SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණ එහෙමත් නැත්නම් රාජපක්ෂ රෙජීමය කියන්නේ තවත් කාලයකට ලංකාවේ  දේශපාලනය තුළ  ඡන්ද පදනම දිනාගැනීමට අසීරු දේශපාලන ව්‍යපෘතියක්.

මේ යථාර්තයට මැකියාවලියානු මුහුණ දීමක් රාජපක්ෂවරුන්ගේ අනාගතය වෙනුවෙනුත්, ඔවුන් වෙනුවෙන් සහ ප්‍රභූ දේශපාලනය වෙනුවෙන් විශාල මෙහෙයක් කළ රනිල් වික්‍රමසිංහගේ මීළග ජනපති  අනුප්‍රාප්තිය වෙනුවෙනුත් රාජපක්ෂ විරෝධී ඡන්ද රැකගැනීම වෙනුවෙන් බිහිකළ නව සන්ධානයේ වැඩ කටයුතු නිළ වශයෙන් ආරම්භ කිරීම ඊයේ සිට ආරම්භ වී ඇත.

 

 

සැඟවුනු රහස්...

 

2024 ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන නව සන්ධානය සිය මෙහෙයුම් ආරම්භ කිරීම නව සන්ධානයේ මෙහෙයුම් නායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධානයේ නිර්මාතෘ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා සහ නව සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ගේ  ප්‍රධානත්වයෙන් ඊයේ  (01) දින රාජගිරිය නව සන්ධාන මූලස්ථානයේදී සිදු වී තිබෙන බව සඳහන්.

 

කෙසේ වුවද මෙම සන්ධානයේ ක්‍රියාකාරී මෙහෙවරක් ඉටුකරන බැසිල් රාජපක්ෂගේ දකුණු අත මෙන් වූ සිරිපාල අමරසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ‌ලේකම්වරයා වූ සුගීෂ්වර බණ්ඩාර බව සැඟවුනු කතාවක් බවට පත්කර ඇත.

 

එහිදී අදහස් දැක්වූ සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා,

 

“මේ වර්ෂයේ අනිවාර්යෙන් මැතිවරණයක් පැවැත්විය යුතු අතර එය ජනාධිපතිවරණය විය යුතුයි කියලා විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට අවශ්‍යනම් පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණය වුනත් පවත්වන්න පුලුවන්. විපක්ෂයේ මතය පාර්ලිමේන්තු මැතිවරණය කැඳවයි කියලා. මගේ මතය වන්නේ ජනාධිපතිතුමා ජනාධිපතිවරණය කැඳවයි කියන එකයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරලා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය නොකරන සහ අනෙකුත් දේශපාලන පක්ෂ එක්ක තරග කරලා ඒවා නියෝජනය නොකරන 71 දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. 71 දෙනාම දැනට ඒ පක්ෂ නියෝජනය කරන්නේ නැහැ. ඒ 71 දෙනා නියෝජනය කරමින් තමා නව සන්ධානය බිහි කරන්න පාර්ලිමේන්තුව තුළ නව කතිකාවක් ආරම්භ කළේ. අපිට පුලුවන් වෙනවා පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් නියෝජනය කරන, ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන වැඩිම පක්ෂ සහිත සන්ධානය අපට හදන්න.

 

 

රාජපක්ෂලාව විවේචනය කිරීම

 

අද ඉදන් නව සන්ධානයේ දේශපාලන මෙහෙයුම් කටයුතු සක්‍රීයව ආරම්භ කරනවා. ජනාධිපතිවරණයේදී අපගේ කණ්ඩායම පුළුල් කණ්ඩායමක් ලෙස ජනාධිපතිතුමාට සහය දක්වන්න, ශක්තිමත් කණ්ඩායමක් විදියට වැඩ කරනවා. අපි වැඩ කරපු හැම තැනම ජයග්‍රහණය කළා.

 

 

|අපි කරන්න එපා කියපු දේවල් කරන්න ගිහින් සමහර නායකයන්ට පරාජය වැලඳගන්න සිදුවුනා. අපි කියපු දේවල් කරපු අය ක්‍රමක් ක්‍රමයෙන් උඩට ආවා. සත්‍ය අසත්‍ය ජනතාවට ඉදිරිපත් කරන, ඇත්ත බොරුව අතර මැතිවරණයක් එනවා. ඕනෑම පක්ෂයකට අරවා දෙනවා, මේවා දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ. සල්ලි ගස් වලින් කඩන්නත් බැහැ. මවන්නත් බැහැ.

 

 

අද ඉදන් භාණ්ඩ මිල ඉහළ යනවා. මිනිස්සු බනිනවා කියලා ජනාධිපතිතුමත්, ආණ්ඩුවත් දන්නවා. මිනිස්සු කොච්චර බැන්නත් මේ සත්‍ය, ඇත්ත, යථාර්ථය මිනිස්සුන්ට කියන්න ඕනේ. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා ජනතාවට ඇත්ත කියන්න. කයියනායකලට කයිවාරු ගහන්න පුලුවන්. බොරු කියන්න පුලුවන්. ඕන දෙයක් දෙනවා කියලා කියන්න පුලුවන්. හැබැයි කරන්න බැහැ.

 

|ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා බදු අඩුකරලා මොකද වුනේ. ඔක්කෝටම ඒක හොඳ වුනා. හැබැයි ආර්ථිකය කරගන්න බැරිවුනා. අපි මේ පටන්ගන්න ව්‍යාපාරය වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. විශේෂයෙන් ආර්ථික වැඩපිළිවෙළක් එක්ක යන ගමනක්. ජනාධිපතිතුමාටත් අපි සහය දක්වන්නේ ආර්ථික වැඩපිළිවෙල හොඳ නිසා. ආර්ථිකය ශක්තිමත් කරන්න තීන්දු ගන්නකොට ජනතාවට අමාරුයි. අපිට අමාරුයි. නමුත් මේ සත්‍යයට අපිට මුහුණ දෙන්න සිදු වෙනවා.

 

 

අපි නෙවෙයි අරයලා...

 

ආණ්ඩුවට ලැබෙන ආදායම මදි වියදම පිරිමහන්න. කවුරිහරි ඇවිල්ලා කියනවම් අරවා දෙනවා මේවා දෙනවා කියලා ලියලා තියාගන්න මාස තුනයි කරන්න පුලුවන්. මහ බැංකු අධිපතිතුමා කියනවා කවුරු පත්වුනත් මේ ක්‍රියාවලිය, ආර්ථික වැඩපිළිවෙළ කරන්න වෙනවා කියලා. අපි අද ඉදන් බලාපොරොත්තු වෙන්නේ ඇත්ත මිනිස්සුන්ට කියන්න. අවුරුදු 70 ක් තිස්සේ ජනතාව විවිධ දේශපාලන පොරොන්දු වලට අහුවුනා. ජන්ද දුන්නාම සියයට දහයක්, පහළොවක් විතර ඒ ඒ දේශපාලන පක්ෂ ඉටුකළා. ඒ කළෙත් ණය වෙලා. ජනාධිපතිතුමාටත් පුලුවන් අඩු කරගෙන කරගෙන යන්න. මේ කැමැත්තෙන් කරන දේවල් නෙමේ. රට දුවන්න මේ දේවල් කරන්න සිදු වෙනවා.

 

|අපි පැහැදිලිව කියන්න ඕනේ මේ සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ක හිටගන්නේ නැහැ. බදු අඩුකරද්දි කිව්වා අඩු කරන්න එපා කියලා. පොහොර එක නවත්තන්න එපා කිව්වා. කොරෝනා කාලේ කිව්ව රට ඔය විදිහට වහන්න එපා කියලා. ඒ එකක්වත් ඇහැව්වේ නැහැ. වියත්තු කියලා කොටසක් ඇවිල්ලා, දැන් සජිත් මහත්තයට උපදෙස් දෙන්නේ ඒ වියතා තමා. ගෝඨාභය මහත්තයගේ දකුණු අත වගේ හිටියේ නාලක ගොඩහේවා මහතා. එතුමා තමා බදු අඩුකරන්න උපදෙස් දුන්නේ.

 

 

පොහොර ප්‍රශ්නය දොස්තර මහත්තයා. දේශපාලඥයෝ නෙමේ මේ දේවල් කළේ. අපි බැනුම් ඇහැව්වට ගුටි කෑවට එකක්වත් අපි කළේ නැහැ. ඒ වෙලාවේ මතයක් තිබුනා දේශපාලනය නොකරන කෙනෙක් ගේන්න ඕනේ කියලා. ජනතාව කාලෙන් කාලෙට එක එක රැලි පස්සේ යනවා. මිනිස්සුන්ට උදව් නොකරන, බදු නොගෙවන, රස්සාවක් නොදුන්න, මොනවත් නොකරපු අය කයිවාරු වලින් වීරයෝ වෙලා.

 

අපි ඇවිල්ලා ජනතාවට ඇත්ත කියනවා. අද සජබයට, පෙහොට්ටුවට මිනිස්සු දාහක් ගෙනල්ලා රැස්වීමක් තියාගන්න බැහැ. ජවිපෙ හැම තැනින්ම බස් දාලා ජනතාව ගෙනල්ලා රැස්වීම් තියලා සාර්ථකත්වය පෙන්නන්න හදනවා. අපි විශ්වාස කරනවා අපේ දිස්ත්‍රික්ක 22 ඉන්න අය ජනතාව දහදාහකට වඩා ගෙනල්ලා රැස්වීමක් කරන්න පුලුවන් ශක්තිමත් අය කියලා. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන්න පුලුවන් එකම කණ්ඩායම අපි. අපි වැඩපිළිවෙලක් එක්ක ජනතාවට සත්‍ය ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.”

 

 

@Media unit

lankacnews

නවතම ලිපි