SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩ බලන පොලිස්පති ධුර කාලය එළඹෙන 26 වන දින අවසන් වීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයා විසින් ඔහුව මාස තුනක කාලයක් පොලිස්පති ධුරයේ වැඩ බැඳීම සඳහා පත්කරන ලද්දේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ද ඇතිවය.

 

 

ඔහු විසින් ඇමති ටිරාන් අලස් හා එක්ව කුඩු පාතාලය මඩින්නේ යැයි ව්‍යාපෘතියක් අරඹන ලද්දේ පත්වීම ලද පසු වය.

බොහෝ දෙනා ඒ ගැන කීවේ පොලිස්පති වීමේ කැම්පේන් එක කියාය.

ඒ ද වැරදි  නොවේ ය.

 

එය සම්පූර්ණ ප්‍රචාරණ මෙහෙයුමකි.

එයට බොහෝ මාධ්‍ය ද එක් කර ගෙන තිබුණි.

ඒ තුළ ෆොටෝ ෂූට් කිරීම් ද  ඇතුලු අංග ගණනාවකි.

ලංකාවේ සියලු කටයුතු බලය සඳහා වු කැම්පේන් එකක් බවට පත්කරමින් ප්‍රචාරක ආයතන හරහා සිදුකෙරෙන මෙහෙයුම් බවට පත්කර ඇත.

 

කුඩු පාතාලය අවංකවම විනාශ කර දමන්නේ නම් එය මල් තබා වන්දනා කළයුතු ‍‍‍‍‍‍‍‍කර්තව්‍යයකි.

එහෙත් නාටක සඳහා කුමන් වන්දනා ද?

නාටකය කුමක් වෙනුවෙන් ද? කා සඳහා ද යන්න සියල්ලෝම දැනගත් පසු තවත් නම් කුමන කතා ද?

 

කෙසේ වුවද  වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට තවදුරටත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැතිනම් ඔහු පොලිස්පති ධුරයේ දුරට පත් කරන්නේද, නව පොලිස්පතිවරයෙක් පත් කරන්නේදැයි එළඹෙන සඳුදා දිනට පෙර තීරණය කළ යුතුව තිබේ.

 

වර්තමාන ජනාධිපතිවරයා සේවා  දිගු ලබාදීමේ පප්පෙකියි බොහෝ දෙනාගේ අදහස ය.

තවද දේවල් සඳහා කල් ගැනීමේ හා මගහැරීමේ  උපන් ගෙයි සමතෙකි.

 

@ලාල්