SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වංගීස සුමනසේකර විසින් අපූරු සටහන් දෙකක් තබා ඇත. ඉන් එකක අරමුණ වන්නේ අප විසින් නිශ්චිතිව කල් තබා ප්‍රකාශ කල දේශපාලන කාරනා සහ සිදුවීම් හෑල්ලු කොට දැමීමයි.

මාලිමාව බලයට පත් වූ පසුව ස්වාධීන රූපවාහිනයේ දීප්තිගේ භූමිකාවට පනපෙවීමට බලා සිටින ඔහුගේ ඇම්ම අපට තේරුම් ගත හැකිය.

 

ඔහු තවත් සටහනක් තබමින් මෙසේ ප්‍රකාශ කරයි:

"නිදර්ශනයක් ලෙස X සහ Y ලැකෝන් ගේ මුල් ලිවීම් කියවා නැති බව විවෘතව පිළිගත්ත ද ඔවුන් සෑම විටම ඉඟි කරන්නේ තමන් ජිජැක් ගේ දර්ශනය අතැඹුලක් සේ දන්නා බවයි. නමුත්, නැවතත්, X සහ Y ට ජිජැක් ගේ දර්ශනය තේරුම් ගැනීම සඳහා කේන්ද්‍රීය වන කාන්ට් සහ හේගල් ගේ දර්ශනය ගැන සතපහක දැනුමක් නොමැති වේ."

 

උපුටනය එපමණක් වුව ද වංගීස මෙම උපුටනයට පහලින් දාර්ශනිකයින් නම් වශයෙන් දක්වමින් කියවිය යුතු ආකාරය පැහැදිලි කරයි.

ඔහු X සහ Y යනුවෙන් පවසන්නේ කා හටදැයි නොවැටහේ. නමුත් ජුවාන් ඩේවිඩ් නාසියෝ වැනි අය හරහා මනොවිශ්ලේෂණය ඉදිරිපත් කලේ රොහාන් සහ "X කණ්ඩායමයි". අප ඊට වෙනස්ව ලකාන්ගේ මුල් දේශන පදනම් කරගනී. කොටින්ම අප ලකාන් සම්බන්ධයෙන් ශිෂැක්ගේ ස්ථාවරයට හෝ සම්පූර්ණ වශයෙන් එකඟ නොවේ.

 

වැදගත්ම කාරණය වන්නේ ඔහු ඊළඟට සඳහන් කරන කාරණයයි. එනම්, ශිෂැක් කියවන්නේ නම් ශිෂැක්ගේ "දර්ශනය" (ඔහු දාර්ශනිකයෙක් ද?) තුල හමුවන හේගල්, කාන්ට් වැනි දාර්ශනිකයින් සම්පූර්ණයෙන් කියවිය යුතුය. ශිෂැක්ගේ කෘතීන් තුල හමුවන්නේ එම දාර්ශනිකයින් දෙදෙනා පමණක් නොවේ. තවත් බොහෝ දාර්ශනිකයින් සහ කෘති ලියන්නන් පිළිබඳව ඔහු ඉතා බහුල ලෙස සඳහන් කරන අතර ශිෂැක් සම්බන්ධයෙන් වන අප්‍රසිද්ධ කාරනාවක් වන්නේ ඔහුට ප්‍රධාන වශයෙන්ම බලපෑ ඇති අයෙකු වන්නේ කොජින් කර්තානි බවය.

 

එබැවින් වංගීසගේ ක්‍රමයට අනුව ශිෂැක් කියවීම ලෙහෙසි පහසු කාර්යක් නොවේ. මේ වන විට විශාල කෘතීන් 60ක් පමණ ලියා ඇති ශිෂැක්ගේ සියලු කෘතීන් මුල සිට කියවිය යුතු අතර ඒවා තුල ශිෂැක් විසින් සඳහන් කරනා අයගේ සියලු කෘතීන් ද ශිෂැක්ගේ එම කෘතීන් කියවන අතර කියවිය යුතුව ඇත. මෙහි කෙළවරක් නොමැත. එනම්, එම කෘතීන් කියවන විට එම කෘතීන් ලියා ඇති අයට බලපා ඇති අය සම්බන්ධයෙන් ද එම කෘතීන් තුල සඳහන් වේ. ඒ අනුව ඒවා ද පිලිවෙලින් කියවීමට සිදු වන අතර ශිෂැක්ගේ කෘතීන් කියවීමට තම ජීවිත කාලය තුලම ඉඩ නොලැබෙනු ඇත.

 

මොහු මින් ඉඟිකරනු ලබන්නේ අපගේ ඉදිරිපත් කිරීම් වැරදි බවය. මේ සඳහා අපට කිව හැක්කේ මෙපමණකි. වංගීසට කල යුතුව ඇත්තේ අප ඔය කිසිම පොතක් කියවා නොමැති බව උපකල්පනය කරමින් (අපටද එසේ පිළිගත හැකිය), අපගේ ඉදිරිපත් කිරීම් අප තුලින්ම පැමිණෙන ඉදිරිපත් කිරීම් ලෙස සලකා හැකිනම් ඒවා අභියෝගයට ලක්කොට පෙන්වන ලෙසය. මේ දිනවල වංගීස සමග ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටිනුයේ ප්‍රභා මනුරත්න මැතිනියයි.

 

 

@Madawa Ruwanpathirana