SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව;

ලංකාවෙ, මෑත කාලයේ, රංගනය පිළිබඳව දක්ෂම අධ්‍යක්ෂවරයා කියලා මං පිළිගන්න, මගේ දිගුකාලීන උණුසුම් මිත්‍රවරයෙක් වෙන ජගා ( Jagath Manuwarna Kodithuwakku ) මේ දවස් වල ඕස්ට්‍රේලියාවේ. අද එහේ ලංකාවෙ කණ්ඩායමක් පොඩි සාකච්ඡාවක් සංවිධානය කරලා.

දේශකයා ජගා. මාතෘකාව "කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව".

මේ දවස් වල ලංකාවෙ කලාකරුවොද මොක්කුද කියන අය කරන වැඩ එක්ක බලද්දි මරු ටොපික් එක!

 

art 1

 

උත්තර බලාපොරොත්තු නොවෙන ප්‍රශ්න.

 

01. ජගා පහුගිය අවුරුද්දක ජවිපෙ/ජාජබ ජාතික ලැයිස්තුවෙන් නාම යෝජනා වුනු, වර්තමානයෙදිත් ජාජබයට ක්‍රියාකාරී ලෙස සහය දක්වන දේශපාලන ක්‍රියාධරයෙක්.

BBC සංදේශය ඉන්ටවිව් එකකදි ජගාගෙන් අහනවා "චිත්‍රපට නිෂ්පාදනය හරහා "කළු සල්ලි සුදු කරන" බවට නැගෙන චෝදනා ගැන. https://www.bbc.com/sinhala/articles/cldg723w16eo

ජගාගෙ උත්තරේ -

"සල්ලි කළු ද සුදුද කියලා හොයන්න නිර්මාණකරුවන්ට බැහැ. ඒක අපේ රාජකාරියක් නෙවෙයි. ඒකට තියෙනවා මුදල් විශුද්ධිකරණ පනතක්. ඒ හරහා ඔවුන්ට දඬුවම් දිය යුත්තේ රජය. අපට බැහැ ව්‍යාපාරිකයින්ගේ අක්මුල් හොයන්න. නිර්මාණකරුවා කරන්නේ තමන්ගේ නිර්මාණයට සාධාරණයක් ඉෂ්ට කරන එක. ඇඳක් ගන්න ගියා ම අපි හොයන්නෙ නෑනේ ඒක හදලා තියෙන තේක්ක ගහ හොරෙන් කපපු එකක් ද අවසරයක් ඇතිව කපපු එකක් ද කියලා‍."

 

ලංකාවෙ ෆිල්ම් හෝල්ස් දැන් තියෙන්නෙ ඉතාම සුළු ගණනක්. ඒ හෝල්ස් වල ෆිල්ම් එකක් පෙන්නනලා ටිකට් සල්ලි වලින් ෆිල්ම් එකක් හදන්න යන වියදමෙන් බාගයක්වත් හොයන්න බෑ කියන එක ඕන කෙනෙක් දන්නවා. එතකොට අතින් පාඩුකරගෙන තමුන්ගෙ ෆිල්ම් එකකට කෝටියක් - කෝටි බාගයක් වියදම් කරන්න කැමති කෙනෙක් කොහෙන්ද ඒ සල්ලි හොයාගෙන තියෙන්නෙ, මොකක් වෙනුවෙන්ද එහෙම අති විශාල පාඩුවක් ලබන්න ලැස්ති වෙන්නෙ කියලා ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට ජගාට හොයන්න ඕන නෑලු. ඒක රජයේ වැඩක්ලු.

 

 

එතකොට ජාජබ ජාතික ලැයිස්තු නියෝජිතයෙක් වුනු ජගා පාර්ලිමේන්තුවට ගියොත් හෝ පක්ෂ දේශපාලනය ඇතුලෙදි, එහෙම මුදල් විශුද්ධිකරණය කරන පුද්ගලයින් සහ ඔවුන්ගෙ වැඩ ගැන හොයන්න වෙනවා. අවධානයෙන් ඉන්න වෙනවා. ඒක දේශපාලනඥයින්ගෙ, දේශපාලන ක්‍රියාධරයින්ගෙ වගකීමක්. ජගා මීට කලින් යූටියුබ් ඉන්ටවිව් එකකදි කියනවා කලාව වෙනයි දේශපාලනය වෙනයි කියල කියන කලාකාරයො තක්කඩි, ඒ දෙක දෙකක් නෙවෙයි එකක් කියලා.

 

 

මේ ආස්ථාන දෙකෙන් දෙවෙනි එක අපි පිළිගන්න දේ.

අපි ඒක පිළිගන්නකොටම ජගාට මොකද වෙන්නෙ?

 

02."ගින්නෙන් උපන් සීතල" ෆිල්ම් එකේ ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගෙ චරිතෙ රඟපාපු කමල් අද්දරආරච්චි හොඳම නලුවා හැටියට සම්මාන ගන්නවා විජේවීර ඝාතනයේ වක්‍ර හෝ සෘජු සම්බන්දයක්/අනුමතියැක් තිබුනයි කියලා චෝදනාවට ලක්වෙන වර්තමාන ජනාධිපති, යූඑන්පීයේ රනිල් වික්‍රමසිංහ අතින්!!? (ඒක දැක්කම මාත් ඇතුළුව, ජවිපෙ අනුගාමිකයින් නොවෙන එවුන්ටත් "අහෝ! ලංකාවෙ කලාකාරයොද මොක්කුද විහිළුවක් වෙන තරම!" කියලා හිතුනා.)

 

art 5

 

03. කමල්ට විරුද්ධව සෝෂල් මීඩියා වල ලොකු විවේචන රැල්ලක් යද්දි ජගත් පෝස්ට් එකක් දැම්මා "පිසාචයෙක්ගෙ අතින් දුන්නත් සම්මානය අයිති කමල්ට" කියලා. පිසාචයා කිව්වෙ රනිල් වික්‍රමසිංහට. එතකොට සම්මාන ගැනීම වෙනුවෙන් "ගින්නෙන් උපන් සීතල" ෆිල්ම් එකෙන් කරන්න උත්සහ කරපු සමාජ ඥාණනය අල්ලලා දාන්න කියල නේද ජගා ඒ යෝජනා කරන්නෙ?

 

04. අවුරුදු දෙකකට කලින් සුමති සම්මාන උළෙලකදි ජාජබ සහය පළකරන දේශපාලන ක්‍රියාකාරිනියක් වෙන රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා හොඳම නිළිය සම්මානෙ, දූෂණ චෝදනා ලබා ඇති ශිරන්ති රාජපක්ෂ අතින් ගන්නවා.

 

art 3

 

 

ඒකට විරුද්ධව සෝෂල් මීඩියා වල විවේචන රැල්ලක් යද්දි සමනලී කියනවා ඕගොල්ලන්ට වීරයෙක් ඕන වුනාට මට එක ඉෂ්ට කරන්න බෑ කියලා. (ඒ කියන්නෙ 'දූෂිතයෙක්ගෙ අතින් හරි කමක් නෑ මට සම්මානෙ ඕනෙ' කියන එක.)

 

art 4

 

හැබැයි ඒ සමනලීම ඊට කලින් 2018 අවුරුද්දෙ යෞවන සම්මාන උළෙලෙදි උදය ගම්මන්පිලයි, දුමින්ද දිසානයකයි අතින් සම්මාන ගන්න එක ප්‍රතික්ෂේප කරපු සම්මානලාහී තරුණයන් දෙන්නෙක්ගෙ "කොන්ද" අගය කරල පොස්ට් එකක් දානවා "විලි ලැජ්ජාවක් නොමැතිව, ජනතාව රවටමින්, බොරු ජීවිත ගෙවමින්, මහා අභිමානයකින් ජීවත්වන මෙවන් කාලකණ්නි දේශපාලුවන් ඇතුලතින්ම කඩා දමා තමන් ආත්මයක් නැති හිස් මිනිසුන් පිරිසක් මිස අන් කවරෙකු හෝ නොවන බව ඔවුන්ටම මතක කර දිය හැක්කේ මෙවැනි ක්‍රියාවලින් පමණි"! කියලා.

 

05. "ජඩ මාධ්‍ය අධිරාජ්‍යට විරුද්ධයි කියලා වීදි විරෝධතා කරලා, සියළු ප්‍රධාන මාධ්‍ය ආයතන වලට ගිහින් විරෝධතා ලියවිල්ලක් බාරදුන්නු, ෆේස්බුක් එකේ ප්‍රොෆයිල් ෆොටෝස් දාගෙන පෝස්ට්ස් දාපු, ජාජබට ක්‍රියාකාරී ලෙස සහය දක්වන කෞශි (කෞශල්‍යා ප්‍රනාන්දු) වගේ අය ඊට පස්සෙ ඒ ටීවී ස්ටේෂන් වලම ප්‍රසන්ටර්ස්ලට පුහුණු වැඩසටහන් කරලා සල්ලි ගන්නවා.

චින්තා (චින්තන ධර්මදාස) වගේ අය ජඩ මාධ්‍යකාරයො කියපු දෙරණ ටීවී අයටම "ලැජ්ජයි *මහත්වරුනි* මගෙ ෆිල්ම් එකට පබ්ලිසිටි දුන්නෙ නෑ" කියල ෆේස්බුක් පෝස්ට්ස් දාලා අඬනවා.

 

06. හැබැයි ඒ කලාකාරයොද මොක්කුද දැන් සති කීපෙකට කලින් දෙරණ අයිතිකාරය දිලිත් ජයවීර, කලා ශිල්පියෙක් වෙන හසා (හසලක තුෂාර) දෙරණ චොර, ජඩ, පීචං, අපත චැනල් එකක් කියන විවේචනය කරා කියලා මිලියනද, කෝටිද පන්සීයක් ඉල්ලලා එන්තරවාසියක් යැව්වම, හසාට සහයෝගයට එක විරෝධතාවයක් කරන්නෙ නෑ, එක සාමුහික පෙත්සමක් අත්සන් කරන්නෙ නෑ.

ඇත්ත චැලෙන්ජ් එක වෙන දිලිත් එක්ක මුහුණට මුහුණ හිටගන්න වෙනකොට ජඩ මාධ්‍ය අධිරාජ්‍යට විරුද්ධයි කියලා කයි ගහපු කලාකාරයොද මොක්කුද එකෙක් නෑ!?

 

07. ගිය මාසෙ ජනාධිපති සම්මාන උළෙලෙදි නන්දා මාලිනී හොඳම ගායිකාවට හිමි සම්මානෙ රනිල් වික්‍රමසිංහගෙන් ලබාගන්නවා. ජවිපෙට සහයට අතීතයේ සිංදු කියපු, දූෂිත දේශපාලකයින් ගැන විරෝධතා සිංදු කියපු නන්දා මාලිනී ජනවරමක් නැතුව ජනාධිපතිකම කරන, මිනිස්සුන්ගේ අයිතිවාසිකමක් වෙන මැතිවරණය නොපවත්වපු දූෂිත රනිල් වික්‍රමසිංහගෙන් ජනාධිපති සම්මාන ගන්නවා!?!

 

art 6

 

මේ ජාතියෙ විකල්ප-සම්භාව්‍ය ලේබල් එක ජනතාව ඉස්සරහ පෙන්නන්න අසාර්ථක උත්සහයන් දරන ගමන්, තක්කඩි කලා-දේශපාලන ඩීල් දාන ලංකාවෙ කලාකාරයොද මොක්කුද නම් ලිස්ට් එක සෑහෙන්න දිගයි. මේ ටිකක් විතරයි. (අපි ඩීල් දානවා කියලා කියලා හිතන්න පුරුදු වෙලා ඉන්නෙ මහින්දලා රනිල්ලා එක්ක ඉන්න පීචං කලාකාරයොද මොක්කුද ගැන විතරයි. නෑ, මේ විකල්ප-සම්භාව්‍ය වෙස්මූණු සෙට් එකත් ඉන්නෙ ඩීල් වල තමයි.)

 

අතීත කතන්දර වලින් අද දවසට ජම්ප් කට් එකක් දානවා.

 

ජවිපෙ/ජාජබ සාමාජික, පලාත් සභා මැතිවරණයට ජාජබ නියෝජිත, මගේ දිගුම දිගුකාලීන මිත්‍රවරයා උපුල් කුමරප්පෙරුම (Upul Kumarapperuma) රනිල් වික්‍රමසිංහගෙන් ජනාධිපති නීතිඥ පට්ටම දෙන්න කියලා ඉල්ලුම් කරලා. (ඒ තනතුරට ජනාධිපතිට ඇප්ලයි කරන්න ඕන. ඒක දෙන්නෙ ඒ මොහොතෙ ජනාධිපති හැටියට ඉන්න පුද්ගලයගෙ අභිමතය පරිදි.) ජගා "පිසාචයෙක්" කියලා කියන, උපුලා සහ උපුලා නියෝජනය කරන ජවිපෙ/ජාජබ දූෂිතයි කියන, ජනාධිපති හැටියට පිළිනොගන්න රනිල් වික්‍රමසිංහගෙන් තමයි උපුලා ජනාධිපති නීතිඥකම අනේ මට දෙන්න කියලා ඉල්ලලා තියෙන්නෙ. රනිල් පැනලා උපුලට ජනාධිපති නීතිඥ පට්ටම දීලා.

 

art 2

 

අනේ මිත්‍රවරුනි.

උඹලගෙ කලාවේ දේශපාලනයයි ඊට ප්‍රතිපක්ෂ උඹලගෙ දේශපාලනයේ කලාවයි කියන ජහුටා නැටිල්ල බලන් ඉන්න බැරි තරමට අවුල්.

 

@Tharanga Kularatne fb page

නවතම ලිපි