SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • සමගි ජන සන්ධානය කඩාකප්පල් කරන්න කට්ටිය එමටයි..
  • පොහොට්ටුවේ කට්ටිය දැන් මැරිල ඉපදිලා වගේ..

 

  • වෙලාව ආවම අපි වැඩ ටික එළියට දාන්නම්..

 

  • දැන් අපිව නවත්වන්න කාටවත් බැහැ..

 

  • මොන දේ කරන්නත් බලය ගන්න ඔිනෙ...

 

  • ජනතාවට හතේ හත වැදිල තියෙන්නෙ..

 නැතිවෙලා තියෙන්නෙ කළුවර විතරයි..

 

  • වැට් එක ගැන කිව්වොත් හිරේ දාන්න..මේක එයාලගෙ අම්ම අප්පගෙ බූදලේද?

 

වෙළඳ ඇමතිතුමා කියනව අව්රුදු දෙකකට කලින් රට ගැන හිතන්න කියල.

 

|දැන් අව්රුදු දෙකකට කලින් මේ රට මේ තත්වයට  පත්කළේ කව්ද? ඒගොල්ලොනේ. අපිද?

අපිද අව්රුදු දෙකකට කලින් ඇමතිකන් දැරුවෙ?

පොහොට්ටුවෙ ඉන්න මැති ඇමතිල මැරිල ඉපදිලා වගෙයි කතා කරන්නෙ.

පොහොර තහනම ගෙනාවෙ කව්ද?

මිනිස්සුන්ව කළුවරේ තිබ්බෙ කව්ද?

භාණ්ඩාගාරය බංකොලොත් කළේ කව්ද?

පෝළිම් යුගය නිර්මාණය කළේ කව්ද?

අපිද?

එනිසා මේ හීනෙන් වගේනේ මේ අය කතාකරන්නෙ.

 

අපි එකක් කියන්න කැමතියි.. ඔය මාධ්‍ය තියාගෙන නන් දෙඩෙව්වට මොකද මේ මාසෙ ඉවරවෙනකොට ජනතාව පාරට බහින එක නවත්වන්න බැහැ කොහොමත් ඒගොල්ලන්ට.

සමගි ජන සන්දානය බලයට පත්වන  ඉදිරි මාස 60  ඇතුළත අනිවාර්යයෙන්ම ඒ අදාළ වගකීම බාරගන්නවා. වසර 25ක් යනව කියල යන කතාව බොරු. ඒක කව්රු කියපු කතාවක්ද කියල නම් දන්නෙ නැහැ.  ජනාධිපති නම්  හීන දකිනව අව්රුදු 25ක්.

 

පොහොට්ටුවෙ රැස්වීම් මාලාවක් තියල කතාකරනවා රට බංකොලොත් කළේ කව්ද කියල යනුවෙන් එක් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට මරික්කාර් මන්ත්‍රීවරයා දුන් පිළිතුර වූයේ,

 

|“මම පොහොට්ටුවේ ඔය මන්ත්‍රීගොල්ලන්ට කියනව ඔය රැස්වීමේ  මූලාසනය දිහා බලන්න කියල. එතකොට උත්තරේ හම්බ වේවි.

සුප්‍රිම් කෝට් එක දීල තියෙනව තීන්දුව. එතකොට බංකොලොත් කළේ ව්ද කියල බලාගන්න පුළුවන්”.

 

 

සමගි ජන සන්ධානය හදන්න තව කොයිතරම් කාලයක් යැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට මරික්කාර් මන්ත්‍රීවරයා දුන් පිළිතුර වූයේ,

 

|“ඒක හදල ඉවරයි. එළිදක්වන එක ඉතිං අපි දේශපාලන පිටියේ දේවල් සිද්ධවෙන විදිහත් එක්ක වෙලාවට එළියට දාන්නම්. මාධ්‍ය ඉස්සරහ කිය කිය නෙවෙයිනේ ඒක කරන්නෙ”.

 

 

අපි දන්නව ඔය වගේ සන්දාන හැදෙන්නෙ මැතිවරණය කිට්ටුව. ඇයි මේ කලින්ම හදල?

 

 

|“කොහේද කල් තියෙන්නෙ? තව දින 180ක්වත් නෑනෙ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ජූලි මාසෙ පවත්වන්න ඔින.. සමහරු වැරදි මතයක ඉන්නව. ජේ ආර් ජයවර්ධන 82දි ජනාධිපතිවරණය තිබ්බ..

ජනමත විචාරණයකින්වත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයකින්වත් ජනාධිපතිවරණය කල් දාන්න බැහැ.

ජනමත විචාරණය තියන්න පුළුවන් පාර්ලිමේන්තුවට ඔිනනම්. 82 හෙක්ටර් කොබ්බෑකඩුව එක්ක ජේ ආර් තරඟ කරල ජේ ආර් දිනල තමයි ඉතුරුටික කෙරුවෙ..

 

 

 

 

 

 

නවතම ලිපි