SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිම්බාබ්වේ කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ එක්දින තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වේ.

එම සංචිතය 15 දෙනකු දක්වා අඩුකර අනුමැතිය සඳහා ක්‍රීඩා ඇමැතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවද වාර්තා වේ.

 

නව ක්‍රිකට් තේරීම් කමිටුව විසින් පළමුවරට නම් කරන ලද සංචිතය ලෙස මෙය සැලකේ.

 

අකිල සහ අවිශ්ක කලකට පසුව සංචිතයකට

 

 

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වූ කුසල් පෙරේරා, දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, මතීෂ පතිරණ, ඇන්ජෙලෝ මැතිව්ස් හා ලහිරු කුමාර මෙම මූලික සංචිතය අතර නොසිටින බවද වාර්තා වේ.

 

සහන් ආරච්චිගේ, චාමික ගුණසේකර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ, කමිදු මෙන්ඩිස්, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ ආදී නවක සහ කලක් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ ද එම සංචිතයට අයත් වෙති.

 

ලෝක කුසලාන තරගාවලියේ දී තරග දෙකක් ක්‍රීඩා කර ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වූ නායක දසුන් ශානක ද මෙම මූලික සංචිතයට ඇතුළත් අතර ආබාධයක් හේතුවෙන් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ වනිදු හසරංග ද මෙම සංචිතය සඳහා කැඳවා ඇත.

 

පිතිකරුවන් ලෙස කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියනගේ සංචිතයට ඇතුළත් වෙති.

 

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත වේ.

 

 

අදාළ සංචිතය මෙසේය.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිදු ප්‍රනාන්දු, ජනිත් ලියන්ගේ, දසුන් ශානක, චාමික කරුණාරත්න, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, සහන් ආරච්චිගේ, කමිදු මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, චාමික ගුණසේකර, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩර්සේ.

 

 

@කුෂාන් සුබසිංහ

divaina

නවතම ලිපි