SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව තුල බටහිර ස්ත්‍රීවාදී විලාසිතාව පිලිබඳ

ආරම්භක පුරෝගාමීන් වන්නේ (නූතන කතිකාවට අදාලව) කුමාරි ජයවර්ධන ("Feminism and Nationalism in the Third World"), චූලනී කොඩිකාර, සුනිලා අබේසේකර වැනි මෝඩ ස්ත්‍රීන්ය.

 

|මෙම මෝඩ ස්ත්‍රීන්ට අභියෝගයක් වෙමින් රොහාන් පෙරේරා නැමැත්තෙකු පිටියට පිවිස, එම කතිකාවම වඩාත් හොඳින් තවදුරටත් වර්ධනය කළේය. එය ඊටත් වඩා හොඳින් වැළඳගනු ලබන්නේ දීප්ති කුමාර විසිනි. ඉන් පසු දීප්තිගේ අනුගාමික අනුගාමිකාවන් ඉතා හොඳ ස්ත්‍රීවාදීන් බවට පත් විය. එකල මේ තත්වය විලාසිතාමය ස්වරූපයක් ඉසිලීය.

 

මෑත කාලයේ බටහිර ස්ත්‍රීවාදය නියෝජනය වූයේ X කණ්ඩායමෙන් තත්භව වූ ප්‍රභා-බුද්ධික යුවල තුලින් සහ පශ්චාත් මාක්ස්වාදයේ පශ්චාත්භාගය නියෝජනය කරනා ස්ත්‍රීන් වෙතිනි (අප ගුණ යහපත් "හොඳ" මිනිසුන් නොවන බැවින් මේවා ලියවෙන්නෙම මේ විධියටමය). නමුත් ඔවුන් ද දැන් ඒ පිළිබඳව හා හූවක් නොමැත. එසේ වන්නේ අපගේ ඉදිරිපත් කිරීම් සහ ප්‍රශ්න කිරීම් මගහැර යා නොහැකි බැවිනි.

 

නමුත් කොළඹ "කලා-සංස්කෘතික-දේශපාලන" කව වල ඉතිහාසය තුල, අතීතකාමයක ගිලෙමින්, වර්තමාන "කලා-සංස්කෘතික-දේශපාලන"නෂ්ටාවශේෂ අතර සැරිසරන අය දැන් හමුවන්නේ කලාතුරකිනි.

 

 

|මේ වනවිට "කලා-සංස්කෘතික-දේශපාලන"කොටසට දර්ශනය ද එකතුව කුඩා සංවාද කිහිපයක් කොළඹ කේන්ද්‍රව පවතින අතර ඒවායේ සැරිසරන මෝඩයෙකු විසින් පැරණි X කණ්ඩායමේ අර්ථය තුල (පැහැදිලිවම ඔහු X කණ්ඩායමෙන් පලකොට ඇති මාතොට, ලන්ඩන් සහ පොත් පත් සොයාගෙන කියවනවා විය යුතුය) යොහානිගේ ගීතයක් (ඇයගේ කර්මාන්තයට අදාළ) පිළිබඳව මහත් උජාරුවෙන් සටහනක් තබා ඇත. නමුත් එම සටහන වෙත ඉහත කී ස්ත්‍රීවාදිනියන්/ස්ත්‍රීවාදීන් පවා ප්‍රතිචාර දක්වා නොමැත.

 

 

 

බටහිර ස්ත්‍රීවාදය මෙසේ කිච වී ඇති තත්වයක ඒ තුලින් පැමිණෙන ලාමක පැනනැගීම් සඳහා යමෙකු ඉතා උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන්නේ නම් ඒ තුලින් පෙනී යන්නේ එම කෙනා හෝ ඔහුගේ එහෙයියන් (එහෙයියන් යනු තමන් දැඩි භක්තියකින් පිළිගන්න ස්වාමියා වෙතින් කෙතරම් පරස්පර විරෝධී ස්ථාවරයන් සහ විරුද්ධාබාසි භාවිතාවන් පැමිනිය ද ඒ සියල්ල පිළිගනිමින් අනුමත කරනා අයටයි. එසේ වීම සඳහා ස්වාමියාගේ එම ස්ථාවරයන් සහ භාවිතාවන් අර්ථකථනය කරනා ප්‍රධාන අතේවසියෙකුගේ පැවැත්ම ද මහත් උපකාර වනු ඇත. ශක්තිමත් ස්වාමීන් සඳහා එවැන්නෙකු සැම විටම ක්‍රියාත්මක වී ඇත.) කවුරුන් හෝ සමග පැටලීමට මාන බලමින් සිටින බවය (සන්ධර්භය තුල කෙතරම් අදේශපාලනික වුව ද).

 

ස්ත්‍රීවාදය පිලිබඳ අපගේ ස්ථාවරය ඇතුලත් මෑතක දී ලියන ලද ලිපිය:

http://www.spartacus.lk/de-24/2023/

 

@spartacus.lk

නවතම ලිපි