SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සයිබීරියාව බලා යන මොස්කව් ගුවන් යානයේදී වස දීමෙන් පසුව,ඔබගේ ජීවිතය බේරා ගැනීමට මෙහි පැමිණියේය.

එතැන් සිට කෘතවේදී ඔබ නිරෝගිව ආපසු මව්බිම වන වියරු රෝගී ඒකාධිපතියාගේ බලයෙන් යටහත් පහත්ව ජිවත් වීමට කැමති ලෝකයේ විශාලතම බය්යන් (අපේ භාෂාවෙන්) හෙවත් නුගුණන් ජිවත්වන රුසියාව වෙත ඔබ නැවත යන්නේ අවසන් ගමන බව රාජකාරී සගයකුට මා කියූ වදන් ඔහු මට ඔබගේ මරණයෙන් පසු සිහි කළේය.

 

රුසියාවේ ඉරිසියාව ලෝකයට වඩා වැඩි ය. ලංකාවේ අපිට රුසියාවේ පොත පත කියවා ලැබුණු ඒ දැනුම වැඩිය.

 

සිරගෙදරදී සීතලට වස්ත්‍රයක් ඉල්ලමින් කනි පින්දම් කියන තැනට ඔබට ඔවුන් පීඩා කලෝය. හිර වූ ජකැටය සමග මහන මැසිමේ වැඩ කරද්දී ඔබ දැඩි පීඩාවකට පත්විය. අවසානයේ අවසන් ජයග්‍රහණය වෙනුවෙන් දෙවෙනි ලෝක යුද්ධයේදී මවට වෙඩි වැදීමේ වෛරය හා බැඳුණු නොසන්සිඳෙන ඉඩ්පාස් සංකීරණය මහළු වයසේදී ජයගත නොහැකිව විඳවන ලෝකය මරා දමන,එහෙත් ලංකාවේ ගුටි කන්නට කැමති පිරිමින්ගේ ගේ වීරයා වන පුටිං ගේ අනුහසින් ඔබ මරා දමනු ලැබිණි.

 

ඔබගේ මවට බිරිඳට ලක්ෂ ගණනක එසේ මරා දමන සිරකරුවන්ගේ මල සිරුරු මෙන්ම ඔබගේ සිරුරද ලබා නොදෙමින් වියරු පුටිං මල මිනිය ලබා නොදෙමින් කරන ලද නාඩගම බලා සිටියෙමි.

 

මරණය පෙනී පෙනී..ආපසු මව් රටට යන්නට ගත් තීරණයේ සමානකම් මට පෙනේ. සිර ගෙදර සිට , වොඩ්කා වලින් මොලය අක්‍රිය කල මිලියන ගණනක් රුසියනුවා අතර දැනුමැති මිනිසුන් අමතන ඔබ මට මැවී පෙනේ.ඔබ මරා දැමුවේ බියගුල්ලාගේ බිය නිසාය. අනුන්ගේ ජිවිත වලින් යුද්ධ කරන බියගුල්ලා ඔබට බියෙන් ඔබව මරා දැමුවේය. මරණය පෙනී පෙනී පිළිකාවෙන් පිඩා විඳිමින් ඔහු ඔබව මරන්නට අණ දුන්නේය. ඔහුට පෙර ඔබ මිය යා යුතුය යන බොළඳ වියරු ආසාව මුදුන් පත් විය.

 

යුක්‍රේනයේ ළමයින් මරණ පුටින්ට ආවැඩූ පලස්තීනයේ දරුවන් වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලු ලංකාවේ නව අරුම පුදුම වාදී විප්ලව කලාවේ සාමාජිකයන් ඔහුගේ මරණය නෑසුණු සේ සිටියෝය. ලංකාවේ මාධ්‍ය ඔහු අමතක කළේය. දින ගණනක් මා නම් නිහඬ සිටියේ අධ්‍යනයක යෙදීමෙනි. මට දැනේනේ මා මිය ගියා ලෙසිනි. ඒ ලෝකයේ දැන නොදැන වියරු, රෝගී පුටිං හමුවේ දණ නොනැමූ, ඔහුගේ සිර බන්ධනයට බිය නොමැතිව.තමා මරා දමන බව දැන දැන ආපසු ගිය ඔබ වෙනුවෙනි. මම ඔබට ආදරය කරමි. ඒ ඔබ මේ ලෝකයේ සියළු විරුවන් පරදා ඔබගේ මාතෘ භූමියට එහි ජනතාවට ඇති ස්නේහය ලේ වලින්,තම හුස්මෙන් ,තම ජිව්තයෙන් පෙන් වූ බැවිනි. කාගේ හෝ නියෝජිතයකු වුයේ නම්..ඔබ තවත් ජිවතුන් අතරය.ඔබට සුබ ගමන්.

 

@subhashini Wipfler