SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු පෙරදිග හා අපරදිග නාට්‍ය කලාව පිළිබඳ ප්‍රාමාණික විද්වතෙකි.

හේ කුරුණෑගල ක්‍රිස්තුරාජ විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය දක්වා උගෙන පේරාදෙණිය සරසවියට පිවිසි අතර, ආණ්ඩු ක්‍රමය, ඉතිහාසය පාලි හා සිංහල හදාරා සිංහල විශේෂ වේදී උපාධිය සමත් වී එම විශ්ව විද්‍යාලයේම සිංහල අංශයේ සහාය කථිකාචාර්ය වරයකු ලෙස පත්වීමක් ලැබු හෙතෙම පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබ ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවර හුම්බෝල්ඩ්ට් සරසවියේදීය.

 

දුරස්ථ කරන රීතිය රංගනයට හඳුන්වා දුන් විශ්ව කීර්තිධර මහා නාට්‍ය වේදී බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ නිර්මාණ ලාංකීය වේදිකාවට බල පෑ අයුරු විමසමින් කළ The Sinhala stage and Bertolt Brecht කෘතියයි මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ ආචාර්ය උපාධි නිබන්ධනය වේ.

 

ජර්මනියේ බ්‍රෙෂ්ට් කේන්ද්‍රයේදී එම නිබන්ධනය කෘතියක් ලෙස 1982 එළි දැක් වූ අතර, හෙතෙම පෙරලා ලංකාවට පැමිණ පේරාදෙණි සරසවියේ ලලිත කලා පාඨමාලාව භාර ගත්තේය.

 

මහාචාර්ය ප්‍රනාන්දු, තමන් පුරෝගාමී වී පිහිටැවූ ලලිත කලා අංශයේ ආරම්භක පීඨාධිපති වූ අතර, ප්‍රංශ නාට්‍ය වේදී ඇනටෝල් ෆ්රාන්ස් ගේ The Tragedy of a man who married a dumb wife ගොළු කතගේ සැමියා නමින් මයිකල් ප්‍රනාන්දු විසින් රංග ගත කළේය. නාට්‍ය පෙන්වා පසුදා ම එහි ප්‍රධාන නළුවා වේදිකාවට ආයුබෝවන් කීවේ 1971 කැරැල්ලට එක් වීම සඳහාය.

 

ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ධූරය මෙන්ම ව්‍යවස්ථා සම්පාදක හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය යටතේ තිබු ජාතික ඒකාබද්ධතා වැඩසටහන් ඒකකයේ ප්‍රධානිත්වය ද ඉසිලූ මයිකල් ප්‍රනාන්දු ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යංශයේ විශේෂඥ මණ්ඩල සාමාජිකයකුව සිටියේය.

වාමාංශික දේශපාලන ක්‍රියාකාරිත්වයේ නියැළුනු මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු සිංහල, පාලි, ඉංග්‍රීසි හා ජර්මන් සිව් භාෂාවන් හී ප්‍රාමාණිකයෙකි.

 

නවතම ලිපි