SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝටා ගේ පොත ලිව්වේ ගිනිගේ බව ට කියවේ. ගිනිගේ පත්තු කර ඇත්තේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගින්නකි.

ජාතික ගින්න නම් ගිනිගේ අදහන කඳවුරේ රණ විරු ගාය නමැති අතිශය සමාජ භිතිකාවකට තුඩු දී ඇති මවා ගත් වීර කම හා එයින් තෘප්ත කරන මැර කම නිරුවත් කිරීම ය. දුර්වල කම වසා ගන්නට ජනතාවට බියක් හා බොරු ගරුත්වයක් මැවූ ප්‍රොපගන්දාව ආපසු කැරකවීමය.

 

රටේ සිවිල් යුද්ධයක් මර්දනය කල හමුදාව ලෝකයේ මානුශියම, හොඳම හමුදාව බවට පත් කලේ වචනාර්ථයෙන් ගිනිගේ ලාගේ කඳවුරය. ගෝටා දිස්ත්‍රික් 25 ට හමුදා සම්බන්ධිකාරක වරුන් 25 ක් පත් කරගෙන සඟ සභාවකින් පමණක් උපදෙස් ගෙන රට කරවන හැටි අපි දුටුවෙමු.

කුමන්ත්‍රණය විසින් සුව කල රණවිරු ගාය හා හමුදා ප්‍රධානීන් ගේ ඉල්ලා අස්නොවිම.

ගෝටා හා ඔහුව පත් කල 69 ලක්ශේ කඳවුර රණ විරු ගායෙන් ඔද්දල් වී සිටියහ. රටක හමුදාව යනු අභිමානවත් කොටසකි.ඔවුන් රටේ පෞරුෂය වන විට එහි විනය නිවැරදි බව, හා ලෝක මට්ටමේ පුද්ගලයන් වීම වැදගත් ය. හමුදාවේ ප්‍රධානීන් විශ්‍රාම ගිය පසු දේශපාලනයට එන රටවල් ලෝකයේ පැවතියත් දැන් එම ප්‍රවනතාව අවම වෙමින් පවතී. අවම මට්ටමෙන් දශක දෙකකට එහා අමෙරිකානු , රුසියානු රටවල හා අරාබි වසන්ත වලින් පසු අරාබිකරයේ ද එවැනි දේ සිදුවන්නේ නැත. ජනතාව එවැනි නායකයන් ගෙන් පාඩම් ඉගෙන ගෙන ඇති නිසාය.

 

ගෝටා ගියේ හමුදා රාජ්‍යයක් සඳහා යන ගමනකි. ඒ ගමන ට තිරිංග දැමුවේ ජනතාව විසිනි. ගෝටාගේ පොතෙන් හෙළිවන හමුදා කුමන්ත්‍රණය පාර්ලිමේන්තුව අසලදී පත්තු වීමට යන බව අපට වැටහුණි. හමුදා සෙබළුන් දෙදෙනෙක් ආයුධ බිම තබා සරත් ෆොන්සේකා වෙත එන මාධ්‍ය දරශන දකිත් ම ගෝටා ට වටහා ගැනීමට නොහැකි දේ අප මෙහි සිට වටහා ගතිමු. සවේන්ද්‍ර සිල්වා හා ජුලි චන්ග් සමග දුරකථන සංවාද හා ඉන්දීය සංචාරය තුල තිබුණු අරමුණු බොහෝ දෙනෙකුට වැටහුණේ නැත. හමුදා කුමන්ත්‍රණයක් ගැන ලියු සටහනට විරුද්ධ ව අවි ඔසවාගෙන ආවේ ජවිපයේ ප්‍රචාරක කටයුතු කල සමන් රෝහිත වැන්නන් ය. අද ගෝටා ගේ වචනයෙන් ගිනිගේ ගේ ගිනිකුරු වලින් සත්‍ය ලියවීම සතුටකි. එදා මේ කුමන්ත්‍රණ ය දැනගෙන සිටි කිහිප දෙනා මේ කටයුත්තට ආශීර් වාද කල බවට වටහා ගතිමි. එය රටේ ගිනිගෙන දැවුණු කුසගින්න,පෝලිම් හා කඩා වැටීම උපයෝගී කරගෙන ගහන්නට හැදු වෙනම ගේමකි.මා නිතර කියන ගේම් කරුවන්ට අසු වී ඇති මිලියන 22 ක ජනතාවක් සිටින එළිමහන් සිර කඳවුර ගැන අදත් කියමි.

 

ගිනිගේ මේ ව්‍යාධිගත හමුදා බලය නමැති කරුණ ට ගිනි තියයි. එදා සිරිමා බණ්ඩාරනායකට එරෙහිව කරන ලද හමුදා කුමන්ත්‍රණය පරාජය වුවාට පසු ලංකාවේ සිදු වූ හමුදා කුමන්ත්‍රණය ලෙස ගෝටා ගේ පොත මේ සිද්ධිය ව්‍යංගයෙන් තහවුරු කර ඇති බවට වටහාගත හැකිය. ජනතා අරගලයට ප්‍රචණ්ඩත්වය එක් කලේ හා සාමකාමී අරගලයේ ගිණුමට බැර කර සිංහ රාජයේ පවා තිබු ගෙවල් ගිනි තැබුවේ සංවිධානාත්මක ව බව ගෝටා ගේ පොත මෙයින් සපථ කර ඇත. ගෝටා විසින් අරගල කරුවන් නිර්දෝෂී ජන බලයක් ලෙස මෙනයින් දැන හෝ නොදැන තහවුරු කර ඇත. එය සතුටකි.

 

සිරිමා බණ්ඩාරනායක රජය ට එරෙහි කුමන්ත්‍රණයට පසුව ලෝකයේ පරාජය වූ වැදගත් ම හමුදා කුමන්ත්‍රණය 2016 ජනවාරි සිදුවූ තුර් කි හමුදා කුමන්ත්‍රණය වී ඇත. රනිල් වික්‍රමසිංහ යන සාධකය නොවන්නට ගෝටා ගේ පොත අනුව නම් පාර්ලිමේන්තුව ඇල්ලීමෙන් පසු අද ඔබට භුක්ති විඳින්නට වනුයේ ටිබෙට් ආකෘතියේ රටකි. ගෝටා පත්වීමට පෙර සිට අප විසින් ලියු සියළු ලිපි වල මේ අනතුරු හැඟවීම කර තිබුණි. භූ දේශපාලනය වෙනම ගේමක සිටින විට ජනතාව කන්නට යමක් ඉල්ලා සිටින විට, අරගලය තුල සිටි ගේම් කරුවන් වටහා ගැනීමට මේ පොත ඉවහල් වනු ඇත.

 

කෙසේ නමුත් ගිනිගේ ජාත්‍යන්තරව අවුලා ඇති ගින්න නම්, යුධ අපරාධ සම්බන්ධව චුදිතයන් වී දැනට ගෝටාගෙන්, මහින්දගෙන් තනතුරු ගත් නිලධාරින් ගේ හමුදාවකට නුසුදුසු පෞරුෂයන් හෙළි දැක්වීමය. එය සමස්ථයක් ලෙස අපගේ ජාතික හමුදාවට කරන අවමානයකි. අනෙක් අතින් යුධ අපරාධ සනාථ කිරීමකි. නොසැලකිලිමත් හමුදා ප්‍රධානීන් , හමුදා නිලධාරීන් ව සිටින හමුදාවක් ලෝකයේ මානුෂිය ම හමුදාවක් නොවන බවට ගිනි පත්තු වී ඇත.

 

මේ පොත නෙට්ෆ්ලික්ස් හි චිත්‍ර පටයක් වීමෙන් සිරි ලංකා යුධ හමුදාවට සිදුවන අවමානය ගැන මම කණගාටු වෙමි. ගජබා කරණයෙන් විනාශ වී ගිය ජාතික හමුදාව නිවැරදි කල යුතු අතිශය වැදගත් ස්ථානයක් බව රටේ සන්නද්ධ සේනාධිනායකයා වටහා ගෙන සිටිය යුතුය. නෙට් ෆ්ලික්ස් ෆිල්මයෙන් පසු සිරි ලංකාවේ විශ්‍රාමික හමුදා නිලධාරීන්ට දැනට ජාත්‍යන්තරයේ පවතින ඉල්ලුම හීන වී යන බව පැහැදිලිය. ප්‍රස්ථාව පිරුළක් ගොඩ නැගීමට හැකිය." හමුදා ආණ්ඩුවක් සැදීමට පැමිණි යකා හමුදාවම පච කළා වගේ " යනුවෙනි. මේ පොත ලංකාවේ ත්‍රිවිධ හමුදාව ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් අවමානයකට ලක් කරන්නේ එහි ප්රධානීන් හරහාය.

 

ගෝටා ගේ පොත හමුදාවේ විශ්වසනීයත්වය ට ගිනි තැබීමකි. හමුදාවක තිබිය යුතු (දැනට ඒවා විනාශ කලේද ගෝටලාමය) නිවැරදි රාජ පාක්ෂික භාවය නැති බවට අතේ පත්තු කිරීමකි. ජාත්‍යන්තර වශයෙන් ජාතික හමුදාව අප කීර් තියට පත් කිරීමකි. ගෝටා හැර වෙනකකු අතින් වචනයක් කඩා හැලුණේ නම් ගිනිගේ ලා ගිනි පෙළලි ගෙන ජනතාවට දමා ගසන හැටි හිතා ගත හැකිය. හමුදාවේ පිරිස් ඒ පුද්ගලයන් වෙත දියත් කරන තර් ජනය හා පීඩනය ගැන හිතා ගැනීමට වත් බැරිය. පොතේ හැටියට ඔවුන්ගේ හෙජමොනිය ඔවුන් විසින්ම කඩා බිඳ දැමීම යහපත් බව මම දකිමි.

 

දැන් මේ පොත සමග හෙළිවන කරුණු සමග ආරක්ෂක ලේඛම්, හමුදාපති,ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඉල්ලා අස්විය යුතු වුවත්, හමුදා කුමන්ත්‍රණයක් ගැන පරීක්ෂණ උදෙසා අත් අඩංගුවට පත් විය යුතු වුවත්..එය සිදු වන්නේ නැත. එයින් සිදුවන්නේ තව තවත් ජාතික හමුදාව අප කීර් තියට පත් වීමය. එහි අභ්‍යන්තරය දකින විට රටේ ජනතාවගේ ජිවිත කෙතරම් අසරණ දැයි සිතේ. පසුගිය දිනවල සිදුවන මරණ ගැන සිතන විට හා ගෝටා - බයගේ මේ පොතේ කරුණු සලකන විට රටක රාජ්‍ය නායකයා, විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ, කෙතරම් සුක්ෂම විය යුතුද යන්න වටහා ගත හැකිය. ඔහුට කපටි නරියකු යයි කීමේ සත්‍ය තාවයක් ඇත. මාර සෙනගක් වටකරගෙන ලංකාවේ රාජ්‍ය නායකත්වය ගන්නාට වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය. මේ පොත හරහා ගිනිගේ ව්‍යංග ආකාරයෙන් රනිල් වික්‍රමසිංහගේ ආගමනය හා ඔහුගේ පාලන ක්‍රමය අනුමත කරන බව වටහා ගත යුතුය.

 

දැන් රටේ ජනතාව වටහාගත යුතු තවත් කරුණු කිහිපයක් තිබේ.ඒ හමුදා නිලධාරීන්ගේ දිස්ත්‍රික් කමිටු ගැනය. ඒවා ගොඩ නැගුවේ සවේන්ද්‍ර සිල්වා වුවත් දැන් ඒවායේ සහය පලවී ඇත්තේ ජාජබය වෙතය. ( ජාජබ මන්ත්‍රීන් දෙදෙනෙකු පාර්ලිමේන්තුව ඇල්ලීමට ගිය කථාව කුමක්දෝ අවස්ථා සම්බන්ධයක් ඇති බව,ඔවුන්ගේ අනුගාමිකයන් අපව බුකියෙන් ඉවත් කිරීමට ගත් උත්සාහයෙන් ම දැන් දැන් ස්ථිර වේ ).

 

වරක් මා ලියු පරිදි ගෝටා- බය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් හමුදා දැනුම ලැබූ අයෙකි. ඔහුට මේ හමුදා කුමන්ත්‍රණ ය සිරිමාවෝට වඩා වටහා ගැනීමේ හැකියාවක් පැවතිය යුතුය යන පුර් ව නිගමනයේ මම සිටිමි. අනුරට ද එම හැකියාව නැති බව ඔවුනගේ දේශපාලන බාවිතාවෙන් ම අපි දනිමු. අනුර වටා ගොඩ නැගෙන හමුදාමය බලය රටට ගෙන එන්නේ සෞම්‍ය සමාජයක්ද? දරුණු ව්‍යාධිගත මර් දනයක්ද යන්න වටහා දීමට, ගැනීමට ජනතාව බුද්ධිමත් විය යුතුය. ගෝටා ගේ පොත අනුරට ගිනිගේ විසින් ලියා දුන් අත් පොතක් ලෙස අනුර වටහා ගත යුතුය. ගිනිගේ අනුර ගැන යහපත් ආකල්පයක පසුවන බව ඔහුගේ සටහනකින් කියවීමි. දේශපාලනයේ පාඩම් ඉගෙන ගත යුතුය. නැතිනම් ජනතාවට සිදුවන්නේ ටිබෙටය ආකෘතියේ චීන පාලනයකට හමුදාව විසින් කරන දක්කාගෙන යාමක් අත් විඳීමය.

 

ගෝටා පවිත්‍ර වීමේ අදහසින් ලියන ලද පොතක සමාජ වටිනාකම නම්, ඊලඟට පත්වන නායකයන්ට පාඩම් ඉගෙන ගැනීමය. හමුදා බලය සාධාරණ සීමාවකට ගෙන ඒමට ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම වැදගත් බව වටහා දීමය. අනෙක් අතින් සාපරාධි ලෙස ගොඩ නැගු මතවාදයක් ගෝටා විසින් ම වින්දිතයකු වී සුනු විසුණු කර දැමීමය. පොත ලියවී ඇත්තේ ශුද්ධ පවිත්‍ර වී අනුන්ට වරද පැටවීමට වුවත්, එම පොත ලංකාවේ රාජපක්ෂ ලා අනුර කුමාර ල එක්ව ගොඩ නැගු විශාල සමාජ හා දේශපාලනික ආර්ථික හා නෛතික ප්‍රශ්නයක් අමු අමුවේ මේසයට තබා ඇත. ඊලඟට ජනාධිපතිලා වෙන්නට යන ඕනෑම කෙනෙක් මේ අමු අමුවේ මේසයට තබා ඇති හමුදාවේ අසීමාන්තික ,දේශපාලන ,ආර්ථික සමාජීය හා නෛතික මැදිහත් වීම නැමති පහසුවෙන් දිරවා ගත නොහැකි නීරස අහාරය අනුභව කර දිරවා ගන්නා අකාරය අනුව ඉදිරියට රට පාලනය කල හැකිය.

 

කෙසේ නමුත් ගිනිගේ රාජපක්ෂ කඳවුරේ දේශපාලන මතවාදය හා එම කඳවුර ආරක්ෂා කල හමුදාමය ආකල්ප හා පසුගාමී පාලන රටාව මේ මොහොතේ සුනු විසුනු කර දැමීම ගැන ස්තුති වන්ත වෙමි. එහෙත් ඕනෑම අපරාධ කරුවෙකුට නිදැල්ලේ සිටීමට හැකි නීති පද්ධතිය ගැන වේදනාවට පත් වෙමි. සිරිමාවෝ ගෙන් රජය ගැනීමේ කුමන්ත්‍රණයේ ලියනගේ නඩුව ගැන දේශබන්ධු මහතා කියවා බලා යමක් කරනු ඇතැයි කොහෙන්දෝ හිනාවෙමින් මම සිහිනයක් දකිමි.

 

@Subhashini Wipfler

නවතම ලිපි