහගත ලෙස බ්‍රිතාන්‍ය ඔත්තු සේවය වෙනුවෙන් මුදලට වැඩ කරයි. වෝල්ටර් බෙන්ජමින්, හැනා ඇරන්ඩ්ට් වැනි අය පවා මුදවා ගනු ලබන්නේ ඔවුනගේ "හදිසි ගලවා ගැනීමේ කමිටුවේ" මෙහෙයුම් යටතේය. වෝල්ටර් බෙන්ජමින් අභිරහස් ලෙස මිය යන්නේ ඇය සහ වේරියන් ෆ්රයි නමැති මාධ්‍යවේදියාගේ මැදිහත්වීමෙන් ෆ්රංශයෙන් පලා යන අතරතුරය.

 

ඉහත උදාහරණ සපයන ලද්දේ චතුරංගගේ භූමිකාව තේරුම් ගැනීම සඳහාය. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ ස්චින්ඩ්ලර්, ජේන් ගෝල්ඩ් වැනි අය කෙතරම් උසස් මානව හිතවාදීන් ද යන්නයි. ලිබරල් සමාජයේ උත්තුංග පරමාදර්ශයන් වන්නේ ද මෙවැනි චරිතයි. ජවිපෙ සාමාජිකයින් චතුරංග වැනි අයට දැඩි ගරුත්වයක් දක්වනුයේ ඉතා හොඳ ධනවත් පවුල් පසුබිමක් සහිතව සිටිමින්, අධ්‍යාපනයෙන් ඉහලටම පැමිණ සිටියේදී, මෙසේ පරහිතකාමීත්වය වෙනුවෙන් කැප වී සිටීම ගැනය. නමුත් අප විවේචනය කල යුත්තේ සහ ප්‍රතික්ෂේප කළ යුත්තේම එයයි. විමුක්ති දේශපාලනයේ ආත්මය පැනනගිනුයේ මරමාදර්ශ වලින් මිදීම තුලය.

 

@spartacus.lk

නවතම ලිපි