SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද දවසේ සයිබීරියානු හිරගෙයක් ඇතුලෙ සීතලේ නිහඬවම මියගිය ඇල්ක්සේයි නවාල්නි (Alexei Navalny) ගැන තව ටික දවසකින් ලෝකයට අමතක වෙලා යාවි.

නමුත් ඇලෙක්සේයි නාවාල්නි තරුණ රුසියානුවන්ගෙ අවසන් බලාපොරොත්තුව වූ බව අමතක කරන්න අමාරුයි.

 

රුසියාවේ අනාගතය- ( Russia of the Future) ඒ නවාල්නි නිර්මාණය කරන ලද දේශපාලන පක්ශයේ නම.

 

ස්ටාලින්ගෙන් පටන් අරගෙන මලෙන්කොව්... නිකිටා කෘශ්චෙව්.. ලියොනාඩ් බ්‍රෙශ්නෙව් දක්වා ඒකාධිපතීන්ගේ පොදු හා ප්‍රියතම ස්ථානයන් වෙන්නෙ සයිබීරියාවේ සීතල හිර ගෙවල්.

ඒ රටාවෙන් වෙනස් වෙන්න ව්ලැඩිමීර් පුටින්‍ට හැකියාවක් ඇති බවක් දකින්න නෑ.

 

තමන්ගෙ දේශපාලන අදහස්වලට විරුද්ධ මිනිස්සු විතරක් නෙවේ ...තමන් අකමැති ඕනෑම පුද්ගලයෙක් ... විරුද්ධවාදියෙක් අවසන් කරන්න මේ නායකයන් තෝරගත්තෙ සයිබීරියාවේ හිර ගෙවල්.

දේශපාලකයන් හෝ ක්‍රියාකාරීන් පමණක් නෙවෙයි ... අති දක්ශ ලේඛකයන්... ලේඛිකාවන් ..කලාකරුවන්... මාධ්‍යවේදීන්... විචාරකයන් දහස් ගනනක් සයිබීරියාවේ හිරගෙවල් තුලදී නිහඬවම මිය යනවා.

 

ඒ ගැන ලෝක මාධ්‍ය වැඩි අවධානයක් යොමු කරන්නෙ නැහැ.

රුසියානුවන්ගේ සම්පත්... රුසියානුවන්ගේ තාරුණ්‍ය ඔවුන් විසින්ම සිරගත කිරීම හා මරාදැමීම දෙස භාහිර ලෝකය බලන්නෙ අනුකම්පා සහගතවද අවඥ්ඥාවෙන්ද කියන්න අමාරුයි.

 

රාඔල් වෝලන්බර්ග්... ඉසාක් බාබෙල්... ඇලෙක්සැන්ඩ්‍ර සෝල්හෙනිස්ට්‍රින්... වගේ සිය දාස් ගානක් ගුලාග් හිර කඳවුරු ඇතුලෙ අතුරුදන් වෙද්​දි කොයිතරම් නම් අපූරු ලේඛකයන් දක්ශයන් සිරගෙවල් ඇතුලෙ මියෑදුනාද.?

සර්ජෙයි යෙසෙනින් ( Sergei Yesenin) හිරගෙදර ඇතුලෙම එල්ලිලා සියදිවි හානි කරගන්නව.

 

හිර මැදිරියේදි වෙඩි තියාගෙන සියදිවි නසාගන්නෙ ව්ලැඩිමීර් මායාකොව්ස්කි (Vladimir Mayakovsky ) .

ඔසිප් මන්දෙල්ස්ට්‍රාම් සීතලේ මිය යද්දි (Osip Mandelstam) මරියානා ට්ස්වෙයායේවා බාල්කයේ එල්ලෙනව.

මේ මිනිස්සු කරපු වරද මොකද්ද.? පාලකයා විවේචනය කිරීම.. නිදහස් අදහස් දැරීම... ප්‍රශ්ණ කිරීම හා දූශණයට විරුද්ධවීම.

 

පාලකයාට විරුද්ධව නුඹ යමක් කියනවද... එහෙම නම් නුඹේ නවාතැන සයිබීරියාවේ බව මතක තබා ගත යුතුයි.

ක්‍රෙම්ලින ඒකාධිපතිවාදයට එරෙහිවෙන ඕනෑම අයෙකුට ලැබෙන තවත් නම්බු නාමයක් තියනවා.

ඒ තමයි බටහිර බලල් අත් හා බටහිර කුමණ්ත්‍රන.

රුසියානු පාලකයාට එරෙහිවෙන යමෙක් වේද ඒ බටහිර රූකඩයකි. මේ තමයි ක්‍රෙම්ලිනයේ විකාරරූපී ආයුධය.

මේ විදිහට සිරගතකොට මරාදැමූ දීර්ඝ ලයිස්තුවේ අද දවසෙ සටහන්වෙන නම ඇලෙක්සේයි නවාල්නි.

 

1976 ජූනි මාසෙදි මොස්කව් නගරයේ උපන් නවාල්නි වෘත්තියෙන් නීතිඥ්ඥයෙක්. දූශිත රුසියානු දේශපාලනයටත්... සැලසුම් සහගත වංචාවන්ටත් ඔලිගාර්ක්වරුන්ගේ මාෆියාවටත් එරෙහි වුනු මේ තරුණ නීතිඥ්ඥයා ක්‍රෙම්ලිනයේ සතුරෙක් බවට පත්වෙන්නෙ බොහොම ඉක්මනින්.

 

රුසියානු දේශපාලනයේ විපක්ශ නායකයා බවට පත්වන ඇලෙක්සේයි නවානිට ඔලිගාර්ක් මාෆියා මරණ වරෙන්තුව ලියවෙන්නෙ අදින් අවුරුදු දොලහකට පමණ පෙරදීයි.

 

ඇලෙක්සේයි නවාල්නි කීප වරක්ම හදිසි අණතුරුවලට ලක්වෙනව.. විශ ශරීරගත වෙනවා.. හදිසියේ අසනීප වෙනවා. නමුත් මේ හැම අවස්ථාවකවම ජීවත් වෙන්න අවස්ථාව ලබන ඇලෙක්සේයිට ලැබෙන එකම ගැලවීමේ මාර්ගය රුසියාව අත් හැර යාම. ගැරී කැස්පරොව් රුසියාව අත් හැරල පලා යනව.

 

නමුත් නවාල්නි රුසියාව අත් හැරල යන්න ප්‍රතික්ශේප කරන්නෙ තමන් ගැන විශ්වාසය තැබූ තරුණ පරපුර අත් හැර යාමට නොහැකි බව පවසමිනුයි.

 

විවිධ අවස්ථාවන්හිදී... අඩුම තරමෙ දොලොස් වතාවක්වත් හිරගත වෙන්න මේ තරුණ දේශපාලකයාට සිද්ධ වෙනව.

එකම හේතුව රුසියානු දේශපාලනය විවේචනය කිරීම හා දූශනයට එරෙහිවීම.

සමහර පිරිස් තවම උපකල්පනය කරන්නෙ රුසියාවෙ පවතින්නෙ සමාජවාදය බව… කෙනෙක් හිතනව රුසියාවෙ නායකයා මානව හිතවාදියෙක් බව.

නමුත් අද රුසියාවෙ පවතින්නෙ අතරමං වූ ව්‍යාපාරික ඒකධිපතිවාදයක් මිස දේශපාලන ක්‍රමයක් නෙවෙයි.

සමහරවිට ඒ පැරනි රුසියානුවන්ට ගැලපෙන ක්‍රමය වෙන්න පුළුවන්.

 

නමුත් විපක්ශ නායකයන් මරාදමන… මාධ්‍යවේදීන් හිරගත කරන දේශපාලන ක්‍රමයකට එකඟ වෙන්න කාටද පුළුවන්.?

රුසියාව කියන්නෙ ව්ලැඩිමීර් පුටින්ගේ ඒකාධිපති රාජධානිය නෙවෙයි. නමුත් එතනින් එපිට විශිෂ්ට නායකයන්… ලේඛකයන්.. කලාකරුවන් බිහිකල විශිෂ්ඨ රාජ්‍යයක්.

 

පහුගිය අවුරුද්දෙ දෙසැම්බර් 26 වෙනිදා ඇලෙක්සේයි නවාල්නිගෙ සිර කඳවුර මාරු කරනු ලබන්නෙ බොහොම හදිස්සියේ.

ඉන් සති තුනකට පමණ පස්සෙ වාර්තා වෙනව නවාල්නිව බටහිර සයිබීරියාවේ හුදකලා සිර කඳවුරකට මාරු කල බව.

අද… ඒ කියන්නෙ පෙබරවාරි 16 වෙනිදා රුසියානු පුවත් සේවය වාර්තා කරනව ඇලෙක්සේයි නවාල්නි බටහිර සයිබීරියාවේ ආක්ටික් සාගර කලාපය අසල සිර කදවුර තුලදී මියගොස් ඇති බව.

 

රුසියාවේ සදාකාලික නායකයා වීමට සිහින දකින ව්ලැඩිමීර් පුටීන්ට වයස අවුරුදු 71 වෙද්දී..

ඇල්ක්සේයි නවාල්නි මිය යන්නෙ වයස අවුරුදු 47 දී.

 

 

@Malcolm Sang fb

නවතම ලිපි