SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ත්‍රස්ත විරෝධී පනත, නව ඔන්ලයින් පනත වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී, අසම්මතවාදී පනත් ගෙන එන අතරතුර

අධිකරණයේ ස්වාධීනත්වයට ද එළිපිට ම බලපෑම් කරන ආණ්ඩුවේ බුල්ඩෝසරය මානව හිමිකම් කුණු කූඩයට වීසි කරමින් සිටින බව මනාව පැහැදිලිය.

 

සියලු ආකාරයේ ජනතා විරෝධයන් මර්ධනය සඳහා වූ රාජ්‍ය ත්‍රස්තවාදයේ අනියම් ප්‍රතිපල දැන් පියවරෙන් පියවර කරළියට කැඳවමින් සිටී.

 

විපක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් ප්‍රජාතන්ත්‍රවාදයේ සොහොන් ලකුණු පිලිබඳ අප හඬ නැඟුව ද පාලකයන් තම අසංවේදීත්වය ප්‍රදර්ශනය කරන්නේ නිර්ලජ්ජිත මානසික තත්වයකින් මෙන්ම චකිතයකින් ද තොරවය.

 

 

|මහ ජනතාවගේ කන් පාසාරු කරමින් ගිනි උණ්ඩ යැවීම, ඉතිහාසයේ වරෙක සිදු වූවාක් මෙන්ම මේ මොහොතේ ද මහජනතාව හමුවේ බියජනක අත්දැකීමක් නිර්මාණය කොට තබේ. මානව නිදහසට ගරු කරන සමස්ත ලෝක ප්‍රජාවම, "වැල් පාලම" මතට ශ්‍රී ලාංකිකයා කැඳවන ආණ්ඩුවේ මෙම වියරු උත්සාහයන්ට පළ කරන විරෝධය ද ආණ්ඩුවේ හතර මායිම් වලින් ඔබ්බට අදාල බවක් පෙනෙන්නට නැත.

 

 

1980 දශකයේ අග බාගයේ දී මාධ්‍යවේදියකුව සිටිමින් අන්වර්ථ නාමයන් උපයෝගි කරගෙන මා ලිපි ලියුවේ ද එම අන්වර්ථ නාමයන්ට මරණ වරෙන්තු නිකුත් කර තිබුනේ ද මෙවැනිම වූ රාජ්‍ය ත්‍රස්තවාදයක අඳුරු සෙවනැල්ලකින් රට වැසී තිබුණු මොහොතකය.

 

 

|අවසාන වශයෙන්, ඇමරිකානු-ස්පාඥ්ඥ චින්තකය වූ George Santayana ගේ වැකියක් අපේ රටේ, ඉංග්‍රීසියෙන් වැඩකිරීම ගෞරවයක් ලෙස සිතන සොම්බි නායකයන් හට කීමට කැමැත්තෙමි : "Those who do not remember the past are condemned to repeat it."

 

rajya online

@Dullas Alahapperuma 

නවතම ලිපි