SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"කොම්බි" කියා ගැහැනියක් ගැන නිපුනි සාරදා නම්වූ කෙල්ලක් මාලිමාවේ වේදිකාවක විශිෂ්ට කතාවක් කළාය.

අරඹේපොළලා හිරුනිකාලා ගීතා කුමාරසිංහලා පවිත්‍රාදේවිලා ගේ කතා අප අසා ඇත්තේය..

ඒ අයගේ කතා අහන් උන්නා නොව ඇහෙන මානයේ උන් නිසා ඇහුනා පමණක් ය..

 

අනුරලා හදන්නාවූ දේශපාලන කඳවුරේ අයිඩියොලොජිය එක්කලා මිස උන් හදන්නාවූ දේශපාලන සංස්කෘතිය එක්කලා අපට අවුලක් නැතිය..

 

ලංකාවේ දේශපාලන පොර පිටියේ ඇහෙන කතා අස්සේ නිපුනිගේ විදියට ස්ටෝරි ටෙලින්ග් හරහා පණිවිඩ දෙන්නට හැකි මනුස්සයින් ඇඟිලි ගානටවත් නැතිය.

 

වීර වන්දනාව මේ රටට කෙලවලා ඇත්තේය..

 

නිපුනි සාරදා මගේ හිත් ගත්තේ ඈ මතු කල සියුම් කාරණාවක් නිසාය..

අප ජන්දය දිය යුත්තේ "කාටද" නොව "ඇයිද" යන පැනයය..

වීරයා "උගේ" තැනේ සිට "මගේ" තැනට එන්නේ ඒ ප්‍රශ්නය මතින් ය.

එක එකා පෙන්නූ වීරයන්ට නොව තමා තුල ඉන්නා වීරයාගේ පැවැත්ම සහතික කළ හැකි උත්ප්‍රේරකත්වයක් ගැන අදහස සමාජගත වෙන්නට ඕනෑය.

දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්නට ඕනෑය..

 

අනුරලා කතා කරන සංකල්පයට මතවාදීව වෙනස් නමුත් සංස්කෘතිකමය එකඟත්වය සොයා ගන්නට නම් ඊලඟ ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරගේ අනෙකා සොයා ගන්නට ඕනෑය.

අනුරගේ ප්‍රතිවාදියා තුල නිපුනි සාරදා පන්නයේ කෙල්ලන්ට පැල වෙන්නට පොළවක් තියෙන්නට ඕනෑය..

 

ඉන් කියවෙන්නේ..

2024 ජනාධිපතිවරණයේදි

අනුරගේ ප්‍රතිවාදියා …

රනිල් නොවන බවත් සජිත්ද නොවන බවත් ය…

 

@නදීශ ද සිල්වා

නවතම ලිපි