SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාන්දරින්ම කොළඹ දිසාව භාරව පත්කලර හිටිය කෝරාල ඇත්තොන්ගෙ  පයිංඩකාරයෙක් රුහුණ රටට ඇවිත් තිබුණෙ  සුගලා දේවීව හමුවෙන්ඩ.

කිරි බණ්ඩ ඇත්තො පාන්දරින්ම පිටත් උනයි එහෙනම්? අසමින් සුගලා දේවීය කතාව පටන් ගත්තේ උදැහැනැක්කෙ  පාතරාසය කඩිනමින් පිළියෙල කොරන්න කියල බත් අම්මලට පවරමින්.

 

ඉතිං කිරිබණ්ඩ ඇත්තො කොහොමෙයි කොළඹ රටේ කතන්දර හෙම? එක දිගටම ප්‍රස්න නොවැ උන්දැලට...

 

අනේ සුගලා දේවී ඒ ගැන නම් කියන්න වැඩක් ඇතෑ..

ඔින් ඊයෙත් උද්ගෝසනයක් තිබුණ නොවැ වෙහෙරමහා දේවි උද්‍දානෙ  කිට්ටුව.

 

මොකක් වෙනුවෙන් ද ඒක කොලේ කිරිබන්ඩෙ ? කව්ද කොලේ?

 

ඊයේ සජිත් උන්නැහේගේ  සමගි ජන බලවේගෙ පක්සෙ  රටපුරාම ඉන්න පාක්සිකයොන්ව ගෙනැත්  රනිල් මහත්තැන්ගෙ රජය  රටේ මිනිස්සුන්ව බදු බරින් මිරිකලා ජීවත්වෙන්ට නැති කොරන එකට විරුද්ධව නොවැ කරල තිබුණෙ.

ඒත් දේවී ඒක ඇතුලෙ වැඩිහරියක්ම තිබුනෙ අභ්‍යන්තර ප්‍රස්න නොවැ...

 

අභ්‍යන්තර ප්‍රස්න කිව්වෙ මොනවද බණ්ඩෙ?

 

ඇයි දේවී දැන් සජිත් උන්නැහේටත් අවස්ස වෙලා තියෙන්නෙ බලය ගන්න එකම විතරක් නොවැ..

ඒ හින්ඳ නොවැ එන ඔින කෙනෙක් පක්සෙ ඇතුලට අරන් අර එයාගෙ තනතුරු මල්ල ලෙහල තනතුරක් දෙන්නෙ..

දැන් ඔය කාරනේ හින්ඳම ඔය දෙමළ මුස්ලිම් පක්සවල නායකයොත් ඉන්නෙත් හිත් නොහොඳින්ලු නේ.

 

 

ඒක ටිකක් පරණයි නොවැ..ඉතිං මොකක්ද දැන් අලුත්ම කාරනේ..?

 

ඇයි දේවි මේ ඊයෙ පෙරෙයිද දවසක් සජිත් උන්නැහෙගෙ පක්සෙට එකතු උනාලු නේ අර හිටපු හමුදාපති කෙනෙක් දයා රත්නායක කියල.

 

ආ අර ගෝඨාභය මහත්තැන්ගෙ ලගින්ම උන්නු කෙනා ද?

 

අන්න හරි දේවි..

එයා ඔය සජිත් ලොක්ක බාරගත්තෙ  ඇයිද දන්නවද?

මේ දැන් ටික කාලයක් තිස්සෙ අර යුද්ධයේ හිටපු මහා රණවිරුවා වෙච්චි පොන්සේකා උන්නැහේයි සජිත් උන්නැහෙයිගෙයි විරසකයක් තියෙනව නොවැ..

දෙන්නගෙ ඇයි හොඳැයියක් නැතිම තරං..

 

ඔව් ඉතිං පොන්සේකා උන්නැහෙත් නාහෙට නාහන ජාතියෙ මනුස්සයෙක් නොවැ..

කිව්වෙම කට කැඩිච්ච කතා නොවැ..

 

ඒක හරි දේවි.. එහෙමය කියල ගෝඨාභය ආණ්ඩුවම ඒකට ගත්තම ඉතිං අන්තිමට නම විතරක් වෙනස් වෙච්ච එක වගේම උන් ඉන්න පක්සයක් වෙයි කියලයි මිනිස්සු කියන්නෙ..

 

ඉතිං මොකෑ බණ්ඩෙ පොන්සේකා උන්නැහේ දැන් කියන්නෙ...?

 

අර සුදාගෙ ටෙලිවිසෝං පෙට්ටියෙ කතාබහකට ඊයේ ඔය උද්ගෝසනේ වෙලාවෙ පොන්සේකා උන්නැහේ කතා කොලා නොවැ..

පොන්සේකා උන්නැහේ කියැව්වෙ මෙහෙම කතාවක්..

 

“ ඊයේ මම දැක්ක හමුදාපති කෙනෙක් එකතුවෙලා ඉන්නව..මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කෝල් එකක් දීල කිව්ව...2010 දි මාව අත්තඩංගුවට ගත්තහම මට විරුද්ධව චෝදනා පත්‍ර හදන්න සාක්ෂි සැපයුවේ මෙයා තමයි. ඒ හින්ඳ එයා නිළධාරීන් 25ස් දෙනෙක් පන්නල උඩට ගෙනැල්ල හමුදාපති කලා. එදා ඉඳල ගෝඨාභයත් එක්ක වරායෙ හිටිය.. ලේකම් කෙනෙක් වෙලා හිටිය..එයා ගෝඨාභයගෙ දකුණු අත.එයා ගන්නවනම් අන්තිමට  ගෝඨාභයත් ගන්න පුළුවන් අපිට...”

 

ඔන්න ඔහොමයි දේවී පොන්සේකා උන්නැහේ උද්ගෝසනේට සහභාගී වෙලා ඉන්න ගමන් අර සුදා ළමයගෙ ටෙලිවිසොං කැමරාවට කියල තිබුනෙ.

 

ඉතිං උන්දැගෙ ලඟ හිටපු ඉළන්දාරියෙක් කෑ ගහල කියපි රාං කිරිල්ලී..රාං කිරිල්ලී ගෝඨාභයටත් එන්න කියාපිය” කියල.

 

කාරණෙත් ඇත්ත නොවැ කිරි බණ්ඩෙ...

පැත්ත මාරු කොලා කියල මිනිස්සු කියපු කොරපු දේවල් මාරු වෙන්නෙ නෑ නොවැ..

ඔය වැඩෙන් වෙන්නෙ ගෝඨාභය ඇත්තො ලඟ උන්නු ගොඩහේව ඇත්තොල, දයා ඇත්තොල තව එකේක ඇත්තොන් ආයෙත් විපක්සෙට එකතු වෙලා ආණ්ඩු  කොරන්න යන්න උත්සහ කොරන එකනෙ.

ඔික තමයි මේ රටේ දේසපාලන විගඩම...

අවුරුදු ගානක් තිස්සෙ සුද්දොන්ගෙන් රට ගැලවුනාය කියල නමට හරි කිව්වට පස්සෙ රට කොරාපු උන්දැලා මාරුවෙන් මාරුවට කොරාපු දේ..

 

කට්ටිය නම් කියන්නෙ දේවී සජිත් උන්නැහෙගෙ මේ වැඩ තමයිලු ඒ උන්දැගෙ පක්සෙ නාය  යවන්න රනිල් උන්නැහෙලෙ රාජපක්සලා එක්ක එකතු වෙලා ගහන ගේම..

ඒක වෙන්නත් ඇහැකි බණ්ඩේ..

ඒ මොකක් උනත් රනිල් උන්නැහේනම් මේ වතාවෙ ඔය කියන දේ නෙවෙයි ගහන්න හදන්නෙ..

හැබැයි උන්දැ හිතන සෙප්පඩ විජ්ජා කොරන එකත් උන්නැහේගෙ මාමණ්ඩි කොලා වගේ ලේසි වෙන්නෙ නෑ ඔින්න..

 

ඒක හරි දේවි. ඔය පාඨලී උන්නැහේත් ඊයෙ පෙරේදා කියනව ඇහුනා ඔය සන්දාන මොනව ගැහුවත් වැඩක් නෑ ඒවයින් ඉදිරිපත් කොරන අපේක්සක මිනිස්සුන්ට මේ රටේ ප්‍රස්න විසඳන විදිහ ගැන වැඩපිලිවෙලක්, දැක්මක් තියෙන්න ඔින කියල.

 

හ්ම් හ්ම්..උන්දැනම් ඉතිං මේකට වැඩපිලිවෙලවල් ඉදිරිපත් කොරන්න රුසිය නොවැ. හැබැයි උන්නැහේටත් ලොකු පරහක් තියෙනව නොවැ කට්ටිය එකතු කොර ගන්න..

 

ඒ මොකක්ද දේවි.. ඉතිහාසයේ කොරපු කියපු දේවල්ද?

 

ඉතිහාස කතාත් එකක් තමයි කිරි බණ්ඩෙ. හැබැයි ඉතිං මිනිහෙක්ට වෙනස් වෙන්න පුළුවන් නොවැ කාලය එක්ක. ඒ උනත් උන්නැහෙට දේසපාලනේ කොරන්න පවුල් පසුබිම් හොයන මිනිස්සුන්ගෙ හිත් සනහන්න බෑ නොවැ..

කොච්චර බඩගින්නෙ හිටියත් ‌මේ රටේ මිනිස්සු මෝහයෙන් මත්වෙලා නොවැ..

හොයන්නෙම පවුල් ඉතිහාස.

අනික අපේ අල්ලපු රටවල්වල ඇත්තොන්ටත් ඔිකම බෝවෙලා තියෙන්නෙ අපි ගැන හොයද්දි...

බලමුකො හෙටානිද්දට මොකක් වෙයිද කියල..

 

කතාවෙන් කතාව වෙලාව ගියා දැනුනෙම නෑ..

එහෙනම් කිරි බණ්ඩෙ හිස් බඩ නොවැ එන්න ඇත්තෙ උදේ කෑම සප්පායම් වෙමුකො.

 

 

#Sugalage Satahana

 

නවතම ලිපි