SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුගලා දේවී දවසේ පත්තර කියවන්නට ඉඳගත්තේ කිරි බණ්ඩේ ඇයව බැහැ දැකීමට පැමිණී මොහොතේ ය.

දේවී මොනවද අද අලුත් තොරතුරු හෙම?

 

දවස ගානේ අලුත් තොරතුරු කිව්වට පරණ කතාවමනෙ කිරි බණ්ඩෙ මේ පත්තරකාරයො කියන්නෙත්.

 

ඡන්ද හටනට මොකක් වෙයිද සුගලා දේවී?

 

මොනව වෙන්න උනත් ඡන්දයක් තියෙන්නත් එපායැ බණ්ඩෙ. ඔන්න රවී කරුණානායක කියනව රනිල් ඇත්තො නිර්පාක්ෂික වෙනවලු මෙදා සැරේ ඡන්දෙට.

 

ඒක හොඳ නෙවැ දේවී. දැන් උන්නැහේගේ පක්ෂයට මිනිස්සු නැහැනෙ ඉතිං කොහොමත්.

 

මේකනේ කිරි බන්ඩෙ නිර්පාක්සික කියන්නෙ නිකංම වචනයක් නෙවෙයිනේ. ඔය රනිල් ලොක්ක නිර්පාක්ෂික වෙනවනම් ඔය තදින් අල්ලගෙන ඉන්න පක්සෙ අතාරින්න එපායැ.

ලංකාවෙ ඡන්දදායකයො කොණ්ඩෙ බැඳපු චීන්නු කියල හිතාන වගේ නේව ඔය කතා කියන්නෙ.

අනික මේ කතාව කියල තියෙන්නෙ රවී උන්නැහේනේ. රවී උන්නැහේටත් ඔින ඔය පක්ෂය සංවිධානය කොරල පක්සෙ මහ පුටුවට එන්න. ඒකත් සාධාරණ නොවැ. හැමදාම විජේවර්ධන පවුලෙ බූදලයක් කොරන එකක් ජනතාවගෙ පක්සයක් වෙන්නෙ නැහැනෙ ඉතිං. හරියට පොහොට්ටු කාරයො වගේ.

 

දැන් ඉතිං ඔය පහුගිය දවස්වල රට්ටු කිව්වෙනම් දේවී රනිල් උන්නැහේ පරදින ඡන්දෙකට ඉල්ලන එකක් නැහැ කියල නෙවැ?

 

බලය කියන්නෙ කිරි බණ්ඩෙ අතාරින්න බැරි දුර්වලකමක් නොවැ. එක වතාවක් බලය රහ බලපු එකා බලන්නෙ හැමදාම බලය අතේ තියාගන්න. තමන්ට බැරි වෙද්දි තමන්ගෙ පවුලෙ කාටහරි දීල රහ බලමින් ඉන්න. ඔය රාජපස්සලා පේන්නෙ නැත. මිනිස්සු අතර කුජීතවෙලා පජාත වෙලා ඉද්දිත් කොහොම හරි එල්ලිලා ඉන්නම නොවැ උස්සාහ කොරන්නෙ.

 

දැන් ඔය හැදෙනවයි කියන සන්දානෙන් රටේ මහ පුටුවට තරඟ කොරනව නේද දේවී?

 

ඔව්. එහෙම කතාවක් තියෙනව. ඒත් දැන් රටේ තියෙන්නෙ දෙපිලක තරඟයක් නොවැ. අර අනුර කුමාර උන්නැහේගෙ පිල ජනාධිපති පුටුව ඔන්න ගත්ත මෙන්න ගත්ත කියල වාර්තා කොරද්දි මේ පැත්තෙ ඉන්න හැමදාම බලය ගත්තු ඇත්තොන්ට වෙලා තියෙනව නොවැ ඔලුව බේරගන්න තරඟ කොරන්න.

 

ඉතිං ඒකට වෙන කව්රුවත් නැතෙයි දේවී?

 

ඉන්නවා නං තමයි. ඒත් මේ රටේ දේසපාලනය හැදිල තියෙන්නෙම පරම්පරාවෙන් එන උන්දැලට නායකත්වෙ දෙන්නම නොවැ. ඔය ජනතාව කියන ඈයොන් හිතන්නෙත් රට පාලනය කොරපු පවුලකින් එන එකෙකුටම ආයෙත් නායකත්වෙ දෙන්න. මෙදා සැරේ ඔය පාඨලී ඉදිරිපත් වෙනව කියල දැන‌ගෙන නොවැ රනිල් උන්නැහේ සුවාධීන අපේක්ෂකය වෙලා එනව කියල රවීල වැට පැනල කියන්න ගත්තෙ.

 

මේ ඊයෙ පෙරෙයිදා පාඨලී උන්නැහේ  ජනාධිපති උන්නැහේ හම්බුනා කියලත් කියනවනේ දේවී? අපිනං හිතුවෙ මේ කට්ටිය එකතු වෙලා ගමනක් යන්නයි හදන්නෙ කියල.

 

කොහොම උනත් කිරි බණ්ඩෙ මුන්නැහේලට අන්තිම මොහොතෙ හරි එකතු වෙලා ඡන්ද හටනට මුහුණ දෙන්න වෙනව තමයි.

ඒක හින්ඳ තමයි පාඨලී උන්නැහේ ගේ කට්ටිය ඔය සන්දානයක් හදන වැඩේ ගජරාමෙට කොරගෙන යන්නෙ.

ඔිව ඔක්කොම ගැන ඉතිං පැලෑන තියෙන්නෙ අර චන්ද්‍රිකා නෝනෙගෙ හිතේ නොවැ.

ඒ මොක උනත් බන්ඩෙ අපිට කියන්න තියෙන්නෙ රනිල් උන්නැහේ නිර්පාක්සික වෙනවනම් මුලින්ම තමන් අල්ලගෙන ඉන්න පක්සෙ නායකත්වය අතාරින්න ඔින කියලයි.

අනික තමයි කිරිබණ්ඩෙ මෙදා සැරේ ඡන්දෙ ගැන තීරණේ කොරන්නෙ ගෙවල්වල බත් ඉදවන, පැටව් හදාගෙන වැඩ කොරන අපේ ගෑනු ටික කියන එක මම උඹට පස්සෙ වෙලාවක කියල දෙන්නම්කො.

දැන් උඹ ඔය බෑරක් යන ගමන්ද කිරි බණ්ඩෙ...?

 

ඔව් දේවී මම සිදාදියට ගොහින් එන්න යනව නානාගෙ කඩේ දුම්කොල කටේ තියන්න බෑ කඩදහි වගේ. හොඳ දුංකොල කෑල්ලක් අරන් එන්ට යනවෑ...ගොහින් එන්නම් දේවී...

 

හොඳා ගිහින් වරෙන්කො.

 

#සුගලාගේ සටහන