SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වර්ෂ 2022 දෙසැම්බර් මස 27වන දින දයාංගනී ජයසිංහ මව තම පුතු එනතුරු හොරණ ඉංගිරිය මාර්ගයේ බලාසිටියේ බලාපොරොත්තු ගොන්නක්  මනසින් චිත්‍රණය කරමිනි.

ඒ දක්ෂ නිවේදකයකු, මාධ්‍යවේදියකු මෙන්ම වැඩසටහන් නිශ්පාදකයකු වන දුශන්ත දර්ශන තම පුතුගේ පැමිණීම අපේක්ෂාවෙනි.

 

දුශන්ත ආ සැනින් යතුරු පැදියට ගොඩවූ ජයසිංහ මෑණියන් හට හා දුශන්තට මුහුණදීමට සිදුවූයේ අපරීක්ෂාකාරී මෙන්ම සිත් පිත් නැති ව්‍යාපාරිකුට අයත්, රථයක අවිනීත රියදුරකුගේ නින්දිත රිය ධාවනය නිසා මාරාන්තික රිය අණතුරකට භාජනය වීමටය..

 

වසරකට අධික කාළයක් ගතවීමත් සමග දුශන්තට එකී අවිනීත රියදුරා විසින් අහිමි කළ දෑ අප්‍රමානය… තම මවගේ පාදයත්, ශාරීරික සෞඛ්‍යත් පමණක් නොව දුශන්තගේ දෛනික ජීවිතය,නිරවුල් නිදහස් මනස, ආර්ථ්ක හැකියාව මේ සියල්ල අදවන විට සම්පූර්ණයෙන්ම ඍණ මට්ටමට ඇද දැමීමට රටේ නීතිය හා සාමය  ආරක්ෂා කිරීමට බැඳී සිටින, මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ භාරධුර වගකීම ඇති ශ්‍රී ලංකා පොලීසිය ක්‍රියා කොට ඇති බවට වින්දිත  මාධ්‍යවේදී දුශන්ත දර්ශන පවසයි……….

 

හඬක් ඇති මාධ්‍යවේදියකුටත් එදිරිව නීතිය, මෙසේ ව්‍යාපාරිකයකුගේ සාක්කුවට වැටුනා නම්

ඔබට අපට කවර කතා ද……?

 

 sumudu 2

 

රටක් දන්නා හඳුනන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සැබෑ මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය කරණයේ නියැළුන දුශන්තගේ හා තම ආදරණීය මවගේ ජිවිත අඳුරු අඝාධයකට ඇද දමන්නට ශ්‍රී ලංකා පොලීසියට ගත වූයේ ඔවුන් සිහිමුර්ජා වී රෝහල් ගතව  සිටි එක් රැයක් පමණි…… චූදිතයින් ඇප මත නිදහස්ව ගොස් අදවන තුරුම තම යුතුකම්,වගකීම් පැහැර හැර සහකම්පනයක් නැති කළු ව්‍යාපාරිකයන් බව සනාත කොට වසරකට අධික කාළයක් ගතව ඇත…….

 

බලය හමුවේ නැවෙන නීතියෙන් බැට කන අසරණ ජීවිත වලට වගකිවයුත්තෝ කවුරුන් ද….?

 

සිහි මුර්ජාවී රෝහල් ගතව සිටි අල්ලපනල්ලේ, ශ්‍රී ලංකා පොලීසියේ ඒක පාර්ශවීය නෛතික කටයුතු ක්‍රියාකිරීම  නිසාවෙන් වින්දිත පාර්ශවය සිහිමුර්ජාව සිටියදී පැය 24ක් යන්නට මත්තෙන් චූදිතයින් ඇප ලබා නිදහස්ව පිටව යාමය……… කෙසේ නමුත් පවතින නීති ප්‍රකාරව රෝහල් ගතවීමකදී කිසිසේත්ම චූදිතයින් හට ඇප ලභා නොදෙන සන්දර්භයක, ඉත අසාධ්‍ය තත්වයේ පසුවන ජීවිත දෙකක් මැසි මදුරුවන්ට හෝ හිමි තැනත් අහිමි කොට සිදු කළ කිසිදා හානිපූර්ණය කළ නොහැකි මහා වරදේ බබරපතළ කම නම් දුශන්තට රැකියාවත්, මවට පාදයත් අහිමිවීම නොව ආර්තික සමාජ මට්ටම මෙන්ම ජිවත්වීමට කරන අරගලය තීවෘ වීමෙන් ඔවුන් අධික මානසික පීඩනයට ලක්වීමයි….

              

 

WhatsApp Image 2024 03 03 at 12.26.141

 

ශ්‍රී ලංකාව තුළ නීතිය සමව සැමට ක්‍රියාත්මක වීම කිසිදා දක්නට ඇති කාරණයක් නොවීම පමණක් නොව. අපරීක්ෂාකාරී රිය පැදවීමෙන් මෙසේ ජීවිත දෙකක් අසරණ කොට තම ව්‍යාපාරික මූල්‍ය බලය භාවිතා කොට තම වගකීම, වගවීම පැහැරහරිමින්, එකී වරදෙන් ගැලවීමට ක්‍රියා කිරීම පමණක් නොව, දශක ගණනක් පැරණි, සංශෝධනය විය යුතු නීති පද්ධතියේ අනුහසින්, සහකම්පනයක් නොගෑවුනු මිනිසුන් ලෙස වින්දිත පාර්ශවය තඹේකට මායිම් නොකොට කිසිවක් සිදු නොවූ ආකාරයට කටයුතු කිරීමයි…

 

සාක්ෂි සාධක කෙතරම් තිබුනත් මෙකී අවනඩුව තවමත් දුශන්තට හා ඔහුගේ මවට අවාසි මෙන්ම අසාධාරණ ආකාරයෙන් ඉදිරියට ඇදී යාමයි…….

 

දුශන්ත බෝසත් පුත්‍රයකු වූවත් පළක් වීද…?

 

වසරක් පමණ තම රැකියාවත් අහිමිව, අධික උද්ධමනය සහිත කාළ වකවානුවක, ගිලන් වූ තම මවට උවටැන් කරමින් අති දුෂ්කර තත්වයන් යටතේ තම මව ඉතාම ආදරයෙන්, සෙනෙහසින් ධාරක මාතෲ ප්‍රේමයෙන් රැක බලා ගත් දුසන්ත මෑත කාළයේ සමාජයෙන් බලාපොරොත්තු විය නොහැකි පන්නයේ බෝසත් ගතිගුණ පිළිබිඹු කළ අග්‍රගණ්‍ය මාධ්‍යවේදියකු බව ක්‍රියාවෙන් ඔප්පු කරමින් සිටී.

 

කෙසේ වෙතත් තම මව රැකගැනීමේ අසීරු කාර්‍ය්භාර්‍ය සමග උට්ඨාන වීර්‍ය්යෙන් කටයුතු කරමින් සිටින දුශන්ත දර්ශන මේ මොහොත වන විට නිසි විවේකයක් නොමැති වීමත් දැඩි මානසික අවපීඩනයත් හේතුවෙන් පෙනීම දුර්වල වීමේ රෝගයකින්ද පෙලෙම්න් සිටී..

 

දුශන්ත සියළු කැපකිරීම් සිදුකරන්නේ තම ආදරණීය මව කෙසේ හෝ සුවපත් කරගැනීමට පමණක් නොව, ඇයට කෘතිම පාදයක් සවිකොට ඇයගේ වයෝවෘද්ධ සැඳෑ සමය නිදහසේ ගතකිරීමට හැකි වට පිටාවක් නිර්මාණය කිරීමය……..

 

එසේම ඔහුවිසින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ යම්තාක් දුරකට හඬක් ඇති තමන්ටත් පවත්නා නීතියෙන් කිසිඳු සාධාරණයක් ඉටුනොවී බලය හමුවේ දුර්වල නීතියත් විත්තියට යටපත් කර ඇති ස්න්දර්භයක් තුළ දශක ගණනාවකට පෙර සම්පාදනය කළ, අදට අතිශය දුර්වල හා හිදැස් සහිත නීති පද්ධතිය ඉතා කඩිනමින් වහාම සංශෝධනය වියයුතු බවත්, නොඑසේනම් තමන් මෙන්ම  අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමෙන් පසුව සිදුවීමට අදාල නොවන පාර්ශව වල පවා පවුල් සංස්ථා බිඳවැටී විනාශ වී කිසිසේත්ම එකිනෙකට සහසම්බන්ධයක් නොමැති පාර්ශව පවා ඉතා පීඩාකාරීවත්,අසහනහනකාරීවත් පමණක් නොව ජීවිත වලින් පවා වන්දිගෙවන තත්වයන්ට මුහුණ දෙන බවය…. බෝසත් පුත්‍රයකු ලෙස පාදයක් අහිමි මවගේ සියළු අවශ්‍යතාවන් ඉටුකරමින් ගතකරන්නාවූ අධි වගකීම් සහිත දැඩි මානසික පීඩනයක් සිතේ දරාගෙන කරන්නාවූ මෙම ක්‍රියාදාමය ශ්‍රි ලාංකේය සංස්කෘතිය තුළ අම්මෙක් උවත් ගැහැණියක වෙනුවෙන් උවටැන් කරණුයේ තවත් ගැහැනියක් මිස පිරිමියකු නොවන නිසාත් එහිදි එසේ නොවන සන්දර්භයල එකී මාතාවත්, පුත්‍රයාත් මුහුණදෙන ප්‍රයෝගික ගැටළු හා මානසික තත්වයන් කෙබඳුද, යන්න යල් පැන ගිය හිදැස් සහිත නීති පද්ධතිය හෝ එය ක්‍රියාත්මක කරන ආයතන හෝ පුද්ගලයන් හෝ නීති අණපනත් සකස් කරන ආයතන විසින් කිසියම් පසුවිපරමක් හෝ කර ඇත් ද?

 

දිරිය බෝසත් පුත්‍රයාට ඔබේ සහකම්පනයේ හා මානුෂීය භවේ දෑත් දිගු කරමු….

 

WhatsApp Image 2024 03 03 at 12.26.13WhatsApp Image 2024 03 03 at 12.26.14WhatsApp Image 2024 03 03 at 12.26.131

 

එමෙන්ම විදෙස්ගතව සිටින, අප මව්බිමට රටේ මහ ජනයාට දයාවෙන් කරුණාවෙන් ආධාර උපකාර කරන ආදරණීය හිතවතුන්ටත්, මෙය ඔබේ සහකම්පනය හා මානුෂීය බව තවත් ඔප්නැංවීමට අවස්තාවක් කරගමු….

 

bank 1

 

ආගමට මුවා වී මනරම් සොභාදහම විනාශ කරමින් මහා කොන්ක්‍රීට් ප්‍රාසාද ඉදිකිරීමට දිනකට මිලියන ගණනින් මුදල් ලභාදෙන, බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔදවැඩී සිටිනා පිංවතුන්ටත් සැබෑ බෞද්ධ දර්ශණය අනුව පේන ලෝකය තුළ ඇස්පනා පිට කරගත හැකි සිත් සුවපත් කරගත හැකි මනුෂ්‍යත්වයේ ලතෙත් හදවත් වල සිතුවිලි ප්‍රභාශ්වරව පවත්වාගැනීම මහෝපකාරීවන මේ මහා කුසලයට ඔබටත් දායක විය හැක.

 

අපි අපේ මනුෂ්‍යත්වයත් සහ කම්පනයත් යහපත් හා විනයගරුක යුක්තිකරුක පුරවැසියන් සහිත සමාජයක් වෙනුවෙන් ආයෝජනය කරමු.

 

@සුමුදු මද්දුම ආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

නවතම ලිපි