SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සොලනිකා ට්‍රැක්ටර් රථ හා ගොවි උපකරණ ලභාදෙන බව කියමින්, කූඨ ලේඛන ද සකසා රුපියල් මිලියන ගණනක් අහිංසක ගොවීන්ගෙන් කොල්ල කෑ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ එජාප මංත්‍රිනී,

අබ්දූල් කළාම් අණුස්මරන පදනමේ අධ්‍යක්ෂිකා, K.H. උදේනිකා දමයන්ති නම් තැනැත්තිය මෙතෙක් අත් අඩංගුවට නොගැනීම ගැන වහසි බස් දොඩමින්  පළාත් පාලන ආයතන වල නියෝජිත වරුන්ට, නියෝජිත වරියන්ට මෙන්ම මහජනතාවට තමන් අත් අඩංගුවට පත් නොවී සිටීමේ පුරාජේරුව ගැන තර්ජනාත්මකව හා උපහාසාත්මකව සමාජගත කරමින් සිටින බව වාර්තා වේ.

 

සමාජ මාධ්‍ය හරහා හෙළිදරව් කළ පුවත් ප්‍රචාරය කළහොත් නීතිය ක්‍රියාත්මක කරනවා….!  කුප්‍රකට එජාප මංත්‍රිනියගෙන් තර්ජන……….!

 

මාස දෙකකට අධික කාළයක සිට වංචාකාර එජාප මංත්‍රිනීගේ මහා මූල්‍ය වංචාව සාක්ෂි සහිතව හෙළිදරව් කළද,, තවමත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීමත්, අදහාගත නොහැකි මන්දගාමී පොලිස් පිළිවෙත නිසාත් අධිමානයෙන් පෙලෙන වංචාකාර එජාප මංත්‍රිනී තම සහෝදර මංත්‍රී පාර්ශව වෙත අනියමින් හා නියමයෙන් තර්ජනය කරමින් සිටින බව ආරංචිමාර්ග කියයි.

මේ අතර  ඉතා සුළු වරදකට පවා සාමාන්‍ය මහජනයාට ක්‍රියාත්මක වන නීතිය තවමත් ඇයට ක්‍රියාත්මක නොවීම ගැන අසරණ වින්දිත ගොවීන් අතිශය කනස්සල්ලෙන් පසුවෙති.

 

 12

අදාළ වින්දිත ගොවීන් විසින්  තංගල්ල පොලීසියට මෙම පැමිණිලි සිදුකර දැන් මාස එකහමාරක් ගතව ඇතැයි වාර්තා‌ වේ. තවම සැකකරුවන් නිදැල්ලේ.

 

 

“එක වගේ කුරුල්ලෝ එක අත්තේ” කුප්‍රකට උදේනිකා සුදු හුණු ගාන්න අනුරපුරෙන් මංත්‍රිනියක් හයර් කරලා….  ?

 

සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි හරහා හෙළිදරව් කළ අබ්දූල් කළාම් පදනමේ අධ්‍යක්ෂිකා වංචාකාරීව මුදල් ලබාගත් එජාප මංත්‍රිනී කේ. එච් උදේනිකා පිළිබඳව සමස්ත රටවැසියන්ගෙන් දැනුවත් වීමත් සමග පොලොන්නරුව වැලිකන්ද, අනුරාධපුර, රත්නපුර, හම්බන්තොට යන ප්‍රදේශවල දියත් කිරීමට සූදානම් කොට තිබූ මුදල් කොල්ලකෑමේ කුප්‍රකට මෙහෙයුම් සියල්ල ඇනහිට ඇත. විශේෂයෙන්ම පොලොන්නරුව, වැලිකන්ද හා අනුරාධපුර ආසන මට්ටමින් මෙකී මහා මූල්‍ය වංචාව ප්‍රචලිත වී තවදුරටත් අහිංසක මිනිස්සුන් රැවටීම කළ නොහැකි තත්වයක් උද්ගතව ඇත.

 

WhatsApp Image 2024 02 15 at 21.18.09

කූඨ ලේඛන සැකසීම පිළිබඳව පැමිණිල්ලක්.

 

එනිසාවෙන් මූල්‍ය වංචාවලට සැකකාර උදේනිකා හට සුදුහුණු ගෑමටත්, සාක්ෂි සහිතව හෙළිදරව් වී ඇති සත්‍ය විකෘති කොට නිර්දෝශී,පරමාදර්ශී චරිතයක් හිමි කතක් බවට නැවත වටයකින් ජනතාව රවටා  ගැනීමට කටයුතු සූදානම් කරගෙන යාමට වංචාකාර උදේනිකා විසින්, චෞර රාජපක්ෂලාට වන්දිභට්ටකම් කර නැවත එක්සත් ජාතික පක්ෂයට හේත්තුවී (බලය නොමැතිව කිසිඳු පැවැත්මක් නොමැති නිසාවෙන්) සිටින සුරංගි රේණුකා සමරතුංග නම් අනුරාධපුර මහ නගර සභාවේ මංත්‍රීවරිය යොදාගෙන ඇති බව ගොවීන් පවසති.

 

මූල්‍ය වංචා සැකකාර එජාප මංත්‍රිනී K.H.උදේනිකා විසින් අදාල මංත්‍රී පාර්ශව වෙත තර්ජනාත්මකව පවසන්නේ තවදුරටත් මාධ්‍ය මගින් හෙළිදරව් කළ තොරතුරු ප්‍රචාරය කරන්නේ නම් පොලොන්නරුව ASP පොලිස් කාර්‍යාලයේ පැමිණිලි කරන වවත්, ඊට පක්ෂග්‍රාහීව සාක්ෂි ලභාදීමට සුරංගි R සමරතුංග නම් වත්මනේ එජාපය නියෝජනය කරන මංත්‍රීවරිය තමා සමග එකට එක්ව ක්‍රියා කරන බවත්, ඇය සාක්ෂි ලභාදීමට අද දිනයේ පැමිණෙන බවත්ය . වංචාකාර උදේනිකා දමයන්ති විසින් සිදුකරනා තර්ජනාත්මක ස්වරූපයේ හඬපට අප සතුව ඇත.

 

තවද සුරංගි R සමරතුංග හා වංචාකාර උදේනිකා දමයන්ති ගේ සුසන්යෝගය පිළිබඳ වින්දිත ගොවීන් හා සහෝදර මංත්‍රීවරුන් පවසන්නේ ඉතා පහත් ලෙස හා අසභ්‍ය ලෙස ඕනෑම විටක ආමන්ත්‍රණය කරන එක අත්තේ වසන එක වගේ කුරුල්ලන් ලෙසින් ක්‍රියා කිරීම අරුමයක් නොවන බවත්, මේ තරම් විසල් වංචාවක තොරතුරු හෙළිදරව් කරමින් තිබියදීත්, අත් අඩංගුවට පත්නොවී මෙසේ කටමැත දොඩමින් ක්‍රියා කරණුයේ වත්මන් ආණ්ඩුවේ හා ශ්‍රී ලංකා පොලීසිය හා ඇති ඍජු සබඳකම් වල ආනුභාවයෙන් බවය, මක්නිසාදයත් මෙකී වංචාවට අනුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ කළ පැමිණිලි වලට අමතරව, කූඨ ලේඛන සැකසීම වෙනුවෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට හා මහජන ආරක්ෂාව හා පොලීසිය බාර ඇමති ටිරාන් අලස්ට ලිඛිතව කළ පැමිණිලි කොට ඇතත් කුප්‍රකට වංචාකාරියන් මෙසේ නිර්භයව ජනතාවට ඔලොක්කුවට මෙන් ක්‍රියා කිරීම නිසාය.

 

වැඩබලන පොලිස්පති තුමනි, මහජන ආරක්ෂාව හා පොලීසිය භාර ටිරාන් අලස් අමාත්‍ය තුමනි දෙපාර්තමේන්තුවේ ගෞරවය මෙන්ම නීතිය පිළිබඳව ජනතාවගේ විස්වාසය රැඳී ඇත්තේ ඔබලා සතුව බව අප නැවතත් කාරුණිකව අවධාරණය කරමු…

 

@සුමුදු මද්දුමාරච්ච්

මිලානෝ,

ඉතාලිය