SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොතක් ලිවීමට තරම් දැණුමක් අවබෝධයක් ගෝටාට ඇතැයි මාතලන් නම් සිතන්නේ නැතිය.

මේකත් ඩෝල්ටන් අල්විස් පන්නයේ, සී ඒ චන්ද්‍රප්‍රේම මගෝඩියක් වීමේ සම්බාවිතාවයද ඉතා ඉහළය.

 

කෙසේ හෝ පොතේ නම ලෙස යොදා ඇති, -"ජනාධිපති ධූරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය"- යන නම වෙනුවට, "අයියට කෙලින්නට ගොස් පවුලම ඉල්ලන් කෑම" ලෙස නම් කළේ නම්, අලෙවිය තවත් වැඩි වන්නට තිබුනේය.

 

පොත පිළිබඳව වඩාත් නිවැරදි විචාරයක් කර තිබූ පාඨලී චම්පික රණවක සඳහන් කළේ... මෙය... // හේතුවයි කුමන්ත්‍රණයයි ඵලයයි තුනම ගෝඨාබය රාජපක්ෂ බව අපූරුවට හෙලිකරනා ලියවීමක් බවය//

 

ඔහු මෙසේ කියයි....

“ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පලවා හරින්න ඔය කියන විදියේ කිසිම කුමන්ත්‍රණයක් තිබුනේ නැහැ. එහෙම කුමන්ත්‍රණයක් තිබුණා නම් ඒක ඒක එතුමාගේම ක්‍රියාමාර්ගවල, එතුමාගේ ආණ්ඩුවේම ක්‍රියාදාමවල ප්‍රතිඵලයක්. කවුරුහරි හිතනවා නම් සති තුනක් තෙල් ගහගන්නේ නැතුව මිනිස්සු තෙල් පෝලිම්වල මැරෙද්දි ගෑස් නැතුව ගෙවල්වල මිනිස්සු වැලපෙද්දී, පැය දොළහක් ලයිට් කපද්දී, අත් දෙක බැඳගෙන නිකන් ඉඳියි කියලා, මේ රටේ මිනිස්සු කවුරුහරි හිතනවාද මේ අවුරුදු තුන්දාහක ඉතිහාසයේ මිනිස්සු එහෙම කටයුතු කරයි කියලා. ඒක ලොකු වැරදීමක්.”

 

“ඉතින් ඒක කුමන්ත්‍රණයක් හැටියට විග්‍රහ කරලා, ප්‍රශ්නෙ යට ගහන්න අර හිතේ අමාරු සමහන් කරගන්න හරි, කටයුතු කළාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කෘතියෙන් එහෙම ඔය කුමන්ත්‍රණ වගතුවක් ගැන ලොකුවට ප්‍රකාශ වෙලත් නැහැ. ඒ මුළු කෘතියම මම කියෙව්වා. ඒකේ එහෙම එකක් නැහැ.”

 

 

ඇත්තටම ගෝඨාට සිදු වූයේ කුමක්ද?

 

ඇත්තටම ඔහුට සිදු වූයේ කන්න දුන්න අත හපාකෑමේ ආනන්තරීය පාප කර්මයට මුහුණ දීම මිස වෙන කිසිවක්ම නොවේය.

ඔහුට හා ඔහු දක්කාගෙන ආ පිරිසට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වූයේ ඔහු තවත් රාජපක්ෂ කෙනෙකුන් නොවනා බව පෙන්වීමය. ඔහු ජාතික ඇඳුම් ඇඳ සාටක බෙල්ලේ ඔතා ගත්තේ නැතිය. අප වැනි මධ්‍යස්ථ මතධාරීන්ද ඔහු වෙත ආශක්ත වීමේ ප්‍රධානම හේතුවක් වූයේ මෙයය. මීට අමතරව ආරක්ෂක ලේකම් ලෙස ඔහුගේ යුද්ධයේ භූමිකාව, නාගරික සංවර්ධනය තුල කොළඹ නඟරය ලොව පිරිසිඳුම හා අලංකාර නඟර අතරින් එකක් කිරීම මෙන්ම, ඔහු දේශපාලුවෙක් නොවීමද ඔහුගේ ජයග්‍රහණයට බොහෝ සෙයින් ඉවහල් වූයේය.

කැම්පේන් එකේ මුල සිටම වියත් මඟ හා බැසිල්ගේ බයියන් අතර මත ගැටුම් බොහෝ තිබුනේය. කෙසේ හෝ එවකට පැවති බයි චන්ද ප්‍රමාණය වූ ලක්ෂ 49 අභිභවා ගොස්, ජනපතිවරණයේදී තවත් ලක්ෂ 20 ක්ම එකතු වූයේ, මා ඉහතින් සඳගන් කළ හේතූන් නිසාවෙන්මය.

 

රටක පාලකයා හා ආන්ඩුව ලොව කිසිඳු රටක කිසිම දිනෙක ජනප්‍රිය වන්නේ නැතිය. වඩාත් ජනප්‍රිය වන්නේ විපක්ෂය හා ආන්ඩුවට හා පාලකයාට එරෙහි සංවිධාන හා බලවේගයන්ය. මහ පොළොවේ යතාර්තය එයය. ඒවා කුමන්ත්‍රණ ලෙස දකින්නේ... දේශපාලනය හා ඊට මුහුණ දිය යුතු ආකාරය නොදන්නා අමු ගොබ්බයන්ම පමණි.

 

විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යන්න කුමක්දැයි නොදන්නා අප වැනි ගෝත්‍රික ජනතාවක් වෙසෙනා රටක, ඊට මුහුණ දිය යුතු හොඳම ක්‍රමය මර්ධනයම බව කියන්නේ අප නොව, ලාල් කාන්ත සඕදරයාමය. අමු තිත්ත ඇත්ත මෙයය.

ගෝටා බලයට පැමිණි දින සිටම නැටුවේ අනුන්ගේ පදවලටය. කෑවේ දිරච්ච ළණුය. බදු අඩු කිරීම, ගූ පෝර, කොවිඩ් ලොක් ඩවුන් ඒ අතරින් කීපයක් පමණය. ක්ෂිතිජයෙන් එහා ලොවකට අප රැගෙන යනවා යැයි කියු විරුවා, අධි වේගයෙන් අප රැගෙන ගියේ 70 - 77 සාපකාරී ගෝත්‍රික ළිං මැඩි දේශයකටය.

 

එපමණක් නොව අනෙක් රාජපක්ෂලා සියල්ලම දේශපාලනයෙන් එලවා දමා, රාජපක්ෂ විරෝධීන්ගේ වීරයා වීමේ භූමිකාව ඔහු ඉතා සාර්ථක අයුරින් රඟපෑවේය. එය කොතරම් සාර්ථක වූයේද යත්, තම දෙමව්පියන්ගේ සොහොන් මෙන්ම මහගෙදරටද කෙලිනකන් ඔහු ආතල් එකේ සිටියේය.

 

ගෝල්ෆේස් එකේ කූඩාරම් ගැසීමේ භයානක කම ඔහුට තේරුම් ගියද, කමල් ගුණේ, ශවේන්ද්‍ර හා ගොබ්බ පොලිස්පතියා දුන් ලණු ඔහු දිගටම කෑවේය. කූඩාරම් වලින් නොනැවතුන ගෝඨාගේ අරගල සුරතලුන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අට්ටාලයකුත් ගැසුවේය. ඊට ඉඩ දුන් මේ ගොබ්බයා මිරිහාන ගේ ගිනි තැබීමෙන් හෝ පාඩමක් ඉඟෙන නොගෙන, ජනාධිපති මන්දිරයට පසුබැස්සේ, මම බේරිලා අනික් උන්ට කෙලවෙලා ගියත් කමෙක් නැත යන සිතිවිල්ලෙනි.

 

අරගලකරුවෝ ඉන් නැවතුනේ නැත. උන් මහින්ද රාජපක්ෂට කෙලින්න අරලියගහ මැදුර ඉදිරියේද කඳවුරු බැඳ ගත්තේය. බයියන්ගේ මල පැනීම උපරීමයට ලඟා වෙමින් තිබූ අතර, මහින්ද පවුල හා මහින්ද හිතවාදීන්ද ගෝටා ගෝ හෝම් සටනට වක්‍රාකාරයෙන් සම්බන්ධ වී සිටියේය. එහෙත් බයියන් නා ගත්තේ ඝෝටාට ෂොට් එක දෙන්න යන අතරමග තිබූ අරගල භූමියට කෙලින්නට යාම නිසාය. එසේ නොකොට ඒ මැදින් අරගලයට ජයවේවා කියමින් ගියා නම්, ගෝටා නැවෙන් පැන යන්නේ එදිනය. ඊටද සූදානමක් තිබූ බව දැන් පැහැදිලිය.

 

ගෝඨා කොතරම් නෝන්ජල් නායකයකුද යත්, මැයි 9 වනදා අමරකීර්තී අතුකෝරාල මරා දමා තම පාක්ෂිකයින්ගේ නිවෙස් විනාශ කරමින් සිටියදි... ඇඳිරි නීතිය දමා හමුදා කැඳවීමක් නොකළේ... තමන්ට බයියන් හා පැවති වෛරය නිසා වන්නටද පුලුවනිය.

කෙසේ හෝ ඔහුද රාජපක්ෂ පවුලේ සාමාජිකයකු බව ඔහුට අමතකව තිබුනේය. මහින්ද අගමැති ධූරයෙන් නෙරපීමෙන් පසු සියල්ල යහපත් අයුරින් සිඳුවේ යැයි යන්න ඔහු බලාපොරොත්තු වූ බව ඔහුගේ පල්හෑල්ලෙන් පෙනෙන්නේය.

 

අරගලය ඉන් නැවතුනේ නැතිය. එය ගෝටා මෙන්ම රනිල්ටද ෂොට් එක දීමට වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබින. දේශපාලනයේ පරිනත රනිල් වික්‍රමසිංහ ඊට එරෙහිව උපක්‍රමිකව සන්නද්ධව සිටියද, මොළ 7 ක් තිබෙනවා කියූ බැසිලස්ලාට මෙන්ම ගොබ්බ ගෝඨාට එවන් දැණීමක් තිබුනේ නැතිය.

 

එබැවින් යාන්තමින් පණ බේරාගෙන මාලදිවයිනට පැනගත් ගෝටා හා බැසිල්, මේ රටේ එතෙක් මෙතෙක් පහළ වූ පීචංම පාලකයා හා පුරෝහිතයා ලෙස ඉතිහාසයට එක් වූ අතර, දේශපාලනය තුල පරිනත නායකයකු වූ රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති විය.

 

එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා යමක්ද මෙහි ලියා තැබිය යුතුමය.

අරගලකරුවන්ගේ සැලසුම වූයේ රනිල්ද එලවා දමා කතානායකවරයා ජනාධිපති කොට ඔවුන්ගේ පාලනයක් ගෙන යාමටය. එහෙත් රනිල් මේ ගැන කතානායකවරයා දැණුම්වත්කොට තිබුනා පමණක් නොව, තම නිවස ගිනි තැබීමෙන් පසු අකුරේගොඩ හමුදා මුලස්ථානයේ ආරක්ෂාව සඳහා ගොස් සිටියදි එහි පැමිණි ශවේන්ද්‍ර උන්නැහේ... දැන් සරූත් රෙසිග්නේෂන් දුන්නා නම් හොඳයි කී වෙලේ... ඌට කින්ඩියට .. ඒකට තමා මේ යන්නේ කියා... කොල්ලුපිටිය පන්සලේ ජනාධිපති ලෙස දිවුරුම් දී අදටත් ශවේලා හොල්මන් කරන කරුනක් වන්නට ඇතිය.

 

එදා මිරිහානට ආ උන්ට කඳුළු ගෑස් සමඟ බැටන් චාජ් එකක් දුන්නා නම් අදටත් ජනාධිපති මේ පොත පෙරලන ගෝඨාම බව ඒ ගොබ්බයාට අද හෝ අවබෝධයක් ඇත්තේ නැතිය.

ඒ වගත් මෙසේය....

 

@Priyantha Hewage Mathalan

.

නවතම ලිපි