SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිර්මාල් දේවසිරි යළිත් වටයකින් චම්පික රණවක සහ මාලිමාව (අනුර කුමාර යන පුද්ගල නාමය නොගෙන මාලිමාව ලෙස දක්වා ඇත) අතර

වැඩ පිළිවෙල පිළිබඳව සන්සන්දනාත්මක විවේචනයකට එළැඹ ඇත.

 

එක්සත් ජනරජ පෙරමුණේ “දේශය වෙනුවෙන් එක් පියවරක්” වැඩපිළිවෙල ජනගත කරන දා එකී අවස්ථාවට සහභාගී වූ නිර්මාල් දේවසිරි තම මුහුණු පොතේ සඳහන් කර තිබුණේ දේශපාලන ආරම්මණයකට හොඳ ප්‍රතිවාදීත්වයක් අවශ්‍ය බවත් සජිත්, රනිල්, පොහොට්ටු වැනි අතීත අවතාර මෙන් නොව චම්පික යනු අනාගතයේ පැමිණීමක් බවත් ඒ නිසා එය හොඳ තත්වයක් ය කියා ය.

 

එනම් අනුර කුමාරට හොඳ ප්‍රතිවාදීත්වයක් ලැබුණු බවය.

 

නැවත මේ පිළිබඳව සටහනක් තබා ඇති නිර්මාල් පවසන්නේ මාලිමාවේ වැඩපිළිවෙල හා චම්පික ඉදිරිපත් කළ වැඩපිළිවෙල සන්සන්දනය කළ විට ඒ දෙක අතරේ කිසිදු ව්‍යූහාත්මක වෙනසක් නැති බවය.

 

වෙනසක් නොවේ නම් ප්‍රතිවාදීත්වය හට ගැනෙන්නේ  කවරක් තුළින් ද?

නිර්මාල් එය පැහැදිලි කළ යුතුය.

 

 deshaya wenuwen booklet

 

නිර්මාල් තැබූ සටහන... පහතින්

 

චම්පික ද මාලිමාව ද?

 

මාලිමාවට විරුද්ධව චම්පිකගේ ප්‍රචාරක ව්‍යාපෘතියෙන් එල්ලවන ප්‍රමුඛම විවේචනයක් තමයි මාලිමාවට රැල්ල මිසක් කිසිම සාධනීය වැඩ පිළිවෙලක් නැහැ කියන එක. මේකෙන් කියන්නෙ මාලිමාවට නැති වැඩ පිළිවෙලක් චම්පිකට තියෙනව කියන එකනං ඒ සම්පූර්ණ බොරුවක්. මේ ලේඛන දෙක සන්සන්දනය කරල බැලුවහම පේනව ඒ දෙක අතරෙ ව්‍යුහාත්මක වශයෙන් කිසිම වෙනසක් නැහැ කියල. ඒ මාලිමාවේ එක “කයියක්“ විතරයි කියල චම්පිකගෙ කට්ටිය කියනවා නම් ඒ අර්ථයෙන් චම්පිකගෙ එකත් “කයියක්“ විතරම තමයි!!!

 

උපුටාගැනීම- Nirmal devasiri fb

 

|Samaara Paranavithana

නවතම ලිපි