SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව සමාජීය සහ පාරිසරික වශයෙන් මේ මට්ටමට විනාශ කර දැමීමේ ආරම්භය ලබා දුන්නේ ජේ. ආර්. ප්‍රමුඛ UNPයි.

 මෙවර ඔහුගේ බෑනා විසින් සිදු කිරීමට යන විනාශය ඉතා බිහිසුණුය. එතරම් බිහිසුණු විනාශයක් සිදුකොට හෝ ප්‍රභූ බලය රැකගැනීම රනිල්ගේ අරමුණයි.

ලංකාව තුල සින්නක්කර නොවන ඉඩම් වර්ග කිහිපයක් ඇත. ඒ "ස්වර්ණ භූමි", "ජය භූමි", "මධ්‍යම පාන්තික", "ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව (LRC)" යටතේ පවතින ඉඩම්, යනාදී වශයෙනි. සින්නක්කර ඔප්පු ද සහිතව සියලු ඉඩම් වල පූර්ණ බලතල රජය සතු වුව ද සින්නක්කර ඔප්පු වල නොමැති දැඩි සීමා සින්නක්කර නොවන අනෙකුත් ඔප්පු සඳහා අදාළ වේ. සින්නක්කර ඉඩම් තුල ද ඉඩම් හිමියාට අවශ්‍ය ඕනෑම දෙයක් අවසරයකින් තොරව සිදුකල නොහැකිය. එනම්, කැනීම්, ඉදි කිරීම්, කර්මාන්ත යනාදී ලෙසයි. නමුත් සින්නක්කර නොවන අනෙකුත් ඉඩම් තුල කෙසේවත් එවැනි දෑ කල නොහැකිය. ඒවා වගා කටයුතු සඳහා පමණක් ලබා දී ඇති ඉඩම් වන අතර යම් ගොඩනැගිල්ලක් හෝ ඉදිකරගත හැක්කේ ඊට අදාළ අයුරින් අවසර ලත් සීමා කිරීම් වලට යටත්වය. ඒ සියල්ල සඳහා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් හෝ අනෙකුත් අදාළ නිලධාරීන්ගේ අවසරය තිබිය යුතුය. විකිණීම, පැවරීම යන සියලු දෑ ඊට යටත්ය.

ර 3

 

නමුත් ඉහත කී ඉඩම් වර්ග සහ ඊට අමතරව "අවශේෂ වනාන්තර" ද සාමාන්‍ය මිනිසුන් වෙත සින්නක්කර ඔප්පු ලෙස බෙදා දීමට සූදානම් වේ. මෙය සම්පූර්ණ ඡන්ද මගඩියකි. ලංකාවේ ඇත්තේ පවුල් ලක්ෂ 52කි. ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් බෙදා දීමට රනිල් බලාපොරොත්තු වේ. එනම් පවුල් ලක්ෂ 20කට ඉඩම් ලැබීමට නියමිතය (මේවා අක්කර ගණන් වල ප්‍රමානයෙනි). පවුල් ලක්ෂ 20කට ඉඩම් ලැබීම යනු රටේ මුළු ජනගහනයෙන් අඩකට මදක් අඩු ප්‍රමාණයක් ආවරණය කිරීමයි. එම ජන පිරිසට ඉඩම් ලැබීම එම ජන පිරිස විසින් සලකනු ලබන්නේ තමන් හට ලක්ෂ කෝටි ගණනක වාසියක් අත් වූ ලෙසය. එනම් පවුල් ලක්ෂ 20ක් සඳහා මුදල් ලබා දුන්නා හා සමාන වේ. මේ තුලින් පැහැදිලිවම ඡන්ද ලක්ෂ 50ක් පමණ ලබාගත හැකිවේය යන්න රනිල්ගේ තක්සේරුව විය යුතුය. මන්ද තවමත් බෙදා දී ඇත්තේ ඉඩම් ඔප්පු 10000ක් පමණි. තවත් ලක්ෂ 19කුත් 90000ක් ඉතුරුව ඇත. ඉතුරු අයට ඉඩම් ලැබෙනුයේ රනිල් බලයේ සිටියහොත් පමණි. එබැවින් ඉඩම් ලබා ගැනීමට නම් රනිල් බලයේ සිටිය යුතුය.

ඊට අමතරව වතු දෙමල ප්‍රජාවට ඉඩම් අයිතිය ලබා දීමට රනිල් සූදානම් වේ. ඔවුන්ට ඉඩම් අයිතිය නොමැති වීම වෙනත් ප්‍රශ්නයකි. එහෙත් එම ප්‍රජාවට මධ්‍ය කඳුකරයේ ඉඩම් ලබා දීම යනු අති මහත් බිහිසුණු විනාශයක ආරම්භයයි.

 

ර 2

 

මෙසේ සින්නක්කර ඔප්පු ලබා දීම තුල මෙම ඉඩම් හිමියන් ඒවායේ ඉදිකිරීම් ආරම්භ කරනු ඇත. ඉන්පසු ඒවා සඳහා පුළුල් මාර්ග පද්ධතීන් අවශ්‍ය වනු ඇත. එසේම විදුලිය ද, ජලය ද අවශ්‍ය වනු ඇත (ඡන්ද ව්‍යාපාරයේ ඊළඟ පදනම ද ඒවා තුලින් වැටීමට නියමිතය). ඊට අමතරව ඔවුනට තම ඉඩම් වල ඇති සියලු ගස් කපා විකිණීමේ හැකියාව අත්වනු ඇත. ඒවායේ ගල්, වැලි පස්, බොරළු වැනි දෑ ද විකිණීමට හැකි වනු ඇත. ඉන් සිදු වන්නේ සුළු පටු විනාශයක් නොවේ.

රනිල් ඇතුළු ප්‍රභූ තන්ත්‍රයට අවශ්‍යව ඇත්තේ මෙම දැවැන්ත විනාශය සිදු කොට හෝ බලය රැකගැනීමයි. එනම්, මෙතරම් වරදානයක් ලබා නොදී මෙවර "ජනතාව" ඔවුනට නතුකොට ගැනීම අපහසු බව ඔවුන් දනී.

එහිම ඊළඟ තේරීම වී ඇත්තේ චම්පික රණවකය. චම්පික යනු අගමැති අපේක්ෂකයා මිස ජනාධිපති අපේක්ෂකයා නොවනු ඇත. ඉඩම් ලක්ෂ 20, වතු දෙමල ඉඩම් අයිතිය, හාල් කිලෝ 20 (මෙය මුඩුක්කු ජනයා ඉලක්ක කර සිදු කරන්නකි), වැනි ඡන්ද මගඩි මෙන්ම මුග්ධ මධ්‍යම පාන්තික ඡන්ද ඉල්ලක කරමින් චම්පික අභිෂේක කිරීම ද මෙම ප්‍රභූ තන්ත්‍රය එකතු වී සිදුකරනා ඡන්ද මගඩියකි.

 

cha 1

චම්පික සිතාගෙන ඇත්තේ මහාමැතිවරණය ජයගෙන අගමැති වී, පසුව ජනාධිපති විය හැකිය යන්නයි. නමුත් රනිල්ගේ වර්තමාන ප්‍රවේශය හමුවේ සිදුවීමට නියමිතව ඇත්තේ ඊට වෙනස් දෙයකි. එනම්, රනිල්ගේ බලාපොරොත්තුව වන්නේ ජනාධිපති අපේක්ෂකයා වීමටය. චම්පික අගමැති වූ පසුව පවත්වන ජනාධිපතිවරණයේ එම පාර්ශවයේ අපේක්ෂකයා වන්නේ රනිල් මිස චම්පික නොවේ. මෙතරම් ඉඩම් බෙදා දී, සහල් බෙදා දී චම්පික අභිෂේක කිරීමේ පස්චාත්භාග අමාරුවක් රනිල්ට ඇත්නම් ඒ ප්‍රභූ තන්ත්‍රය රැකගත හැකි වේය යන තීරණයේ සිට පමණි.

නමුත් රනිල්ගේ උපක්‍රමය ඊට එහා ගිය අභිප්‍රායන් සහිතව අරමුණු සහගත වී ඇති බව පෙනේ. චම්පික සිතාගෙන ඇත්තේ ජවිපෙ විසින් බලය ඩැහැ ගැනීමේ ආසන්න තත්වයක් පැවති 1988 වසරේ ප්‍රේමදාස විසින් ජේ.ආර්. හට කුණුහරුප කියා ජනාධිපති අපේක්ෂක කම ලබා ගත්තාක් මෙන් මෙවර ද ජවිපෙ වෙතින් එල්ල වී ඇති අභියෝගය හමුවේ චම්පිකට ජනාධිපති අපේක්ෂක කම රනිල් වෙතින් ලබා ගත හැකිවේය යන්නයි. නමුත් නිර්ප්‍රභූ පවුල් පසුබිමකින් පැමිණ ප්‍රභූවරයෙකු වූ ප්‍රේමදාස මෙන් නිර්ප්‍රභූ පවුල් පසුබිමකින් පැමිණ ප්‍රභූවරයෙකු වී ඇති චම්පිකට එය කල නොහැකි වනු ඇත්තේ මෙවර මුළු ප්‍රභූ තන්ත්‍රයම රනිල් වෙත අවනත වී ඇති බැවින් සහ රට පුරා ව්‍යාප්ත වූ 1988 සමයේ පැවැති අකාරයේ බිහිසුණු තර්ජනාත්මක ස්වරූපයක් වර්තමානයේ ජවිපෙ වෙතින් එල්ල වී නොමැති බැවිනි.

 

cha 2

 

චම්පික අගමැති වී රනිල් ජනාධිපති වුවහොත් (රනිල්ගේ වර්තමාන වැඩපිළිවෙල තුල මෙහි වියහැකිභාවයක් ඇත), ඉන්පසු චම්පිකට සිදුවන්නේ කීකරු හොඳ ළමයෙකු ලෙස යහපත් කල්කිරියාවෙන් යුතුව තම දූ මුනුපුරු මිනිපිරියන්ගේ අනාගතය ගැන සිතමින් පසුවීමයි. එසේ නොවුනහොත් පාර්ලිමේන්තුවට තේරීපත්වන අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ටොකු කා පලා යාමට ඔහුට සිදුවනු ඇත. එනම්, එවැනි තත්වයක් යටතේ ඔහුට අගමැති තනතුර ද අහිමි වනු ඇත.

චන්ද්‍රිකා පසුගිය දිනක හඬා වැලපෙමින් පවසා ඇත්තේ මාලිමාව බලයට පත්වීම කෙසේ හෝ වලකන ලෙසය. ඉඩම් ඔප්පු ලක්ෂ 20, වතු දෙමල ඉඩම් අයිතිය, හාල් කිලෝ 20 පැමිණෙන්නේ ඒ අනුවය. මෙම අභියෝගයට මුහුණ දීමට බොහෝ දුරට ජවිපෙ අසමත් වනු ඇත. ජවිපෙට පක්ෂපාත බොහෝ දෙනෙකු කියා සිටිනුයේ රනිල්ගෙන් ඉඩම් ලබාගෙන ඡන්දය මාලිමාවට ලබාදෙන තත්වයක් මෙවර පවතින බවය. නමුත් මැතිවරණයට පෙර ඉඩම් ලක්ෂයක් පමණ (ලක්ෂය යනු සංකේතීය වටිනාකමකි) ලබා දෙනු ඇති වුව ද තවත් ලක්ෂ 19ක් ඉතිරිව පවතිනු ඇත. ඒ තත්වය තුල තමන්ට හිමි වන අති මහත් වාසිය අත්හැරීමට ඉඩම් ලැබීමට නියමිත "ජනතාව" කැමති වේ ද?

@ස්පාටකස් ලිපි

නවතම ලිපි