SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සුසංයෝගයෙන් ‘යුක්තිය’ නමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ පාතාලය තුරන් කිරීමේ  මෙහෙයුමක් ක්‍රියාත්මක මොහොතකි මේ.

ඒ සඳහා විවිධ පාර්ශ්වයන් එයට පක්ෂව විපක්ෂව මෙන්ම ඒ සම්බන්ධ විශ්ලේෂනාත්මක කරුණු මෙන්ම මෙවන් අවස්ථාවක එවැන්නක් ආරම්භ කිරීම පිළිබඳ දේශපාලන විචාරයන්ද ගෙන එනු ලබයි.

 

ඒ අතරම එකී ක්‍රියාදාමය තුළ සිදුවිය හැකි ‘බලය’ භාවිතා කිරීමේ විවිධ පැතිකඩ සහ ‘බලය’ යනුම කුමක්ද යන කිරා මැන බැලීම් පිළිබඳව ද කරුණු කාරණා පැන නැගිය හැකිය.

 

පහත වීඩියෝව හා ඒ ඇසුරෙන් මතුවූ අදහස් දැක්වීම් කිහිපයක් අපි ඉදිරිපත් කරන්නේ දේශපාලන නිර්ණායක පවත්වාගෙන යන බුද්ධිමතුන්ගේ  හා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ දේශපාලන සළු පිලි සකස් කරගැනීම සඳහා ය.

 

Courtesy: News 19 / Nirosh Maithree

 

I CAN’T BREATHE (Bharatha Prabhâshana Thennakoon)

 

 

The video reveals the torturing of a person by two Sri Lankan police officers, marking an illegal arrest under the law. It includes a scene where one policeman squeezes the neck of an unarmed civilian.

 

This case is reminiscent of and draws parallels with the George Floyd case in Minneapolis, America, serving as a stark reminder of similar instances of police misconduct and brutality.

 

ශිෂ්ටත්වය හඳුනන්නෙ නැතිව අතරමං වුණ ජන සමාජයකට (ප්‍රියශාන්ත රාජපක්ෂ)

 

 

අමෙරිකාවේ ආන්තික ප්‍රජාවක් වූ කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ්ගේ ගෙල පොලිස් බටයෙකු විසින් මිරිකා මරාදැමීමට එරෙහිව එදා ඇමරිකානු ජනතාව විතරක් නෙමේ මුළු බටහිර යුරෝපයම නැගිට්ටා.. හැබැයි අපේ රටේ පීඩිත ජනවර්ගයකට අයත් මිනිසෙකුට මෙහෙම අපරාධයක් උනොත් අපේ මහ ජනවර්ගය හන්දිගානේ කිරිබත් කන්ට පටන් ගන්නවා.. අන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස…

මේ වීඩියෝවේ විදියට මේ පොලිස් නිලධාරීන් ලාඩං ගහන්ට කුදලන හරකෙක්ව වගේ බිම පෙරලගෙන ලනු වලින් ඔතන්නේ, බෙල්ල මිරිකන්නේ මේ රටේ මනුෂ්‍ය පුරවැසියෙක්ගේ..

මේක ශිෂ්ට නීතිය උල්ලංඝනය කරන ම්ලේච්ඡත්වයක්..

හැබැයි මේ සිද්දියට කොමෙන්ට් වලින් විරෝධය දක්වන මිනිස්සුන්ට වඩා ඉන්නේ කුඩ්ඩො අල්ලන්ට මීට වඩා හොඳ විදියක් තියෙනවද අහන මිනිස්සු ..

මෙතනදි අපි කොහොමද දන්නේ වින්දිතයා කුඩ්ඩෙක්ද නැද්ද කියලා.. අනිත් එක කුඩ්ඩෙක්ම උනත් කුඩ්ඩන්ට අනික් මිනිස්සුන්ට අයිති අයිතිවාසිකම් හිමි නැද්ද..? එතකොට කුඩ්ඩෙකුට මොන මල ඉලව්වුව කලත් ගැටලුවක් නැද්ද.. ?

එතකොට මෙතන අශිෂ්ඨ කුඩ්ඩා විතරද, මේ කෘර විදියට නීතිය අතට ගත් නිලධාරීන් අශිෂ්ඨ නැද්ද, මේ කෘරත්වයන් අනුමත කරන, අහක බලාගෙන යන, ඒවට උඩගෙඩි දෙන මිනිස්සු ශිෂ්ටද… ?

ශිෂ්ටත්වය හඳුනන්නෙ නැතිව අතරමං උන ජනසමාජයකට ශිෂ්ටත්වය හොයාගන්න එක ලේසිපහසු වැඩක් නෙමේ මොකද ඔවුන් අශිෂ්ටත්වයට විකල්පය විදියට හොයාගන්නෙත් තවත් අශිෂ්ටත්වයක්මයි…(~ LNW)

 

 

එහෙම නැතුව කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගන්නේ? (මාධව රුවන්පතිරණ)

 

 

ලෝකේ කොහෙත් ඔය විධියට අවම බලය පාවිච්චි කරනවා සහ එහෙම පාවිච්චි කරන පොලිස්කාරයෝ බේරාගන්නවා... බේරගන්න බැරිම තත්වයකදී පොලිස්කාරයෝ වැරදි කාරයෝ වෙනවා (එහෙම නැතුව කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගන්නේ?). එතකොට "ජනතාව"ට අනුව යුක්තිය ඉටු උනා සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු උනා...

අපගේ ප්‍රජාතන්ත්‍රවාදය ලිපි පෙළ කියවන්න: http://www.spartacus.lk/democracy/2022/

 

 

ලංකාවේ පාලක පන්තියට සහ එහි මර්දනකාරී උපකරනයන්ට

වසර තිහක යුද්ධය තුලදීත් පාස්කු ප්‍රහාරයෙන් පසු කාල පරිච්ඡේදය තුලදීත් එවන් රුදුරු ක්‍රියාමාර්ග යොදා ගැනීමේ ඉතිහාසයක් පවතී  (චමත් බණ්ඩාර)

 

 

මහජන ආරක්ෂක ඇමති මත්ද්‍රව්‍ය මැඩීමේ කඩතුරාව යටතේ පොලීසියට අනීතික ක්‍රියා සඳහා වරපත්‍රයක් ලබා දෙයි

"අලස් ගේ ප්‍රකාශයන් මගින් මෙම මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමේ මෙහෙයුම් සැබෑ එල්ලය පිලිබඳව යම් ඉඟි ඉස්මතු වෙයි. ඕනෑම පියවරක් ගන්නා ලෙසට සහ තමන් ඒ වෙනුවෙන් පෙනී ඉන්නා බවට ඇමති පොලීසියට ලබා දුන් වරපත්‍රය කම්කරු පන්තියේ අරගල වලදී පවා එවන් පියවර වෙනුවෙන් තමා පෙනී ඉන්නා බවට සහතිකයකි. ලංකාවේ පාලක පන්තියට සහ එහි මර්දනකාරී උපකරනයන්ට වසර තිහක යුද්ධය තුලදීත් පාස්කු ප්‍රහාරයෙන් පසු කාල පරිච්ඡේදය තුලදීත් එවන් රුදුරු ක්‍රියාමාර්ග යොදා ගැනීමේ ඉතිහාසයක් පවතී."

සම්පූර්නයෙන් කියවන්න

https://www.wsws.org/si/articles/2023/12/22/defe-d22.html

*අත්අඩංගුවේ සිටි අයෙකුට වධහිංසා කිරීම සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති වරදකරු වෙයි: ධනපති රාජ්‍යයේ ආන්තික කුනුවීමේ ප්‍රකාශනයක්

ලිපිය කියවන්න https://www.wsws.org/si/articles/2023/12/21/gpte-d21.html

 

 

අවම බලය පාවිච්චි කරනව (උවිඳු කුරුකුලසූරිය)

 

 

නවතම ලිපි