SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කථානායකවරයාට ලිපියක් යවමින් ඊයේ දැනුම් දී ඇත.

 

ජනාධිපතිවරයා නිර්දේශ කළ තැනැත්තා එම ධූරයට පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නැතැයිද එම ලිපියේ වැඩිදුරටත්  දක්වා ඇත.

 

මේ අතර කතානායකවරයා ගේ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රශ්න කරමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතානායකවරයාට සහ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායකට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.

 

ඒ කතානායකවරයා පොලිස්පති පත්කිරීමේ සිද්ධියේදී පක්ෂග්‍රාහීව, කාගේ හෝ අවශ්‍යතාවකට අනුව හැසිරෙන බව සදහන් කරමිනි.

 

“පොලිස්පති පත් කරන්න ව්‍යවස්ථාදායක සභාවේ ඡන්දෙ නොදුන් අයත් දීපු ගොඩට දාගෙන! මොන ජාතියේ කතානායකවරයෙක්ද මේ? ඡන්ද ගණන් කරන්න දන්නැති කතානායකවරයෙක් එක්ක කොහොමද සභාවක් කරගෙන යන්නේ? අපිට පේන්නේ කවුරුහරි කතානායකවරයාව මෙහෙයවනවා වගේ! සම්පූර්ණ පක්ෂග්‍රාහීයි! ව්‍යවස්ථාදායක සභාවේ උපදේශක විදිහට තවම තියන් ඉන්නේ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්! එයත් ඡන්දෙ ගණින්න දන්නේ නැතිනම් මොකටද පඩි ගෙවලා තියන් ඉන්නේ?”

 

එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ උපදේශකවරයකු ලෙස හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පත්කොටගෙන ඇති බව කී හර්ෂ ද සිල්වා ඔහු සම්බන්ධයෙන්ද දැඩි විවේචනයක් ඉදිරිපත් කර ඇත.

 

මේ අතර ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා සුභාෂිනී විෆ්ලර් තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත්තේ පොලිස්පතිවරයා පත්කිරීම පිටුපස ආර්ථික හයියක සහිත  විශාල බලවේගයක් ක්‍රියාත්මක වන බව පෙනී යන බවය.

 

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පති ධුරයට පත්වීමේ භාරය ඊයේ රුවන් වැලි සෑයේ බණක් කියලා දාස් ගණනකට දන්සල් දීලා ඔප්පු කරලා තිබෙනවා. ගම් වලින් පොලීසිය ලව්වා උනන්දු කරවලා තමයි මේ වැඩසටහන ට උපාසක අම්මලා ගෙන්නාගෙන තියෙන්නේ. එයාගේ අම්මා ඇවිත් ආශීර්වාද කරන දර් ෂණ තලයක් දැක්කා. කැම්පේන් එක නරකම නැහැ. හැබැයි අපිට තිබෙන ප්‍රශ්නේ තමයි...රජයේ රැකියාවක් කරන නිලධාරියකුට භාර ඔප්පු කරලා දාස් ගණනක ට සේවා පහක දන්සල් දීලා කිරි පිටි පැකට් බෙදලා දෙන්න සල්ලි කොහෙන්ද කියන එක..

මේවා ගැන ඉන්දියාවේ වගේ ස්වයංක්‍රිය ලෙස ක්‍රියාත්මක වන දුෂණ වංචා සෙවීමේ කොමිසමක් ලංකාවට නැහැ. කව්රුහරි පැමිණිලි කලත් කරන්න වෙන්නේ දේශබන්ධුගේ යටතේ තියන පොලීසියට. රජයේ සේවකයකු ජිවිත කාලයම ඉතුරුකරනවට වඩා වැඩි සල්ලියක් ඊයේ එයා භාරේ ඔප්පු කරන්න වියදම් කරලා..ඒක වෙන්නේ කොහොමද කියලා උපාසකම්මලට තේරුමක් නැහැ.

මේකෙන් කියවෙන්නේ මේ තනතුර ට එයා පත්වෙන එක පිටිපස්සේ ඉන්න බලවේග වල ආර්ථික හය්ය. මේක තනි පුද්ගල කැම්පේන් එකක් නෙවෙයි..විශාල දාමයක කැම්පේන් එකක්. රුවන් වැලි සෑය ළඟ සෙල්ලම් දාපු අය සල්ලම් වෙලා ගිය බව සිහියට එනවා. දන්සල් දෙන්නේ මොන සල්ලි වලින්ද කියලා රුවන් වැලි සෑය දන්නේ නැහැ. හැබැයි අපි බලාගෙන ඉමු.