SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • උපකාරක පන්ති සඳහා එක් දරුවෙකුට මසකට රුපියල් 20,000ක් වැය වේ.

 

  •  අධ්‍යාපනයට රජයේ වැයවලට අමතරව ටියුෂන් සඳහා 30%ක් දෙමාපියන් විසින් දරනු ලැබේ.
  • ලංකාවේ  පවුල් ලක්ෂ 57න් උපකාරක පන්තිවලට රු.බිලයන 122ක්

 

 

|දැනට පවතින තරගකාරී අධ්‍යාපන රටාව අනුව පාසල් අධ්‍යාපනය වෙනුවෙන්  මූල්‍ය කටයුතු සඳහා රජය වැය කරන මුදලට වඩා සියයට 30ක් උපකාරක පන්ති සඳහා දෙමාපියන්ට වැය කිරීමට සිදුව ඇතැයි රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

 

පසුගියදා පැසැල් රැස්වීමක් අමතමින් ඔහු කියා ඇත්තේ අද වන විට උපකාරක පන්ති  ගාස්තු රටේ අත්‍යවශ්‍ය මුදල් ඒකක අතරට පත්ව ඇති බවයි.

|සාමාන්‍යයෙන්  දරුවෙකුට උපකාරක පන්ති සඳහා මසකට රුපියල් 20,000ක් පමණ වැය වේ. අපේ රටේ පවුල් මිලියන 5.7 ක් සිටින අතර, දෙමාපියන් ටියුෂන් සඳහා රුපියල්  බිලියන 121 සිට  122ක් දක්වා වැය කරනවා..

"රජය 2024 වර්ෂය සඳහා භාණ්ඩාගාරයෙන් අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 546 ක් වෙන්කරල තියෙනවා. එම  මුළු අධ්‍යාපන වියදම්වලින් රුපියල් බිලියන 402ක් රටේ පාසල් අධ්‍යාපනයට වෙන් කරල තිබෙනවා.. ඊට උපකාරක පන්ති සඳහා ජනතාවගේ වියදම් එකතු කරල නැහැ. ඒ අනුව අපේ රටේ උද්ධමනය වැඩිවීම ගැන විමර්ශනය කිරීමට කණ්ඩායමක් පත් කරල තිබෙනවා,"

 

ඒ අනුව, අධ්‍යාපන මිළ දර්ශකයක්  සකස් කිරීම  මුලින්ම ආරම්භ කරන ලද්දේ 1952 වර්ෂයේදී බවත්, අද වනවිට  ටියුෂන් මුදල් රටේ වැදගත්ම දෙයක් බවට පත්ව ඇති බවත් අද දරුවෙක්ට  සාමාන්‍යයෙන් උපකාරක පන්ති සඳහා මසකට රුපියල්  20,000ක් පමණ වැය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. මෙහිදී  ලංකාවේ  පවුල් ලක්ෂ 57ක් පමණ සිටින අතර දෙමව්පි යන් උපකාරක පන්ති සඳහා රුපියල් බිලියන 121ත්  122ත් අතර මුදලක් වැය කරන බවටත් ගණනය කර ඇත.

 

 

 

 

 

 

නවතම ලිපි