SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජාතික මැතිවරණයට පෙර සන්ධානයක් පිහිටුවීම පිළිබඳ අවසන් තීරණයක් නොගෙන

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නායක මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ අතර හමුව අවසන් ව ඇති බව ආරංචිමාර්ග පවසයි.

 

මෙම වසර අගදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර මූලික දේශපාලන කරුණු සාකච්ඡා කිරීමට නායකයින් තිදෙනා ඊයේ රැස් වූහ.

 

ජාතික සම්පත් විකිණීම -

 

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දෙදෙනා සන්ධානගත වීමේ පක්ෂයේ ස්ථාවරය තීරණය කිරීම සඳහා ජාතික වත්කම් අන්සතු කිරීම සහ බලය බෙදා හැරීම (alienation of national assets and power devolution)  යන ප්‍රතිපත්තිමය කරුණු දෙකක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශ්වාස කරන්නේ එහි නායක මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුර කාලය තුළ දී  ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වැනි රාජ්‍ය ආයතන රජයේ විෂය පථය යටතට පවරා ගත් බවය. තම පක්ෂය මේ සම්බන්ධයෙන් සිය මුල් මතයේම රැඳී සිටින අතර ඒවා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම තුළ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් යම් සම්මුතියක් අපේක්ෂා කරන බව රාජපක්ෂවරුන්  ප්‍රකාශ කර ඇත.

 

බලය බෙදීම -

 

උතුරු සහ නැගෙනහිර පළාත්වල දේශපාලන ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදීමේ යෝජිත යෝජනාවන්  පිළිබඳව ද ඔවුන් කනස්සල්ල පළ කළ බව වාර්තා වේ.

 

කෙසේ වෙතත්, දෙපාර්ශවය තම දේශපාලන කටයුතු කඩිනම් කිරීමටත්, එකිනෙකාට අදාළ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පොදුවේ එකඟවිය හැක්කේ නම් ඒ අනුව අවසාන තීරණ තීරණය කිරීමටත් සාකච්ඡා කරගෙන ඇත.

 

කෙසේ වුවද IMF යෝජනාවලියට අනුව රාජපක්ෂවරුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අවස්ථාවක් උදා නොවනු ඇති අතර මෙවර ජනාධිපති රනිල් පොහොට්ටුව සමග දීග කෑමෙන් ඔහුට පරාජිත මැතිවරණයකට ඉදිරිපත් විය හැකි වනු ඇත.

 

69 ලක්ෂයේ ජන වරමින් මේ වනවිට 09 ලක්ෂයක පමණ ජන කැමැත්තක් රඳවාගෙන සිටින පොහොට්ටුව රනිල් වික්‍රමසිංහට වැදගත් වන්නේ කිසිදා නොලැබෙන්නට තිබූ ජනපති සිහිනයට පාර කැපීම නිසා කෘතගුණ දැක්වීමක් නිසා වන්නටද පිළිවන.

 

කෙසේ වුවත් ඉදිරි මැතිවරණයේදී මේ වනවිට වාර්තාගත ජන පදනමක් දිනාගනිමින් සිටින ජාතික ජන බලවේගයට මුහුණ දීමට රනිල් ඇතුලු සම්ප්‍රදායික දේශපාලන කඳවුරට හැකිවන්නේ අනුර කුමාරට සෘජුව මුහුණ දිය හැකි නායකයෙකු, වැඩපිලිවෙලක් සහිත පොදු සන්දානයකින් ඉදිරිපත් කිරීමෙන් පමණක් බව මේ වනිවට ඒත්තු ගොස් තිබිය යුතු ය.

එසේ නොමැතිව රාජපක්ෂවරුන්ගේ ක‌රට අතදාගනිමින් මැතිවරණයට තරඟ කරන්නට පැමිණෙන රනිල් වික්‍රමසිංහට සුපුරුදු පරාජයේ මිහිරම යළිත් වතාවක් විඳගත හැකි වනු ඇත.

 

@සමාරා පරණවිතාන