SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයන් සිටියත් ඡන්ද දායකයන් නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

මෙවැනි ප්‍රකාශයක් ඔහු කරන්නේ  ඉතිහාසයේ සෑම මැතිවරණයකදීම මැතිවරණ රැල්ල ජවිපෙ වටා කැරකුන අතර ඡන්දයේදී ඒ රැල්ල අඩු අගයකට සීමා වීම නිසා යැයි සැලකිය හැකිය.

 

කෙසේ වුවත් බොහෝ විචාරකයින්ගේ අදහස මේ වනවිට ලංකාවේ දේශපාලන පොළොව බොහෝ සේ වෙනස් වී ඇති බවත්, විශේෂයෙන් ජවිපෙ/ජාතික ජන බලවේග‌යද ඒ ආකාරයටම වෙනසකට පරිවර්තනය වී ඇති බවත් ය.

 

වාමාංශික පක්ෂ ඝනයෙහිලා මෙතෙක් සැලකුනු ජවිපෙ මේ වනවිට පවතින ධනේෂ්වර පක්ෂ ආකෘතිය ග්‍රහණය කරගෙන ඇති අතර ඔවුන් ද බලාපොරොත්තු වන්නේ අනෙකුත් දක්ෂිනාංශික දේශපාලන පක්ෂ මෙන්ම පරි‌භෝජනවාදී ආර්ථික ක්‍රමය තුළ සමාජය පවත්වාගෙන යෑම බවයි විචාරක අදහස වී ඇත්තේ.

 

 

එහෙත් බලය ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ එවැන්නක් පිළිබිඹු වුවද බලය ලබාගැනීමෙන් පසු මෙම ස්ථාවරයන් වෙනස් වනු ඇති බවත් තවත් ජවිපෙ හිතවාදී  විචාරක මතයකි.

 

 

ආචාර්ය ජයදේව උයන්ගොඩ මේ පිළිබඳව 2019 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබූ මොහොතක කියා තිබුණේ මෙවැනිනකි.

 

මැතිවරණයක අවසාන දේශපාලන ප්‍රතිඵලය තුළ රටක අනාගත දේශපාලන ඉරණම තීරණාත්මක ලෙස තීන්දු කරන සන්ධිස්ථානයක් බවට සලකුණු කරන අවස්ථා තිබේ. වර්තමාන ලෝකයේ එය ප්‍රකාශයට පත්වන සුවිශේෂ ආකාරයක් වන්නේ, නව -දක්ෂිණාංශික, නව-කොන්සර්වටිව් සහ අධිකාරවාදී බලවේග, මැතිවරණ මාධ්‍ය කොටගෙන බලයට පැමිණීමයි”.

“පාලකයින් ‘තෝරා ගැනීම’ යනු ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් සුවිශේෂ දේශපාලන ගුණාංගයකි”.

“ජනාධිපති හෝ මැති හෝ වරණයක් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී මොහොතක් වුවද, එවැනි සෑම වරණයකම දේශපාලන ප්‍රතිඵලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන සහ ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර ඒවා විය හැකිය

(ආචාර්ය ජයදේව උයන්ගොඩ)

සබැඳිය - https://slleader.lk/social/9017-2023-12-23-09-17-51

 

මේ නිසා සජබ මන්ත්‍රී තිස්ස අත්තනායක ගේ මෙම ප්‍රකාශයේ ගත යුතු දේශපාලන යථාර්ථයක් එයය.

 

“ජනතා විමුක්ති මම දකින්නේ කතන්දර කියන පක්ෂයක් විදියට, රසවත් කතා එයාලා කියනවා. යථාර්ථවාදී දේශපාලන ක්‍රියාවලියකට එයාලා ඇවිත් නැහැ. එයාලට ඉතිහාසය මතකද දන්නේ නැහැ. ඒත් රටේ ජනතාව දන්නවා එයාලගේ ඉතිහාසය. දශක 4ක ඉඳන් එයාලා සුන්දර කතා කියනවා. කවුරුවත් එයාලගේ කතා විශ්වාස කරලා නැහැ.

බලන්න එයාලා අවසන් මැතිවරණයේ දී ගත්ත ප්‍රතිශතය. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රේක්ෂකයෝ හිටියට ඡන්ද දායකයෝ නැහැ. ඉතිහාසයේ යථාර්ථය ඒකයි. මිනිසුන්ගේ විශ්වාසය දිනාගත්ත වැඩපිළිවෙලක් ඔවුන්ට නැහැ. අනික ඔවුන් ආණ්ඩු නියෝජනය කරා එත් ජනතාව වෙනුවෙන් මොනවද කලේ?.”

නවතම ලිපි