SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

- රනිල් ගෙන් හදිසි දේශපාලන කැබිනෙට්ටුවක් ....?

- කපටි නරියා අමුඩ ගහන්නේ කුමකටද...?

- සංධාන වන්දනාවේ යන පාඨලී සිරිකොතට....!

- රනිල් ගෙන් ඉඩම් ලැබුණොත් සරම ඇඳන් ඔළුවෙන් හිටගන්නවා....?

- ඇමෙරිකාවෙන් තවත් නැවක්....!

- ඇමෙරිකන් මහින්ද හා මහාචාර්ය සිනිති අඟහරු වෙත....?

- රොනී ගේ අමුතු අන්තිම කැමැත්ත....?

- සාගල ට ලැබුණු 5000.....?

         

රනිල් මුලින්ම දේශපාලන කැබිනට්ටුවක් හැදුවේ 2001 චන්ද්‍රිකා ජනපතිව සිටියදී එජාප ආණ්ඩුවක් තැනූවිටය. ඒ පස මිතුරු පක්ෂ දෙකකට බලය තිබූ බැවිනි.2015 අන්තිම කාලයේ ද ඒකම කල ඔහු පසුගියදා යළිත් ඊට මුල පිරුවේය. මෙවර ඊට සාගල මහින්දානන්ද සමන් ඒකනායක හා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් ද ඇතුල් කළේය.

   

සාමාන්‍ය කැබිනට්ටුව සදුදා රැස්වී පරාටේ නීතිය කල්දැමීම හා ඉෆ්තාර් වලට වැය කරන මුදල් ගාසා වල යුද්ධයෙන් අසරණ වූ දරුවන් වෙනුවෙන් අරමුදලකට බැර කිරීමට තීන්දු කෙරිණ.

     

දේශපාලන කැබිනට්ටුව රැස්වුණේ අනතුරුවය. මැතිවරණයට මුහුණ දෙන අයුරු කතාබහ කෙරුණ අතර ඒ සදහා ප්‍රසන්න හරීන් මනූෂ ටිරාන් මහින්දානන්ද ලංසා ගේ කමිටුවක් පත් කෙරිණ.

      

"ඒකට සාගල සමන් දිනිතුත් දාගන්න. සතියකට  වරක් රැස්වෙන්න"

රනිල් මැතිවරණ අමුඩය ගහන ගමන් කීවේය.

     

පාඨලී ගේ පක්ෂය සන්ධාන වන්දනාවේ යන අතර සිරිකොත පැමිණ මැතිවරණ ගැන කතා කළහ. පරස්පරතා වලට වඩා ගැලපීම් තිබූ බව ආරංචිය. රනිල්ට වැටෙන්න ගැසූ ශිරාල් ලක්තිලක සුහදව පිළිගන්නට ද කපටි නරියා ක්‍රියා කළේය.

   

උරුමය සින්නක්කර ඉඩම් දීම රනිල් ට අල්ලලා ගිහින්ය. ලේකම් සමන් ඊට අදාළ දුරකතනයක් ද අන්තර් ජාලය හරහා ද ජනතාවට ඉඩම් ඉල්ලන වැඩේ සූදානම් කළේ ජනපතිගේ අදහස තුළය.

   

"ඔය කියන විදියට මට ඉඩම ලැබුණොත් හන්දිය මැද යටට නොඇඳ සරම ඇදන් ඔළුවෙන් හිට ගන්නවා කියල කෙනෙක් එවල තියෙනවා"

නිළධාරියෙක් ලේකම් සමන් ට පෙන්වීය

   

"මිනිස්සුන්ගෙ ඉච්ඡාභංගත්වයයි ඉන් පේන්නේ. මේ ඉඩමෙ ඔප්පුව  ජනාධිපතිතුමා අතින්ම එයාට දෙමු"

සමන් යෝජනා කළේය.

    

ජනපති ආරක්ෂක මණ්ඩලයට යද්දී කේක් එකක් සූදානම්ව තිබිණ.

    

"සාගල උපන් දිනේ ජයටම ලේස්ති කරල වගෙයි"

ජනපති කීය. සාගල උපන් දිනය වෙනුවෙන් සමාජ මාධ්‍යට යොමුකල සටහන සංවේදී එකක් විය. ඔහුට ලැබුණ 5000 ක සුබ පැතුම් වලට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රමයක් ද යොදා තිබිණ.

     

එජාප කළමණාකරන කමිටුවේ දී 10 දා කුලියාපිටිය රැළිය හා මැයි දිනය කතා බහ කෙරිණ.

    

"දුබල සංවිධායකල වෙනුවට හොද අය පත් කරමු"

රවී කීය. 

"එහෙම කරමු. එතකම් ඉන්න අයගේ සහාය ගනිමු" රංගෙ කීවේය.

   

ඉන්දියානු සාගර සමුළුවට ගිය ජනපති ඉන්දියන් සයුරේ රැකවරණය හා එහි ආර්ථික වාසි දියුණු වෙන අයුරු පැහැදිලි කළේය.රුසියාව හා බටහිර කඳවුරේ යුද්ධය ගැන ද සිය මතය කීවේය.

    

ඇමෙරිකානු තානාපතිනි ජූලි ද කතා කලාය.

     

"රතු මුහුදේ ආරක්ෂාවට ලංකාව මැදිහත්වීම අගයනවා. ඇමෙරිකාව දුන් නැව් 03 න් හොඳට  වැඩ ගන්න නිසා තව එකක් දෙනවා" ජූලි කීවාය.

     

රනිල් රොනී ගේ මළගමට ගියවිට ඔහුගේ අන්තිම කැමති පත්‍රය පෙන්වීය.

     

"....මගේ අවමගුලේ දී එවකට ජනාදිපති ට කතාවක් වෙන්කරන්න...."

එය දුටු රනිල් මවිත විය. ඔහු තම වැඩ සටහන් ද වෙනස් කළේය. ත්‍රිකුණාමලේ සිට මාතර පැමිණ තම සගයාගේ අන්තිම ඉල්ලීම ඉටු කරන්නට ප්‍රතිඥා දුන්නේ  ය.

    

වංගු චෝදනා මඩ හා දහසක් අභියෝග මැද පොලිස්පති පුටුවේ වාඩිවූ දේශබන්දු වැඩ බාරගෙන තෑගිත් රැගෙන ජනපති බැහැදුටුවේය.      

"ව්‍යවස්ථා සභාවෙ බහුතරය ඔබට ඡන්දෙ දීල නම් ප්‍රශ්නයක් නෑ"

කපටි නරියා කබරයා තලගොයා කරගත්තේ ය. දේශබන්දු අගමැති හමුවීමෙන් පසු තමා ගොඩ දැමූ ටිරාන්  බලන්නට ද ගියේය.

      

"දැන් යුක්තියට මොකද වෙන්නේ කියලයි කට්ටිය බලන් ඉන්නේ" මහාචාර්ය ආශු කීවේ ජනපතිට ය.

    

"ව්‍යවස්ථා සභාවෙ විපක්ෂයේ සෙල්ලම් නිසා පොලිස්පති විතර ද සී.ජේ. එවපු නම් සුප්‍රිම් කෝට් විනිශ්චයකරවරු විදියට පත් කරගන්නත් බැරි වෙලා තියෙන්නෙ"

මහාචාර්ය ආශු කීවිට රනිල් තොල විකාගත්තේය.

   

ඇමෙරිකන් මහින්ද ට පෘතුවිය ඇති වෙලාදෝ අඟහරු ලොවට අදාළ වැඩකට අත ගැසුවේය. ඒ ලුසියානා ස්ටේට් විශ්ව විද්‍යාලයේ අගහරු හා අභ්‍යවකාශය ගැන පර්යේෂණ කරන ලාංකික මහාචාර්ය සිනිති කරුණාරත්න හා වාග්විද්‍යා කථිකාචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි වොෂින්ටන් හිදී හමුවීමෙන් පසුවය.

     

අගහරු ලොව පිහිටි දුර්ලභ පාෂානයක් වන සර්පන්ටයින් (Serpentine) නිධි ලංකාවේ දකුණු පළාත ප්‍රමුඛ තැන් කිහිපයක තිබීමත් එය ආර්ථික වශයෙන් රටට ප්‍රතිලාභ ලැබිය හැකි ඉසව් ගණනාවක් තිබෙන බව  මහාචාර්ය සිනිති පෙන්වා දුන් පසු මෙම පසුබිම ඇතිවිය. එකී පර්යේෂණ වලදී ලංකාව හා   ලාංකික විද්වතුන් ලොව ප්‍රමුඛස්ථානයේ සිටින නිසා එම සොයා ගැනීම් රටේ ඉහළම තැන් වලට යොමු කිරීමට ඇමෙරිකන් මහින්ද හා තානාපති නඩය දැන් කටයුතු කරමින් සිටිති.

 

@(අශෝක ජයතුංග ඇමෙරිකාවේ වොෂින්ටන් DC සිට)

nalan mendis

නවතම ලිපි