SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රට හරිම පාරට ගන්නනම් දරදඩු අමාරු තීරණ ගන්න වෙනවා.

අපේ ප්‍රතිපත්ති හැමදාටම වලංගුයි.

මම දේශපාලනය කරන්නෙ මහ පොලොවෙ.

මම ස්වාධීන මිනිහෙක්!

අපි වෙනුවෙන් ඉවසපු මිනිස්සු වෙනුවෙන් අපි ඉන්නවා.

අපේ වගකීම අපි අහක දාන්නෙ නැහැ.

අලුත් වෙළඳපොලට ඇතුල් වෙන්නෙ නැතිව රටේ විජ්ජා කරන්න බැහැ.

ආදායම් වැඩි කරනවා කියන්නෙ බදු ගැහිල්ලම නෙවෙයි.

ආණ්ඩුව දෙන්න ඔිනේ මිනිස්සු ඉල්ලන දේ.

 

 

mari

 

|ඇසට් රිකවර් එකකින් රටේ ආර්ථිකය ගොඩදාන්න බෑ. ඒකෙන් පුළුවන් ජනතාව ඉල්ලන හොරා කාපු අයගෙ ධනය ආපහු රටට ගන්න ඔින කියන එක ඒක කරන්න ඔින තමයි.

ඒ ජනතාවගෙ සාධාරණ උවමනාව ඉෂ්ට කරන එක අපේ වගකීමක්. හැබැයි ඒ‌ක ගත්ත කියල මේ ආර්ථිකය ගොඩ යනව කියල එකක් නැහැ.  ආර්ථිකය ගොඩදාන්න නම් අපනයනය වැඩිකරන්න ඔින, සෘජු විදේශ ආයෝජන එන්න ඔින, බදු යම් ප්‍රමාණයක් තියෙන්න ඔින, අලුත් වෙළඳපොලවල් වලට ඇතුලත් වෙන්න ඔින කියන කාරණා හතර වෙන්න ඔින”.

 

සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මේ බව ප්‍රකාශ කළේ යූටියුබ් නාලිකාවක සංවාදයක් සඳහා එක්වෙමිනි.

 

|අනික් එක රටක බජට් එක කියන්නෙ කොම්පැනියක බජට් එකක් වගේ. ටොප් ලයින් එක වැඩිකරන ගමන් මැද හකුලවන්න පුළුවන්. වියදම් පාලනය කිරීම. ඒකට තමයි මම කිව්වෙ පාඩු ලබන ආයතන පුද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ලාභ ලබන ආයතන බවට පත්කරනවානම් රජය විසින් ඔවුන්ට ලබාදෙන පුනරාවර්තන වියදම් ලබාදිය යුතු නැහැ.

 

"උදාහරණයකින් කියනවනම්, තෙල් වෙළඳපොල ගත්තම IOC එකෙයි  සිපෙට්කෝ එකෙයි පෙට්රල් ලීටරය එක ගානයි, ඩීසල් ලීටරය එක ගානයි..මිනිස්සු මිළදී ගන්නෙ ණයට නෙවෙයි කෑෂ්වලට. හැබැයි සිපෙට්කෝ අම්බානකට පාඩු ලබනවා IOC එක බිලියන ගණන් ලාභ ලබනවා.

එතකොට  ප්‍රශන්යක් තියෙනව.. මේකට එඩ්‍රස් කරන්න ඔින".

 

සම්පූර්ණ සංවාදය පහළින්...

 

 

නවතම ලිපි