SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉතාලියට සංක්‍රමණය වීමට නැවතත් අවස්තාවක් සලසා දෙමින් රටවල් 35ක පිරිස් වෙනුවෙන්

ඉතාලි රජය විසින් දෙකරේතෝ ෆ්ලුස්සි 2024 ( Decreto Flussi ) නම් නව සංක්‍රමණික නීතිය නැවත හඳුන්වා දී ඇති අතර ඒ තුළින් නිර්මාණය වන රැකියා ප්‍රමාණය 151000කි, පෙබරවාරි මස 29 දින සිට ඊට අයදුම් කිරීමට අවස්තාව ඇත.

 

 

WhatsApp Image 2024 03 06 at 14.45.08

(පසුගිය වාරයේ නිසි ලෙස සොයා නොබලා රජයෙන්  නිකුත් කළ ලිපියක්.   

මෙහි  අනුභාවයෙන් මිනිස් ජාවාරම්කරුවන්ට ‌උපයන්නට හැකිවිය)

 

 

පසුගිය වතාවේ (Decreto Flussi) නීතිය ගැන විදේශ සේවා නියුක්ති කාර්යාශය ( SLBFE )  කළ ප්‍රචාරය අනවබෝධයෙන්ද? නොඑසේනම් සිතාමතාම නොමග යැවීමක් ද…?

 

වර්ෂ 2023 මාර්තු මසද ඉතාලි රජය විසින් නිකුත්කළ දෙකරේතෝ ෆ්ලුස්සි නීතිය පිළිබඳ වරදි අර්ථකතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් අතර, ලංකාවේ සිට ඕනෑම කෙනෙකුට මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට හැකිබව ඉන් කියැවිනි, තවද රාජ්‍ය ආයතනයක් විසින් නිසිලෙස සොයා නොබලා යම් පුවතකට විශ්වාසදායී ප්‍රචාරයක් ලභාදීම තුළ මිනිස් ජාවාරමේ යෙදෙන තැරැව් කරුවන්ට එය මුදල් ජාවාරම් කිරීමට තෝතැන්නක් විය……

 

මක්නිසාදයත් එකී නීතිය ප්‍රකාරව  වීසා ලභා ගැනීම්ට අයදුම් කළ හැක්කේ ඉතාලියේ නීත්‍යානුකූලව වෙසෙන හා ක්‍රමාණුකූලව බදු ගෙවන අයට පමණක් බැවිනි.

 

මෙවර Decreto Flussi 2024 අවස්තා කෙසේ යෝජන වී ඇත්ද……?  

      

WhatsApp Image 2024 03 06 at 14.43.52                                                                                                                                                                                      

මෙවරද පෙර පරිදි රටවල් 35ක සංක්‍රමණිකයන් ට අවස්තා තුනක් යටතේ අයදුම් කිරීමට අවස්තාව සලසා ඇත.

 

එය පළමු අදියර ලෙස මාර්තු 18වන දින උදෑසන 9.00ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීම සිදු කරණු ලබන්නේ ( Non Seasonal ) සීමිත කාළ වකවානුවකට ලබාදෙන වීසා පදනම මත වනඅතර එය ඉතාලියේ පදිංචි ඉතාලි රජය හා කොන්ත්‍රාත් සහිතව රැකියා කරන හෝ ව්‍යාපාර කරන අයට පමණක් මෙම මැදිහත්වීම කොට යම් පුද්ගලයකුහට සංක්‍රමණික වීසා අයදුම් කළ හැක.

 

දෙවන අදියර ලෙස මාර්තු 21වන දින උදෑසන 9.00 සිට අන්තර්ජාලය හරහා මාර්ඝගත ක්‍රමයට අයදුම් කිරීම සිදුවන අතර, එයද   ( Non Seasonal ) පදනම යටතේ වන අතර මෙහෙදී ( Domestic ) රැකියා සඳහා ද අයදුම් කිරීමට අවස්තාව සැලසේ.

 

තෙවන අදියර ලෙස මාර්තු 25දින උදෑසන 9.00ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ( Seasonal ) පදනම යටතේ ද අයදුම් කිරීමට හැකියාව ඇත.

 

රැකියා කෝටාවේ 151000ක් රැකියා අතුරින් රැකියා 89050ක් ( Seasonal work ) පදනම යටතේ කෘෂිකාර්මික, හෝටල්, සත්කාරක හා සංචාරක අංශ යටතේ පුරප්පාඩු ලෙස වෙන්කොට ඇත.

 

ඉතිරි රැකියා පුරප්පාඩු 61450 ස්වයං රැකියා පදනම යටතේ වෙන්කොට ඇත.

 

තවද මෙම සියළු මාර්ගගත අයදුම් කිරීම් කිසිඳු රටක කිසිඳු පුරවැසියකුට තනිව අයදුම් කළ නොහැකි අතර, ඒ සඳහා සුදුසුකම් ලත්,එනම් ඉතාලියේ සේවය කරමින්, ව්‍යාපාර කරමින් හෝ පුරවැසිභාවය ලබමින් ඉතාලි රජයට නිසි ලෙස ක්‍රමවත්ව බදු ගෙවන අයට පමණක් එම අවස්තාව හිමිවේ.

 

1 ඉටැ

 

තවද Decreto Flussi 2024 නීතිය හරහා ලභාදී ඇති රැකියා කෝටාව සඳහා පෞද්ගලික හා රාජ්‍ය අංශය වෙනුවෙන් වැඩිදුර විස්තර,තොරතුරු හා උපදේශන සේවාව වෙනුවෙන් වසර 10ක පමණ පළපුරුද්ද සහිත ඉතාලි  සහ ඉංග්‍රීසි බස චතුර ලෙස හසුරවනා ජ්‍යුදිත්තා පෙත්‍රේනි ( Giuditta Petreni ) මහත්මිය කටයුතු කරණු ඇත.

 

@සුමුදු මද්දුම ආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

00393892317579