SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුගලා  දේවිය  හමුවෙන්න උදහැනැක්කෙම ඇවිත් උන්නේ රුහුණෙ බෙලිඅත්ත ප්‍රදේසයේ කෝරාල කෙනෙක්.

 

මොකද කෝරාල උදේ පාන්දරින්ම මේ කුකුලත් අතින් අරගෙනම..?

 

අනේ දේවී මේ ප්‍රස්නයට උත්තරයක් හොයාගන්න බැරිවයි ඔබතුමියව බැහැ දකින්න ආවෙ...

 

හරි ඉතිං කිව්වනම් එහෙනම් ඔය තරම් විසඳගන්න බැරි වෙච්ච පුරස්නය මොකක්ද කියල.

 

දේවීට මතකද මන්ද පහුගිය දොහේ බෙලි අත්තෙදි,  උසාවියෙ නඩු කටයුත්තකට සහභාගී වෙන්නය කියල ගියපු කට්ටියකට වෙඩි තියල පස්දෙනෙක්ම මැරුන..

 

ඔව් ඔව්. ඒ ගිනිබිඳල තිබුණෙ හොඳ පළපුරුදුකාරයෙක් වෙන්න ඔිනයැ කියල ඔය කට්ටිය කතාවෙනව මමත් අහාන උන්නෙ.. ඉතිං...?

 

ඔින්න ඒ ඇත්තො මිය පරලොව ගිහින් දවස් ගානකුත් වෙලා තියෙද්දි අධිකරණයෙන් ඒ ඇත්තන්ට නොතීසි එවලලුනේ උසාවි ආවෙ නැහැ කියල..

 

ඒව ඉතිං එහෙම තමයි කෝරාලෙ. මේ අපි ඉස්සර හිටපු රටයැ? මේ කාලෙ මේ ගෙදර වෙච්ච දේ ගැන අල්ලපු වැටේ එකා දැනගන්නෙත් කාලයක් ගිහිල්ලනේ. 

ඉතිං කෝරාල ඇත්තො කව්ද ඇත්තටම ඔය අපේ ජනබල පක්සෙ නායකයට ගිනිබිඳල තියෙන්නෙ? ඒ මොනවට කියලද හිතන්නෙ?

 

රට්ටු නම් ඔය එකේක කතාකියනව දේවි.

ඒත් ආරංචියෙ හැටියට ඒ ඇත්තො පස්දෙනාම එදා ගිහින් තියෙන්නෙ සාක්ෂි දෙන්නලු.

 

ඔින් මම මේ සුගලා දේවීට හින්ඳමයි මේ රහස් ‌කතාව කියන්නෙ ආයුබොවං..

කට්ටිය කතා වෙනවා ඔය සමන් කියන ඇත්තොත් පාතාලේ සාමාජිකයෙක් ලු.

ඉතිං එදා උසාවියට ගොහින් තියෙන්නෙ අපේ පොලීසියෙ වැඩබලන මහ ඇත්තොන් සම්බන්ධ නඩුවකට ඒ ඇත්තන්ට එරෙහිව සාක්ෂි දෙන්ටලු..

ඒ සාක්කි දුන්නොත්  පොලීසියෙ මහ ඇත්තොන්ට ලොකු අවාසියකුත්  වෙනවලු.

ඒ ගැන තමයි ඉතිං කට්ටිය හැමෝම කතාවෙනවය කියන්නෙ...

 

ඉතිං බා..න් කෝරාල දැන් මේ රටේ  පොලෝසිය බාර ඇමැතියෙකුත් ඉන්නවනේද?

 

ඔව් ඔව් දේවී කට්ටිය නම් කියන්නෙ උන්දෑ දැන් ගෝඨාභයට ඇඳලලු ඉන්නෙ..

 

ගෝඨාභයට ඇඳල...?

ඒ මොකක්ද බන් කෝරාල ඒ හරුපය?

 

මතකනේ අර ගෝඨාභය කියල හාදයෙක් මයින්ද මාත්තයාගෙ කාලෙ ආරක්සක වැඩේ කොලේ...

ඒ කාලෙත් රටේ තිව්නෙ මේන් මේ වගේ ඝාතන සංස්කුරුතියක්ලු..

මිනිස්සුන්ගෙ ජීවිත කොයි වේලේ මොනව වෙයිද කියල හිතාගන්න බැරිව ලොකු පොඩි හැමෝටම තර්ජන ගුලිය දාගෙනනනේ උන්දැත් ඒ කාලෙ උන්නෙ..

 \

 

ඔව් ඔව් අර සුදු වෑන් කතාව ආවෙ ඒ කාලෙ නොවැ..?

 

අන්න හරි දේවී දැන් අපෙ දේවීටත් කාරණා කාරණා මතක් වෙනව නොවැ?.

 

මට මතකයි... දැන් මේ දවස්වල  මානව හිමිකම් කවුන්සිලෙත් ටිකක් තදට ලියුමක් එවලලුනේ සමහර වැඩ නවත්වන්න කියල..

 

වැඩක් නෑ දේවී.. පොලෝසිය බාර ඇමතිගොල්ලො කියලනේ ඒ කියන කතා තුට්ටුවකට ගනං ගන්නෙ නෑ කියල..

 

ඉතිං කෝ මේ ලොකු උන්දෑ?

තාම පිටරට දේසන කොරනවද?

 

නෑ නෑ ඇවිත් ඉන්නෙ...

එයා මේව බල බල ෆන් එකක් ගන්නවලුනේ..

අනික දේවී දන්නෙ නැද්ද ඒ ලොකු උන්නැහෑ උත්තර හොයන්නෙ ජාත්‍යන්තරේ ප්‍රස්න වලටලු නේ..

 

මේව මේ බෙලි අත්තෙ ප්‍රස්න නොවැ..

මං ගිහින් එන්නම් දේවි..

ඔය මං කියපුව මං කිව්වෙ නෑ කියල හිතාගන්නකො එහෙමනං.

 

හොඳයි කෝරාල..

මං කෝරාල ආවෙ නෑ කියල හිතාගඤ්ඥං කෝ.

නවතම ලිපි