SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 "ජනතාව" වෙනුවෙන් දේශපාලනය කරන ඕනෑම පක්ෂයකට හෝ කණ්ඩායමකට "ධනවාදයට කොච්චර කැමති අකැමැති වුණත් දැනට යන්න තියෙන්නේ බටහිර ධනවාදී ඇමරිකානු ආර්ථික විද්‍යාවේ විතරයි..." (තමළු මලිත්ත පියදිගම එසේ පවසා ඇත).

 

කැමති වුව ද අකමැති වුව ද යථාර්තය එයයි.

එසේ නොමැතිව,

බලයට පැමිණි පසුව, වෙනත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට යන්නේ නම්, එසේ කිරීමට උත්සාහ දරන අදාළ දේශපාලන පක්ෂයට ඉතා ඉක්මනින් බලය අහිමි වීම ස්ථිරවම සිදු වනු ඇත (ගෝඨාභයට සිදු වූ දේ).

 

 

2024 වර්ෂයේදී මැතිවරණයක් පැවැත්වුවහොත් ඉන් ජවිපෙ බලයට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ වීම වැලැක්වීම සඳහා ජාත්‍යන්තරය, ප්‍රභූ දේශපාලන තන්ත්‍රය සහ ව්‍යාපාරික ප්‍රජාව ඉදිරියේදී පියවර ගනු ඇත.

 

 

UNPය, SLFPය, සහ පොහොට්ටුව කුමන්ත්‍රණකාරී ලෙස ඉදිරියේදී එකතු වනු ඇත. සිරිසේන SLFP නායකයා වුව ද ඔහුට ගත හැකි පියවරක් නොමැත.

 

SLFPයේ ප්‍රධානත්වයෙන් ගොඩනගන සන්ධානයේ පොදු අපේක්ෂකයා වනු ඇත්තේ චම්පික රණවකය. UNPය උපක්‍රමශීලීව ඊට සහය දැක්වීමට නියමිත වන්නේ සජබෙන් කොටසක් හෝ එම පාර්ශවයට එකතුකොට ගැනීම සඳහාය.

 

චම්පික පොදු අපේක්ෂකයා කරගත් සන්ධානය ගොඩනැගෙන විට සජබ නායයාමට බොහෝ දුරට ඉඩ ඇත. එසේ නාය යාම ආරම්භ වුවහොත් සජිත්ට එය වලකා ගැනීමට කිසිසේත්ම නොහැකි වනු ඇත. රනිල්ට ඉෂ්ට කර ගැනීමට අවශ්‍ය වී ඇති ප්‍රධාන කර්තව්‍ය වන්නේ සජබ විනාශකොට ප්‍රේමදාසවාදය මුලින් උපුටා දමා නැවත UNPය ගොඩනගා ගැනීමයි. ඒ ඔහු ගෙන යන වැඩපිළිවෙල හැර වෙනත් වැඩපිළිවෙලක් යථාර්තවාදී නොවන තත්වයක් යටතේ නැවත වටයකින් UNPයට බලය හිමිකොට ගත හැකි බැව් ඔහු දන්නා බැවිනි. ඒ සඳහා අනීවාර්යෙන්ම සිදුවිය යුත්තේ ඉදිරි මැතිවරණයකදී සජිත් පරාජයට පත්වීමයි. චම්පික පොදු අපේක්ෂකයා කිරීමෙන් පසු ජවිපෙ ජයග්‍රහණය කල ද රනිල්ගේ එක් උවමනාවක් ඉෂ්ට වනු ඇත. ඒ සජිත් අතුගා දැමීමට හැකි වීමයි.

ජවිපෙ බලයට පැමිණි පසු එක්කෝ රනිල් විසින් දැනට කරගෙන යන වැඩපිළිවෙලම ඉදිරියට ගෙන යාමට හෝ ඊට එරෙහිව වෙනත් විකල්ප වැඩපිළිවෙලකට යාමට සිදු වේ. එසේ වෙනත් වැඩපිළිවෙලකට ගියහොත් අනීවාර්ය ලෙසම ඔවුන් වෙත විශාල "ජනතා" විරෝධයක් ඉදිරියේදී පැමිණීමට නියමිතය (ඒ මේ වන විට ලුනුයි බතුයි කා පෙට්‍රල් වලට වියදම් කරමින් තම වාහන ගමනාගමනය අඩු කොට නැති, දරුවෙන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන "ජනතාවගෙනි").

 

ජවිපෙ බලයට පැමිණීම ගැන අප සතුටු විය යුත්තේ එබැවිනි. ඒ ඔවුනට බලය රැකගැනීම සඳහා විශාල මර්ධනයක් දියත් කිරීමට සිදුවනු ඇති බැවිනි. හිට්ලර්ගේ ගෙස්ටපෝව වැන්නක් ඔවුන් විසින් නිර්මාණය කරන්නේ නම් අප ඊටත් වඩා සතුටු විය යුතුය.

 

බලයට පැමිණෙන ඕනෑම දේශපාලන කණ්ඩායමකට සිදු කිරීමට නියමිතව ඇත්තේ UNPයේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාම පමණක් නම් විමුක්ති දේශපාලනයේ අර්ථයෙන් කල යුතුව ඇත්තේ කුමක් ද?

කළයුතුව ඇත්තේ "ජනතාව"ට එරෙහි වීමයි.

 

අප ධනවාදයට එරෙහි නම් අපගේ මූලික කාර්ය විය යුත්තේ 'ධනවාදී කතිකාවෙන්' ඉවත්වීමයි. 'ධනවාදී කතිකාවෙන්' ඉවත් වූ පමණින් ධනවාදයෙන් ඉවත් විය නොහැකි වන අතර ධනවාදයෙන් ඉවත්වීම සඳහා යයි පවසමින් වස විස නැති ගොවිතැන් කිරීම, අල්පේච්ඡතාවයන් වැළඳ ගැනීම, සැම එකාටත් එකා සැමටත් කියමින් ආගමික ප්‍රතිපදාවන් නඩත්තු කිරීම හෝ counter culture වැනි විගඩම් කිරීමට උත්සාහ කිරීම ඊට අදාළ ක්‍රියාවන් නොවේ ('කතිකාව' සහ 'දෘෂ්ටිවාදය' අතර වෙනස හඳුනා නොගත් අය). ධනවාදයට එරෙහිව ශක්තිමත්ව පහර දීමට නම් සියල්ලට ප්‍රථම එම කතිකාවෙන් ඉවත් වූ පිරිසක් එකමුතු විය යුතුය. මේ යුගයේ සිදුනොවන්නේ ද එයයි.

 

http://www.spartacus.lk/de-24/2023/

@ස්පාර්ටකස් ලිපි

නවතම ලිපි