SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව

ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයට අනුමැතිය ලබාදීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ජාතික ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

 

ජාතික ජන බලවේගය වෙනුවෙන් නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් මෙම පෙත්සම ගොනුකර ඇත.

 

|පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල වූ ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් ට චෝදනා එල්ල වන බවත් එම පෙත්සමෙන් පෙන්වා දෙයි.

එමෙන්ම සැකකරුවෙකුව  අත්අඩංගුවට ගැනීමේදී මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා තීන්දු කර ඇති බවද ඒ හේතුවෙන් ඔහුට එරෙහි  විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර ඇති බවද පෙත්සම්කරු පවසයි.

ගාලු මුවදුර පිටියේ නිරායුධ පුරවැසියන්ට පහර දුන් පිරිස වළක්වාලීමටද දේශබන්දු තෙන්නකෝන් අසමත් වූ බවද පෙත්සමේ සඳහන්ය.

නවතම ලිපි