SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලබා දෙන බව

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය කියා ඇත.

 

 ‘මම පාර්ලිමේන්තුවේ කිසිම දේශපාලන පක්ෂයක් නියෝජනය නොකරන ස්වාධීන මන්ත්‍රිවරයෙක්. මේ රට අමාරුවේ වැටිච්ච වෙලාවේදී රට භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. දැන් රට පුරා ගිහිල්ලා ජනතාව එකතු කරගෙන රැස්වීම් පවත්වන ඔය කවුරුවත් එදා රට භාරගන්න කැමැති වුණේ නෑ.

මම ඒ වෙලාවේ ශ්‍රීලනිපයට යෝජනා කළා ජාතික යුතුකමක් සේ සලකා රනිල් වික්‍රමසිංහ මහත්මයට උදව් කරමු කියලා. නමුත් ඒ වෙලාවේදී පක්ෂය ඊට එකඟ වුණේ නෑ. ඒ නිසා මම ස්වාධීන මන්ත්‍රිවරයෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයට උදව් කරන්න ඉදිරිපත් වුණා.

මම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වුණත් රාජ්‍ය මුදල් ඇමැති තනතුර භාරගත්තේ ඒ නිසයි. ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදීත් මේ රට භාර දිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියලා මම කියනවා.’

 

බැසිල් යළි කරලියට

 

ඊයේ (05) පොදුජන පෙරමුණේ  නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යළිත් ලංකාවට පැමිණුනේ මාස කිහිපයකට පසුවය. වෙනදා මෙන් නොව ඔහු පිලිගැනීමට මෙදා සිටියේ අතලොස්සක් දෙනෙකු වන අතර පාර්ලිමේන්තුවේ අමාත්‍ය ධුරයන් දරන හෝ මන්ත්‍රී කණ්ඩායම් සාමාජිකයින් ලෙස ඒ අතරිනුත් පෙනෙන්ට සිටියේ රෝහිත අබේගුණවර්ධන වැන්නන් පමණකි. අඩුම තරමේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාවත් පෙනෙන්නට සිටියේ නැත.

එහෙත් රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙක් වන උදයංග වීරසිංහ පවසන්නේ ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණ වලදී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළකරන්නේ යැයි කිව්වද එය පොදුජන පෙරමුණේ බිම් මට්ටමේ මතය නොවන බවය.

 

‘කැට තියලා කියනවා සිංහල අවුරුද්ද ඉවර වුණාට පස්සේ, මහ මැතිවරණයකට දින නියම වෙනවා. මහ මැතිවරණයෙන් පොහොට්ටු බහුතරය දිනාගන්නා බව අපට විශ්වාසයි.

අද බැසිල් මහත්තයා සුදානම් නායකත්වය දෙන්න අපේ පෙරමුණට. ඒක පිළිගන්න අය ආවේ. මන්ත්‍රීවරු 50කට වැඩි ප්‍රමාණයක් බැසිල් මහත්තයා පිළිගන්න ආවා. ඒකම හොඳ ආරම්භයක් නේ.

රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයෙන් ආවොත් ලක්ෂ දෙකහමාරට තව 50,000ක් එකතු වෙයි’

 

 

ලන්සා ගෙ ද? බැසිල් ගෙ ද?

 

මේ වනවිට සමාජයට නිරාවරණය වී ඇති මතය වන්නේ පොහොට්ටුව මේ වනවිට පැහැදිලි කොටස් දෙකකට බෙදී පවතින බව ය. ඒ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පක්ෂව ප්‍රසන්න රණතුංග ඇතුළු කොටසත්, බැසිල්වාදී පොහොට්ටුවේ කොටසත් ලෙස ය. මෙහිදී නිමල් ලංසා ඇතුලු පිරිසක් එක්ව පිහිටුවාගන්නා ලද නව සංධානය පොහොට්ටුවෙන් බිඳී වෙන්වී ඇති සංවිධානයක් බවට කැට තියා කියූවද බැසිල් රාජපක්ෂගේ දකුණු අත වූ සිරිපාල අමරසිංහ මෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ විපතේදීවත් අත් නොහල පුද්ගලික ලේකම්වරයා වූ සුගීෂ්වර ද එක්ව සිටින්නේ සහ ප්‍රධාන භූමිකාවන් දරන්නේ ලන්සා සන්ධානය තුළ ය. ඒ අනුව එකී සන්දානය බැසිල්ගේ ම හස්තයෙන් ක්‍රියාත්මක එහෙත් රාජපක්ෂ විරෝධී ගනයේලා එලියට පෙන්වන නාට්‍ය ජවනිකාවක් බවටත් විචාරකයින්ගේ අදහස වී ඇත.

 

නාමල්ගේ ‘දස බල සේනා’ ඩ්‍රාමා

 

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබූ වැඩ සටහනකට ගම්පහ දිස්ත‍්‍රික් පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් රැසක් සහභාගී වී නැති බව පසුගියදා වාර්තා කර තිබූ අතර ගම්පහ දිවුපිටියේදී මෙසේ පවත්වා ඇත්තේ නාමල්ගේ දසබල සේනා වැඩසටහන ලෙස ද දක්වා තිබුණි.

ගම්පහ නායකයා වන ප්‍රසන්න රණතුංග නොපැමිණි මෙම වැඩසටහනට  සහභාගි වූ පොදුජන පෙරමුණේ එකම මන්ත්‍රීවරයා ව ඇත්තේ  රාජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ඉන්දික පමණි.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හැරෙන්නට ඊට සහභාගි ව ඇත්තේ රෝහිත අභය ගුණවර්ධන, ජෝන්ස්ටන් ප්‍රනාන්දු, තිස්ස කුට්ටිආරච්චි ය.

මේ පැහැදිලි විභේදනයට හේතුව වන්නේ තවමත් සමාජය තුළ නොනැසී පවතින රාජපක්ෂ විරෝධය වන අතර රනිල් වික්‍රමසිංහට ඉදිරි මැතිවරණයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනැගිය හැක්කේද තමන්ට බන්දේසියක තබා ජනාධිපති තනතුර ප්‍රදානය කළ රාජපක්ෂවරුන්ට විරුද්ධව ඉදිරිපත් වීමෙන් බව දැන් රනිල් රාජපක්ෂ - සම්බන්ධතාවය හොඳාකාරවම දන්නා කරුණකි.

මෙවර බලය අත්හලොත් තමාට යලි කිසිවිටෙක දේශපාලනයට පැමිණෙන්නට අවස්ථාවක් නොවන බවත් බලය ගිලිහී ගියහොත් දැනට බලයේ සිටින දේශපාලනඥයින්ට අබ සරණක්ම වනු ඇති බවටත් ඔවුන් සවිඥානික වී ඇති බව පැහැදිලි ය.

මේ මොහොතේ ඒ නිසාම විවිධ සටන් පාඨ යටතේ වුවද එක්ව තරඟ කළ හැකි මාවතක් තනා ගැනීමට ප්‍රධාන පක්ෂවල  උනන්දුව වන අතර ඒ සඳහා පවතින විශාලම බාධකය සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස බවත්, ඔහු තමාව බලයට පත්කරගැනීමට අධිතක්සේරුවකින් තරඟ කරන බවත් දේශපාලන හිතවාදීන්ගේ අදහස වී ඇත.

එම නිසා රාජපක්ෂ විරෝධය ඒ ආකාරයටම පවත්වාගෙන යමින් රාජපක්ෂ සබඳතාවෙන් පිට නිර්පාක්ෂීක නායකයෙකු ගේ ප්‍රතිරූපයක් තනාගැනීමට රනිල් ප්‍රමුඛ පක්ෂ උනන්දු වන ආකාරය ඉදිරි මැතිවරණ වේදිකාවන්හිදී දැක බලා ගත හැකි වනු ඇත.

 

10 වෙනිදා රනිල්ගේ  ‘සැබෑව”

 

එළැඹෙන 10 වැනිදා අකිල විරාජ් කාරියවසම්ගේ සංවිධානත්වයෙන් කුලියාපිටියෙන් ඇරැඹෙන  ‘සැබෑව’ තේමාවෙන් යුත් යූඇන්පී ජනරැලි මාලාව රනිල්  වික්‍රමසිංහ ජනාධිපති බවට පත් වීමෙන් පසුව දේශපාලන රැලියකට සහභාගි වන පළමු අවස්ථාව වේ.

කෙසේ වුවත් අකිල පවසන්නේ  මෙය එක්සත් ජාතික පක්ෂයේ රැලියක් බවත් පක්ෂ නායකයා ලෙස ඊට සහභාගී වන ලෙස ජනාධිපතිට ආරාධනා කළ බවත් පමණි. එහෙත් ජනාධිපතිවරයා නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස ජරාධිපතිවරණයට තරග කරන බව අකිල පවසයි.

නිර්පාක්ෂික වන්නේ නම් එජාපයේ නායකත්වයෙන් ඔහු ඉවත්විය යුතු බව අප මීට ඉහතදීද සඳහන් කළ කාරණයකි. ඒ අනුව රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික නායකයෙක් යන්න හුදෙක් වචනයක් පමණකි.

 

@සමාරා පරණවිතාන