SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාඨලී සිටියේ කිසි ලෙසකින් හෝ තමන්ට ගැලපෙන තැනක නොවේ.

මා පාඨලීගේ දේශපාලනයට වැඩිමනක්ම කැමති වන්නේ, ඔහු වෙනස් විය හැකි, වෙනස් වන දේශපාලකයකු වන නිසාමය. මාතලන්ගේ මතය නම් රනිල්ගෙන් පසු රටේ නායකයා බවට පත්විය යුත්තේ... අනෙකුත් දේශපාලුවන් මෙන් නොව පාඨලී වැනි ඇසූ පිරූ තැන් ඇති බුද්ධිමත් වෘත්තිකයකුය.

 

දිනෙන් දින වෙනස් වෙමින් වේගයෙන් ඉදිරියට යන ලෝකයේ, වෙනස් වීම්වලට බියෙන් අප අද හිඟන රාජ්‍යයක් වී අවසානය. ලෝක බලවතෙකු වූ ඉන්දියාවේ ජනතාව සමච්ඡලයට ලක් කරනා අප... උන්ටත් අන්ත ගෝත්‍රිකයෝය. දැන් අප ජීවත් වන්නේ එහේ හිඟන්නන් එවන මුදලිනි. අප වෙනස්වීම් වලට... වැද්දන්ටත් වඩා බිය ජාතියකි. එහෙත් අද ජෙප්පන්ද සිවිලයිස් රාජ්‍යතාන්ත්‍රිකයින් වී තිබීම මාර ලොල් සහගතය. මෙය මූනිච්ඡාවට කළ රඟපෑමක් බව මෙරටට පැමිණි පසු කරනා ප්‍රකාෂ වලින් ඉතා පැහැදිලිය. තාමත් ඉන්නේ තඹුත්තේගම ගං කබරයාමය.

 

පාඨලීගේ දේශපාලන ඉතිහාසයේ ඔහු නොයෙක් පිල් හා කණ්ඩායම් සමඟ දිගටම වෙනස් වෙමින් පැමිනියද, හැමවිටම වෙනස් වූයේ ඔහුට අවාසියක්, අවැඩක් සිඳුවන ආකාරයෙනි.

එජාපයෙන් වෙන්ව සජිත් පිල හා එක්වීම ඔහු ගත් අමනෝඥම දේශපාලන තීන්දුව බව මගේ මතයයි. ඒ ඔහුට කිසිසේත්ම නොගැලපෙන දේශපාලන අම්බරුවන් පිරි දේශපාලන මඩුවකි.

ඒ බව ජනතාවද ඔහුට ඉතා අඩු මනාප ප්‍රමාණයක් ලබා දීමෙන් ඔප්පු කරන ලදි.

 

ඔහු එජාපයේ උන්නේ නම්, අනාගතයේදී එහි නායකත්වය ඉතා පහසුවෙන් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථාව පැහැදිලිවම තිබින. ඔහු වටා සිටිනා පිරිසද කිසිසේත් සජිත් වැනි බොළඳ දේශපාලකයෙක් හා එක්විය යුතු පිරිසක් නොවේ.

 

ඔහු වටා සිටිනුයේ, ඔහු මෙන්ම, ලාංකිය දේශපාලනය පමණක් නොව, ලෝක භූ දේශපාලනයේ හැසිරීම් ගැනද මනා දැණුමක් සහිත, උගත් බුද්ධිමත්, රට පිලිගත් වෘත්තීයවේදීන් පිරිසකි. එමෙන්ම ඔවුන්ගේ ඉතිහාසය තුල ඔවුන් බොහෝ දෙනෙක් විප්ලවවාදී මතධාරීන් පිරිසකි.

 

එහෙත් මා ඔහුගේ අඩුපාඩුවක්ද විශේෂයෙන් දකිමි. ඒ ඔහු අඩුම තරමින් එක් ප්‍රදේශයක් හෝ තෝරගෙන, ජනතාවට වඩාත් සමීප, ජනතාවාදී දේශපාලකයකු ලෙස ක්‍රියා නොකිරීමයි. මෙය ඔහුගේ මෙන්ම විමල් වීරවංශගේද අසුපාඩුවකි. ඔවුන් ජාතික දේශපාලකයන් යැයි සිතා ක්‍රියා කරනා උඩඟු ප්‍රතිපත්තියකි.

 

ඔවුන් පිලුබඳව ජනතාව මෙන්ම අනෙක් දේශපාලකයින්ද සිතන්නේ, ඔවුන් තමන් නියෝජනය කරනා අය නොව, කිසියම් මාන්නයකින් යුත් විශේෂිත පිරිසක් යැයි කියාය.

රණසිංහ ප්‍රේමදාස අගමැති වන තෙක් ලංකාවේම ජනතාව ඔහු දැන උන්නේ නැත. ඔහු සුචරිතය හා කෙසෙල්වත්ත අවට ජනතාවගේ මහත්තයා විය. පසුව මැද කොළඹ ජනතාවගේ ප්‍රේමදාස මහත්තයා විය. මහින්දගේ ගමන වුවද එසේමය.

 

ජනතාව සමඟ දේශපාලනය නොකොට රටේ නායකයා වීමට කුමන හෝ වාසනාවක් තිබුනද, ඔවුන් අසාර්ථක නායකයෝම වෙති.

චන්ද්‍රිකා, සිරිසේන, රනිල් හා ඝෝඨා ඊට උදාහරණ සපයයි. මන්ද ඔවුනට ජනතාව වෙනුවෙන් වගකීමක් හෝ වගවීමක් නොමැතිව වාසනාවට ධූරන්දර වූ පුද්ගලයන් වීමය.

 

සිංහළ බෞද්ධ නායකයින්ට කොළඹ ඉඩක් නැතයි යන බොරුව විමල් වීරවංශ මෙන්ම සරත් වීරසේකර විසින් බොරුවක්ම කොට අවසානය.

 

කෙසේ හෝ පාඨලී හෝ සජිත් හෝ දිලිත් හෝ චන්ද්‍රිකාලා හෝ කෙලිනා මේ පිස්සුවලින් අවසානයට කෙලවෙන්නේ... රටේ ජනතාවට හා ප්‍රජාතන්ත්‍රවාදයටය. දැන් කළ යුතුව ඇත්තේ දක්ෂිනාංශික කණ්ඩායම් සියල්ල එක පෙරමුණකට පැමිණීමය. රටේ පවතින ආර්ථික ප්‍රශ්ණයට පිළිතුරු ඇත්තේ ඔවුන් අත මිස... බොල්ෂෙවික්වාදයේ ගං කබර ළිං මැඩියන් ළඟ නොවේ.

 

එසේ ගොඩනගන එකාබද්ද කඳවුරක... ජනාධිපති අපේක්ෂකයා රනිල් නොවේ නම්... ඊළඟ තේරීම පාඨලී විය යුතුමය...

 

ඔහුගේ දේශපාලන අනාගතය වඩාත් සුභදායි එකක් වී,

ඔහුටත්, රටටත්, ජනතාවටත් වඩාත් දියුණු බුද්ධිමත් රාජ්‍යයක ජීවත් වීමට ලැබේවායි පතමි.

මන්ද, පාඨලි යනූ..

"බුද්ධිමත් ජනතාවගේ දේශපාලන නියෝජනය"

ඔහුම පමණක් වීම හේතුකොට ගෙනය.

 

@Priyantha Hewage Mathalan

නවතම ලිපි