SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වරුණ රාජපක්ෂ සහ චතුරංග අබේසිංහ අතර සංවාදය මේ දිනවල ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත.

බහුතර මතය වන්නේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වරුණ විසින් දැඩි ලෙස විවේචනයට ලක්කළ බවයි. ඔහුට එදිරිව සිටි මාලිමාවේ චතුරංග අබේසිංහ හට කට උත්තර නැතිවීම තුල සහ ඔහු ද වරුණගේ අදහස පිළිගැනීම තුල එය වඩාත් තහවුරු වේ.

 

චතුරංග සහ වරුණ යන දෙදෙනාම එකම දෘෂ්ටිවාදයේ සමාන ලෙස පසුවන්නන්ය. චතුරංග අපහසුතාවයට පත්වන්නේ එබැවිනි.

 

වරුණ විසින් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එල්ල කල බරපතලම ප්‍රකාශය ලෙස බොහෝ දෙනෙකු සලකනුයේ ගෑස් හෝ විදුලිය භාවිතා කිරීම වලකාලමින් ආහාර පිසීම දර භාවිතය තුල තබා ගත යුතු බව දැක්වෙන මාලිමාවේ ප්‍රතිපත්තිය වෙත එල්ල කල ප්‍රහාරයයි. එහිදී වරුණ පරිසරවාදය, බටහිර වෛද්‍ය විද්‍යාව අනුව යමින් තවදුරටත් පවසා සිටියේ දර භාවිතය පරිසර විනාශයට තුඩු දෙන බවත්, එසේම සෞඛ්‍යට අහිතකර බවත්ය. මෙවැනි අමන කතා පවසන්නන් සහ ඒවා පිළිගනු ලබන්නන් වෙනුවෙන් වරුණ වෙත අප පහත ප්‍රශ්න යොමු කොට සිටින්නෙමු.

 

  • පොසිල ඉන්ධන භාවිතයට පෙර පරිසර විනාශය යනුවෙන් දෙයක් පවතුනි ද? ප්‍රශ්නය තවත් විස්තීර්ණ කර විමසන්නේ නම්, පොසිල ඉන්ධන භාවිතයට පෙර වායු දූෂණය පැවතියේ ද? එනම් මිනිස් අතීතයේ පසු ගිය සියවස හැරුණු කොට ඊට පෙර සිටි මනුෂ්‍යයින් ඉතා අවසානාවන්ත පිරිසක් ද?

 

  • ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට අනුව, ශ්‍රී ලංකාවේ නිවාසවලින් 5% ක් ආහාර පිසීම සඳහා තවමත් දර භාවිතා කරයි. මෙය රටේ ප්‍රධානතම ආහාර පිසීමේ ඉන්ධන ප්‍රභවය එයයි. එසේ නම් ශ්‍රී ලංකාවේ වායු දූෂණය සඳහා බලපා ඇත්තේ එම තත්වය ද? එසේම සෞඛ්‍ය ප්‍රශ්න සඳහා, විශේෂයෙන්ම ශ්වසන සෞඛ්‍ය ප්‍රශ්න සඳහා බලපෑ ඇත්තේ එම කාරණය ද?

 

  • උදාහරණයකට රටේ වැඩිම වායු දූෂණය සහිත නගරය ලෙස මහනුවර නගරය සලකුණු වී ඇත (අනෙක් ප්‍රදේශ එසේ නොමැති බවක් ඉන් අදහස් නොවේ). ඊට අනුව මහනුවර නගරය තුල ශ්වසන රෝග ප්‍රතිශතය 94% දක්වා ඉහල නැග ඇත. මහනුවර ආශ්‍රිත පොලිස් නිලධාරීන් සඳහා මහනුවර මහ රෝහලේ වෙනම ශ්වසන ඒකකයක් ද පිහිටුවා ඇත. ලෝක උරුම නගරයක් ලෙස නම් කොට තිබූ මහනුවර ඉන් ඉවත් කරන ලද්දේ ද මෙම අධික වායු දූෂණය හේතුවෙනි. මහනුවරට එම ඉරණම අත් වී ඇත්තේ දර භාවිතය හේතුවෙන් ද?

 

  • ලෝකයේ දූෂිතම වායුගෝලයක් ඇති රට වන්නේ චීනයයි (ඔක්සිජන් භාවිතා කිරීමට සිදුව ඇති තරමට). ඒ එහි දර භාවිතා කරන බැවින් ද?

 

  • බොහෝ දෙනෙකු පවසන තවත් කාරණාවක් වන්නේ වන විනාශය සිදුවන්නේ දර භාවිතා කරන බැවින්ය යන්නයි. ඒ අනුව ලංකාවේ වන ගහනය මේ වන විට 15%ක් දක්වා පහත බස ඇත්තේ සහ ලෝක වන විනාශ දත්ත වලට අදාලව ඉහලම රටක් බවට පත්ව ඇත්තේ දර භාවිතය හේතුවෙන් ද?

 

දැන් වරුණට අපෙන් විමසිය හැකි ප්‍රශ්නයක් වන්නේ ගෑස් සහ විදුලියෙන් ඉයුම් පිහුම් කිරීමේදී දුමාරය රහිත බවත්, ඉතා පිරිසිදු බවත්, ඉහත සඳහන් කල පරිසර දූෂණයන් යනු වෙනත් ක්‍රියාවන්හි ප්‍රථිපල බවත්ය. එබැවින් වරුණගේ ස්ථාවරය ප්‍රශ්න කිරීම සඳහා ඒවා යොදා ගැනීම විහිළු සහගත බවත්ය. නමුත් වරුණට හෝ එසේ පවසන වෙනත් අයෙකුට නොවැටහෙන කාරණය වන්නේ යථාර්ථයේ සියල්ල එකට සම්බන්ධිත බවය.

 

ඉහත කාරනා සියල්ල නොසලකා හැර ආර්ථික සාධකය පමණක් සලකන්නේ නම් 78.5%ක් වන දර භාවිතා කරන ජනගහනය විදුලි උඳුන් සහ ගෑස් භාවිතයට යොමු කල හැක්කේ කෙසේද? එසේ කිරීමට නම් ඉටුවිය යුතු ප්‍රධාන කාරණය වන්නේ රැකියා වල නිරත විය හැකි වයසේ පසුවන 65%ක පමණ රැකියා වියුක්තික කාන්තා ප්‍රතිශතය රැකියා වලට අවශෝෂණය කර ගැනීමයි. එවිට ඔවුනට දර භාවිතයට කාල වෙලාව නොමැති බැවින් විදුලි හෝ ගෑස් භාවිතය වෙත පෙළඹෙනු ඇත. 78.5% සහ 65% අතර පරතරය වන 13.5% යනු දර භාවිතයට කාල වෙලාව ඇති සහ විදුලි සහ ගෑස් භාවිතයට ක්‍රය ශක්තිය නොමැති හෝ නාගරික නොවීම නිසා පහසුවෙන් දර සොයාගත හැකි බැවින් මුදල් ඉතිරි කර ගැනීම සඳහා දර භාවිතා කරන අය ලෙස සැලකිය හැකිය.

 

ඒ අනුව වරුණ පවසා සිටිනුයේ රනිල් විසින් 65%ක කාන්තා ප්‍රතිශතය රැකියා තුලට අවශෝෂණය කරගන්නා බවයි. එවිට එසේ අවශෝෂණය කරගැනීම කල හැකි වන්නේ රනිල්ගේ ක්‍රමයට අනුව නම්, ලංකාව කර්මාන්ත පුරවරයක් බවට පත්කිරීම තුල පමණකි. පවතින ලෝක යථාර්තය තුල එසේ කල නොහැකි බව පැත්තකින් තැබුව ද (මෙතෙක් කල් රනිල් උත්සාහා දැරූ මුත් ඒ උත්සාහයන් අසාර්ථක විය), එසේ කල හැකි යැයි උපකල්පනය කළහොත් ඉන් පසුව ඇති වන තත්වය කුමක් ද? තව තවත් වාහන, පොසිල ඉන්ධන, විදුලිය ඇතුළු බලශක්ති භාවිතයන් අධික ලෙස ඉහල යනු ඇත. එසේම භාණ්ඩ සහ සේවා පාරිභෝජනයන් ද ඉහල යනු ඇත (රැකියා උත්පාදනය කරමින් ධනවාදය හොඳින් ක්‍රියාත්මක වන්නේ එවිටය). මේ වන විට ද ලංකාව පසු වන්නේ මාර්ග ඝනත්වය අතින් ලොව 6වන ස්ථානයේය. එසේම ආසියාවේ වැඩිම වාහන ප්‍රතිශතය ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. ඊට අමතරව සමාජීය ප්‍රශ්න විශාල ලෙස උග්‍ර වනු ඇත.

 

ඒ පිලිබඳ දීර්ග පැහැදිලි කිරීම් සඳහා පහත සබැඳීන් වෙත පිවිසෙන්න:

http://www.spartacus.lk/%e0%b6%b8%e0%b7%9a-%e0%b6.../2022/

http://www.spartacus.lk/%e0%b6%8b%e0%b6%af%e0%b7%8a.../2022/

https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02KLaznkqnDxUZP6XwWvvJ6ZZpxz9VfFfB1h6yunbAshdH8Rh82fFFSpFNXxNYeFVEl&id=100070974895380

 

වරුණලාගේ ඊළඟ චෝදනාව වන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ රට 70-77 කාර්තුවේ ආර්ථික මොඩලයකට යනු ඇති බවයි. වරුණගේ පොර ටෝක් හමුවේ චතුරංග ගොළු වුව ද වරුණගෙන් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ රනිල් ජනාධිපති වූවාට පසු ඇති කොට ඇති නිෂ්පාදන ආර්ථිකය කුමක් ද යන්නයි. කැලා විනාශ කරමින් ව්‍යාපාරිකයින් හට වගාවන් සඳහා නැවුම් ඉඩම් ලබා දීම හැරුණු කොට වෙන යමක් රනිල් විසින් සිදු කොට තිබේ ද?

 

රනිල් විසින් මුදල් ආධාර ලබා දී මහත් උත්කර්ශවත් ලෙස පවත්වාගෙන ගිය "ගොඩයමු" කල්ලිය අවසන් වූයේ අප සමග පැවති සංවාදයෙන්ය. එසේම වරුණලාගේ මහදැන මුත්තන් සිටිනා "ඇඩ්වොකාටා" ආයතනයේ CEOවරයාට පිළිගැනීමට සිදුවූයේ වෙන කල හැකි දෙයක් නොමැති බැවින් රනිල්ගේ මාවත තෝරාගත යුතුව ඇති බවයි. නමුත් ධනනාත් හට පිළිතුරු නොමැති ප්‍රශ්න රැසක් තිබුණි.

 

අප ඔවුන්ට ඉදිරිපත් කල ප්‍රශ්න වලට වරුණලාට වෙනත් අකාරයකින් උත්තර දිය හැකි නම් පහත සබැඳීන් වෙත ගොස් එම සංවාද ශ්‍රවණය කොට ඒවා අභියෝගයට ලක්කළ හැකිය.

http://www.spartacus.lk/%e0%b7%83%e0%b7%8a%e0%b6%b4.../2022/

http://www.spartacus.lk/%e0%b7%83%e0%b7%8a%e0%b6%b4.../2022/

http://www.spartacus.lk/04-12/2023/

 

@spartacus.lk