SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇත්තටම ලංකාවෙ එහෙම තැනක් තියෙනවද කියලා මම දැනගෙන හිටියේ නෑ.

මම ගොඩක් හොඳට හොයලා බලලා මගේ දරුවා නාවින්නෙ තියෙන ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක මොන්ටිසෝරියකට දැම්මා. දරුවා මාස කීපයයි මොන්ටිසෝරි ගියේ.

 

අනේ අම්මේ මට ඒ මොන්ටිසෝරියට යන්න බෑ.

ඒක හරියට හිර කූඩුවක් වගෙයි.

අපි ආස කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ.

දවසම පන්ති කාමරය ඇතුලේ තියාගෙන ඉන්නවා.

 

ඊළඟ දවසේ ඉඳලා දරුවා කොහොමටවත් මොන්ටිසෝරියට යවන්න බැරි වුණා. දරුවාගේ මානසික සෞඛ්‍ය සියල්ලටම වඩා වැදගත් නිසා බලෙන් මොන්ටිසෝරි යවන්න මට ඕන  කළේ නෑ. දරුවා ගෙදර තියාගෙන මාස හයක් මම හොඳ මොන්ටිසෝරියක් හෙව්වා. ගොඩක් තැන් වලට ගිහින් බැලුවා. හැම තැනම තියෙන්නේ එකම විදියේ මොන්ටිසෝරි. ඇත්තටම කිව්වොත් ගොඩක් මොන්ටිසෝරි වල මේ වයස දරුවන්ගේ මානසික තත්ත්වයට ගැලපෙන අධ්‍යාපනයක් තිබුණෙ නැහැ. ඇත්තටම දරුවා සහජයෙන් ගෙනාපු දේ ඔප් නංවන්න පුළුවන් විදිය මොන්ටිසෝරියක් හොයාගන්න මට මාස හයක් ගත වුණා.

 

 WhatsApp Image 2024 02 29 at 09.17.421

 

හරි අහම්බෙන් වගේ නුගේගොඩ පරන කැස්බෑව පාරේ තියෙන ලිට්ල් ඒන්ජන්ස් මොන්ටිසෝරිය ගැන දැනගන්න ලැබුණා. මම මොන්ටිසෝරියට ගිහින් බලාගෙන හිටියා. එතන මොන්ටිසෝරියක් තියෙනවද කියලා පාරට කිසිම සද්දයක්වත් ඇහෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මොන්ටිසෝරියක් ළඟින් යනකොට පුදුම සද්දයක් ඇහෙනවනේ. මේක හරිම නිහඬ මොන්ටිසෝරියක්. හරි පුදුමයි ලංකාවේ මෙහෙම තැනක් තියෙන එක ගැන.

 

දරුවෝ මොන්ටිසෝරියට එන්නෙ හරිම සතුටින්. ගුරුවරු එයාලව පිළිගන්නේ එයාලා ආස විදියට. එක් එක් දරුවා තමන්ට කැමති දේවල් තමයි ඉගෙන ගන්නේ. කිසිම බලහත්කාරයක් නැහැ.

 

නටන්න සිංදු කියන්න බිම පෙරළෙන්න නිදාගන්න ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. ඉතින් ඒ වගේ නිදහසකින් ඉගෙන ගන්න මොන දරුවද අකමැති. දරුවෝ කැමති මොනවද කියලා ගුරුවරු අහනවා. ඒ වගේම එයාල කැමති ඕන දෙයක් කරන්න ගුරුවරු ඉඩදෙනවා. ලෑල්ලක තියලා එළවළු කපනවා වගේ යමක් කපන්න වතුර බෝතලයකට සියුම්ව හැන්දකින් වතුර පුරවන්න නැත්නම් හාල් ටිකක් වැලි ටිකක් එක්ක සෙල්ලම් කරන්න.

 

සියුම් හසුරු කෞශල්‍යයන් දියුණු වෙන ඕනෑ තරම් ක්‍රම දරුවන්ට අත්හදා බලන්න දෙනවා. යුරෝපයේ වගේම ආසියාවෙ දියුණු රටවලත් මේ වගේ ක්‍රම තිබුනට මගේ ඇස් දෙකෙන් මේ වගේ ක්‍රම භාවිතා කරන මොන්ටිසෝරියක් දැක්කේ පළවෙනි වතාවට. ඇත්තටම හැම මොන්ටිසෝරි ගුරුවරයෙක්වම එතෙන්ට ගිහිල්ලා ඉගෙන ගත්තොත් කොච්චර වටිනවද කියලා මට හිතුනා. අකුරු උගන්නන්න පාවිච්චි කරන්නේ හරිම ලස්සන කතන්දර ක්‍රම. ඒ නිසා දරුවට කිසි වෙහෙසක් නැතුව අකුරු ඉගෙන ගන්න වගේම අකුරු ලියන්නත් පුළුවන් වෙනවා. කිසිම දේකට බල කිරීමක් නැති නිසා දරුවන්ට කිසිම ආතතියක් නැහැ. සතුටින් ඉගෙන ගන්න මගේ දරුවා වගේම අනිත් දරුවෝ දැක්කමත් මට පුදුම සතුටක් ඇතිවෙනවා. මම හිතන්නේ හැම දරුවෙකුටම මේ නිදහස් අධ්‍යාපනය ලැබිය යුතුයි කියලා.

 

WhatsApp Image 2024 02 29 at 09.17.472

 

පෙරපාසලේ ප්‍රධාන ආචාර්යතුමිය වන ඡායා හෙට්ටිගේ මහත්මිය හරිම නිදහස් චින්තනයක් තියෙන ගුරුතුමියක්. ඇය නිතරම කියන්නේ දරුවන් සහජයෙන් රැගෙන ආ කුසලතා  අපි තවත් ඔප් නැංවිය යුතුයි. ඒවා අපේ දේවල් වලින් විනාශ නොකළ යුතුයි කියලා.

 

WhatsApp Image 2024 02 29 at 09.17.431

 

දරුවා අකැමැති දේ බලහත්කාරයෙන් දරුවා මත පටවනවා වෙනුවට දරුවෙකුට නිදහසේ ඉගෙන ගන්න අවශ්‍ය වන වටපිටාව හදලා දීම හැම වැඩිහිටියෙකුගේම වගකීමක්. Little Angels Montessori කියන්නේ රටටම වටිනා තැනක්.

 

සටහන - කේ.නිල්මිණී

 

WhatsApp Image 2024 02 29 at 09.17.41WhatsApp Image 2024 02 29 at 09.17.42WhatsApp Image 2024 02 29 at 09.17.43WhatsApp Image 2024 02 29 at 09.17.44WhatsApp Image 2024 02 29 at 09.17.45WhatsApp Image 2024 02 29 at 09.17.46WhatsApp Image 2024 02 29 at 09.17.47WhatsApp Image 2024 02 29 at 09.17.48WhatsApp Image 2024 02 29 at 09.17.51WhatsApp Image 2024 02 29 at 09.17.421WhatsApp Image 2024 02 29 at 09.17.431WhatsApp Image 2024 02 29 at 09.17.441WhatsApp Image 2024 02 29 at 09.17.451WhatsApp Image 2024 02 29 at 09.17.452WhatsApp Image 2024 02 29 at 09.17.461WhatsApp Image 2024 02 29 at 09.17.471WhatsApp Image 2024 02 29 at 09.17.472WhatsApp Image 2024 02 29 at 09.17.481WhatsApp Image 2024 02 29 at 09.19.36

 

නවතම ලිපි