SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අරගලය අවසන් වී දැන් වසරක් ඉකුත් ව ගොස් ය. යන්නට යැයි කෑගැසූ ගෝඨාභය ජනාධිපතිවරයා දැන් ගෙදරය.

ජය පැන් බීවේ අරගලය දින්නා කියාය. අර ගලය තුළ සිදු නොවුනු දෙයක් නැත. මහ ජන සරසවි,  පුස්තකාල, පරිගණක මධ්‍යස්ථාන, චිත්‍රපටි ශාලා ඒ අතර ඒවාය. 

 

|දැන් වයස අව්රුදු 18 ට වැඩි හැම පුද්ගලයෙකුම PIN අංකය ලබාගත යුතුය. හෙටානිද්දා එය උපතේදීම ලබාදෙනු ඇත. අංකයක් නොගත් අයට රුපියල් පනස්දාහක දඩයක් ය. ටැක්ස් අංකයක් අහිමි ජන ප්‍රජාවන්ගෙන් එදිනෙදා කුලියක් මලියක් කර එදාවේල කන පිරිස විශේෂය. ඔවුනට දැන් එම මුදලින් හිටගන්නටවත් පනක් නැත. කන්නේ වේලකි. ඒකත් යන්තමටය. ඒ අතරේ බදු අංකය ගත යුතුය. නොගත්තොත් පනස්දාහක් ණයට හොයාගෙන දඩය ගෙවිය යුතුය. ගිනි පොලී කාරයා හැර ණය දෙන්නට කෙනෙක් ද නැත.  

 

මැතිවරණය ලඟ ලඟය. ජනාධිපතිවරණයක්ද මහා මැතිවරණයක්ද අදාළ නැත. ඒ වෙනුවෙන් දීමනා දෙන්නේ ද ලොක්කන්ටමය. ඒ ගානත් බදු ගොන්නටම අතාරිනවාය. ඒ පරිප්පුවත් හොම්බ බිම ඇණුනු මිනිසුන්ටමය.

 

|සිස්ටම් චේන්ජ් එක දැන් වෙලාය. ගෝල්පීස් අරගයෙන් උපන් රනිල් කුමරා එය ලෙසටම කරනවාය. කට්ටිය ඉල්ලුවේ මෙයය. වඩාත් හොඳින් ධනවාදය ස්ථාපිත කිරීමය. බටහිර ධනවාදයේ ආශ්වාදය විඳීමටය. නයිට් ආර්ථිකයක් සහිත ආතල් ලන්තයක් ය. වම ඉල්ලුවේත් එයමය. වම ඒ වෙනුවෙන් දර දිය ඇද්දේ ය. ඒ සරලව ගෙවෙන මිනිස් ජීවිතය අවසන් කිරීමය.

එහෙත් නිර්මාල් දේවසිරි නැමැති බුද්ධිමතා කියන්නේ ගෝල් පීස් අර ගලය ජනතා නැගිටීමක් බවය.

 

එරන්ද ගිනිගේ කියන්නේ  එය එසේ නොවන බව ය.

අපට අනුව විය යුත්ත වෙලා අවසන් අතර ප්‍රභූන් රැකගත් රනිල් වික්‍රමසිංහට ගෙවිය යුතු ණය දැන් ගෙවිය යුතුව ඇති බවය.

GOGOGama

 

එරන්ද ගේ ලිපිය පහතින්....

 

නිර්මාල් වැරදියි…

ජනතා නැගිටීමක් වුණේ නැහැ (එරන්ද ගිනිගේ)

 

2022 රෙජීම් චේන්ජ් ව්‍යාපෘතිය “ජනතා නැගිටීමක්” ලෙස නම් කිරීමට බොහෝ වෙහෙසුණු කෙනෙක් තමයි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය උගන්වන මා මිත්‍ර නිර්මාල් දේවසිරි මහතා. ඔහු කියන්නේ එදා සිදු වුණේ පොදු ජනතාව තුළින්ම ආ නැගිටීමක් කියාය. නමුත් නිර්මාල්ගේ ප්‍රකාශය මේ වන විට බිඳ වැටී තිබෙනවා. ඒ මෙසේය:

 

nira

 

ඊනියා අරගලය ජනතා නැගිටීමක් ලෙස හැඳින්වීමේ පදනම වන්නේ එදා ජනතාවට දැනුණු ආර්ථික පීඩනය පිට කිරීම සඳහා පවතින පාලනයට එරෙහිව ජනතාව අරගලයක් කළාය යන්නයි. එය සත්‍යයක් නම් එදාට වඩා සිය ගුණයක පීඩනයක් රටේ පොදු මහත් ජනතාව අද මත පනවා තිබේ. එදා පෝලිමේ ඉඳ හෝ තෙල් ලබා ගැනීමට ජනතාව අතේ මුදල් තිබිණි. එදා තෙල් ටැංකි පුරවා ගෙන තවත් බූලි හත අටක් පුරවා ගැනීමට තරම් මුදල් තිබිණි. නමුත් අද ෂෙඩ්වල ඕනෑතරම් තෙල් තිබෙන නමුත් තෙල් ටැංකියෙන් කාලක් පුරවා ගැනීමටවත් ජනතාව අතේ මුදල් නැත. වෙනකක් තබා දේවසිරි ගෝල්ෆේස් අරගල භූමියට පැමිණියේත් සිය කාර් රථයෙනි. අද ජනතාවට ගෝල්ෆේස් තියා හන්දියට යන්නවත් තෙල් පුච්චන්න බැරි තරමට ඉන්ධන මිල වැඩිය. එදාට වඩා අද පීඩනය දරුණුය.

 

|එදා රට ලොක්ඩවුන් කර තිබියදී පවා හොඳින් කා බී සතුටින් සිටීමට ජනතාව අතේ මුදල් තිබිණි. නමුත් අද ෆුඩ්සිටිය පිරෙන්න බඩු තිබුණත් ඒවා මිලදී ගැනීමට ජනතාව අතේ පිච්චිය නැත. නිර්මාල් වැනි නියෝ ප්‍රභූ පවුල් හැම් බේකන් චීස් සහ බොම්බයි ළුණු මලු පිටින් පුරවා ගෙන යන විට පොදු ජනතාව ඒ දෙස බලමින් හූල්ලයි. එදා දර ලිපේ හෝ සිය දරුවන්ට උයා දෙන්නට ගෘහණියන්ට ඇති තරම් හාල් පොල් එළවලු මස් මාළු මිලට ගන්නට ජනතාව අතේ මුදල් තිබිණි. නමුත් අද ගෑස් ලිපේ ඉවෙන්නේ එක වේලකි. ඉතිරිය බඩේ ගෑස්වලින් පිරිමසා ගනී. බඩගින්නේ පීඩනය එදාට වඩා අද දරුණුය.

 

එදා ලෝක තෙල් අර්බුදය හේතුවෙන් ලෝකයේ රටවල් බොහොමයක මෙන් ලංකාවේද විදුලිය කැපීමට සිදු විය. නමුත් අද ඕන තරම් විදුලිය වයර් දිගේ ආවත් ජනතාවට ෆ්‍රිජ් එක දාගන්න බැරිය. බොහෝ නිවෙස්වල ෆ්‍රිජ් යන්ත්‍රය ගලවා දමා ඇත. විදුලි බල්බ ඉවත් කර ඇත. ලක්ෂ ගණනකගේ නිවෙස්වල විදුලිය කපා ඇත. බිල් ගෙවන්නට ජනතාව අතේ මුදල් නැත. පන්සල් අඳුරේය. පල්ලි අඳුරේය. එදාට වඩා අද පීඩනය අති දරුණුය.

 

එදා ඩොලර්වලින් පඩි ගෙවන්නට හැකියාවක් සහිත ව්‍යාපාර රටේ තිබිණි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයාට ඕනෑ තරම් ආදායම තිබිණි. කීය වුණත් සිමෙන්ති මිලදී ගෙන ගෙවල් හදන්නට මුදල් ජනතාව අත එදා තිබිණි. අද එසේ නැත. ණය රෝල ගෙවා ගැනීමට නොහැකිව බොහෝ ව්‍යාපාර වැසී ගොස් තිබේ. නව ව්‍යාපාර ඇරඹීමට මුදල් ජනතාව අතේ අද නැත. වසංගතය තුළ පවා ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කළ අපනයන ක්ෂේත්‍රය අද බිඳ වැටෙමින් තිබේ. ජනතාවට රැකියා අහිමි වී තිබේ. එදා ගෙදර සිට රැකියාව කළ තරුණයන් අද ඩුබායිවල අපා දුක් විඳි. එදාට වඩා අද පීඩනය බොහෝ දරුණුය.

 

|නමුත් කෝ “ජනතා නැගිටීම”??? නිර්මාල්ගේ ප්‍රකාශය සත්‍යයක් නම් ජනතාව අදත් නැගිටිය යුතුය. එදාට වඩා අද බුර බුරා නැගිටිය යුතුය. මන්ද එදාට වඩා ආර්ථික අර්බුදය අද අති දරුණුය. නමුත් ජනතාව නැගිටින්නේ නැත. එම නිරීක්ෂණය පැහැදිලි කරන්නේ කෙසේද? සත්‍යය නම් 2022 කිසිදු ජනතා නැගිටීමක් සිදු වූයේ නැත. එසේ නම් කුමක්ද එදා සිදු වුණේ?

 

කොටි ඩයස්පෝරාව, බටහිර ඒජන්සි, ලෝකල් එන්ජීඕ සහ බෞද්ධ විරෝධී කතෝලික-මුස්ලිම් ආයතනවලින් මුදල් පොම්ප කර මෙරට නූගත් නළු නිළියන්, සල්ලාල ගායක ගායිකාවන්, මෝඩ යූටියුබ්කාරයන්, අන්තරේ අමනයන්, කළු ලෝගුකාරයන් කුලියට ගෙන සිදු කළ රෙජීම් චේන්ජ් ව්‍යාපෘතියක් පමණක් සිදු විය. අද එම නළුවන් එදා හම්බ කරගත් ඩොලර් වියදම් කරමින් පාටි දමා නටා ගයා ජෝක් දමා විනෝද වෙමින් ජනතාවට කොකා පෙන්වයි. නිර්මාල් දේවසිරිටත් දැන් ජනතාව විඳින දුක අමතකව ගොස්ය. ඒ අනුව එය “ජනතා නැගිටීමක්” ලෙස හැඳින්වීම වැරදිය. අතාර්කිකය. අවිද්‍යාත්මකය. (Eranda ginige fb page)

නවතම ලිපි