SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනා ලබන 29 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (15) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝගයක් නිකුත් කරමිනි. 

 

කෙසේවෙතත් ඊයේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට පැමිණ නොතිබුනු අතරජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නින්දෙන් හුස්ම හිරවීමේ රෝගී තත්ත්වයකින් පෙළෙන බව ප්‍රකාශ කර ඇත.

 

"මගේ සේවාදායකයා මේ වෙද්දී රෝග ගණනාවකින් පෙළෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි... ඔහුව බන්ධනාගාරගත කළාට පස්සේ.. ඔහුගේ රුධිර පීඩනය විචලනය වෙලා. උදරයේ බඩවැල්වල ව්‍යාකූල තත්ත්වයකින් පෙළෙනවා. ඔහුට වකුගඩුවල රෝගී තත්ත්වයකුත් තිබෙනවා. ඒ වගේම ඔහු දියවැඩියා රෝගයෙන් පීඩා විඳින්නෙක්." 

 

"ස්වාමීනි, ඔහුට තිබෙන රෝග අතර ඔහුට තිබෙන සුවිශේෂීම රෝගී තත්ත්වය තමයි රෑට නින්දෙන් හුස්ම හිරවීම. එය රෝගී තත්ත්වයක්. ඔහුට නොදැනුවත්වම ඔහු ලබා ගන්නා ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. අන්න ඒ වෙලාවට ඔහුට කෘතිමව ඔක්සිජන් සපයන්න ඕනේ." 

 

"ස්වාමීනි, මේ වෙලාවේ බන්ධනාගාරයේ ඔය කියන රෝගී තත්ත්වයට ලබාදෙන්න ඕන ප්‍රතිකාර නැහැ."  

 

එසේ කී ජනාධිපති නීතීඥවරයා අදාළ රෝගී තත්ත්වය ඇතිවූ අවස්ථාවක පුද්ගලයෙකු නිදාගත යුතු ආකාරය දැක්වෙන රූප සටහනක් මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර ඇත.

එහිදී මහේස්ත්‍රාත්වරිය,

"කිසියම් සැකකරුවකුට රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට පිළිගත හැකි සත්‍ය වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතුයි. නැතුව ෆොටෝකොපි ඉදිරිපත් කරලා ඒවා පිළිගන්න බැහැ. ඒවගේම අන්තර්ජාලයෙන් ලබාගත් රූප සටහන් අධිකරණයට ඉදිරිපත් කළාට ඒවා පිළිගත හැකි සාක්ෂි නොවෙයි. අධිකරණය ඉදිරියේ චිත්‍රපටි පෙන්වන්න අවස්ථාව දෙන්න බැහැ"

යනුවෙන් පවසා ඇත.

 

කෙසේ වුවද මෙතරම් නිදන්ගත රෝග ප්‍රමාණයක් සහිත පුද්ගලයෙකුට මෙවන් භාරදූර අමාත්‍යධූරයක් පවරා තිබීමද සුදුසු තත්වයක් නොවන බව විචාරකයින්ගේ මතය වී ඇත.

 

මහජන සේවකයින් ලෙස කටයුතු කිරීමේදී විශාල වෙහෙසක් කායිකව මෙන්ම මානසිකවද දැරීමට සිදුවන බැවින් සෞඛ්‍යමය ලෙස නිරෝගී තත්වයෙන් පසුවන සුදුස්සන් පත්කරගැනීමට මහජනතාවද සිතට ගත යුතු ය.

 

එසේම වසර කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය ධූරයේ සිටි අමාත්‍යවරයෙකු වශයෙන් බන්ධනාගාර රෝහලේ එවැනි රෝගියෙකුට සුදුසු ප්‍රතිකාර නොවන්නේ නම් ඒ පිළිබඳව ද ඔහු වගකිව යුතු බව සමාජ මාධ්‍ය විචාරකයින් පවසන්නේ ය. මන්ද සිරකරුවන්ටද අනෙකුත් පුරවැසියන්ට මෙන්ම ඔවුන්ගේ රෝගී තත්වයන්හිදී සුදුසු ප්‍රතිකාර ලබාගත හැකි විය යුතුය.

නවතම ලිපි