SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘හිත්මංකඩ' ; පශ්චාත්-රාජපක්ෂවාදී දේශපාලන-සංස්කෘතික නිමේෂයක්!!!

පසුගිය දෙසැම්බර් 20 වන දා කොළඹ විශ්වවිද්‍යාලයේ දී ඉතා වැදගත් මහජන සංදර්ශනයක් පැවැත්විණි. ඒ ධම්ම දිසානායකගේ හිත්මංකඩ නමැති කෘතිය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවයි.


මේ අවස්ථාවට සහභාගී වූ පිරිස ලංකාවේ දේශපාලන-සංස්කෘතික භූමිදර්ශනයේ පූර්ණ හරස්කඩක් නිරූපනය කළ බව කිව හැක. පෙනෙන්නට තිබුණේ දැනට ලංකාවේ දකුණු කලාපය (උතුරු කලාපයට සාපේක්ෂව) තුළ සිදු වෙමින් පවතින් දේශපාලන පරිවර්තනයේ දිශානතිය පෙන්නුම් කරන්නක් ලෙසිනි.

 

hith 4

 

ධම්ම දිසානායක ලංකාවේ දකුණේ පසුගිය දශක දෙක තුළ ආධිපත්‍යය දැරූ රාජපක්ෂ ව්‍යාපෘතියේ ස්වර්ණමය අවධියේ දී එහි බුද්ධිමය නිර්මිතයේ ඉහළින්ම සිටි මහජන බුද්ධිමතෙකි. 2005 සිට 2015 දක්වා රාජපක්ෂවාදී ව්‍යාපෘතියේ එන්ජිම වූ බැසිල් රාපපක්ෂයේ අභ්‍යන්තර කවයේ සාමාජිකයෙක් ලෙස ඔහු වැදගත් භූමිකාවක් ඉෂ්ට කළේය. එසේම ඔහු රාජපක්ෂවාදී ව්‍යාපෘතියේ මහිමය සිංහල-බෞද්ධ සමාජය වෙත ප්‍රක්ෂේපණය කළ ප්‍රමුඛ පෙළේ ප්‍රකාශකයෙක් ද විය.

 

 

මීට කලකට පෙර, මට මතක විදිහට ජයන්ත චන්ද්‍රසිරි, ලංකාවේ තමා කැමති බුද්ධිමය කවයක සාමාජිකයින්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කළේය. ඒ ලැයිස්තුවට ඇතුළු වූ නම් අතරින් දැන් මට මතක් කළ හැක්කේ ජැක්සන් ඇන්තනි, මොහාන් සමරනායක හා ධම්ම දිසානායකයි. ඒ බුද්ධිමතුන් ලැයිස්තුවේ සියලු දෙනාම මෙන්ම ජයන්ත චන්ද්‍රසිරි ද රාජපක්ෂවාදී ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය අංග විය.

 

පසුගිය 20 වන දා ධම්මගේ පොත මුල් කරගෙන පැවැති මහජන සංදර්ශනයේ වැදගත් දේශපාලන ඇඟවීම වූයේ එය පැහැදිළිව ම පශ්චාත්-රාජපක්ෂ මොහොත සලකුණු කරන්නක් ලෙස හඳුනාගත හැකි වීමයි. තවමත් පෙනෙන් විදිහට ධම්ම දිසානායක රාජපක්ෂ ව්‍යාපෘතියෙන් වෙන් වී ඇත. තවමත් එයින් කැඩී ඇත්දැයි මා හරියටම නොදන්නා මොහාන් සමරනායක ද සභාවේ කොනක වාඩිවී සිටියේය. ඔහු වාඩි වී සිටි ස්ථානය සංකේතාත්මක වේ. පැමිණි සිටිය අයගෙන් ශාලාව පිරී ඉතිරී ගොස් තිබූ නිසා මොහාන්ට වාඩිවීමට සිදු වී තිබුණේ ශාලාවට පිටතින් රැගෙන විත් තබා තිබූ පුටු පේළියක කොනකය. සභාවේ කැපීපෙනුනු පෙනී සිටීම් සියල්ලක්ම පශ්චාත්-රාජපක්ෂමය පෙනී සිටීම් විය.

 

සභාවේ ප්‍රධාන කථිකයෙක් වූ ජවිපෙ හී නලින් ද ජයතිස්ස, මේ මොහොතේ දේශපාලන දිශානතිය ගැන ධම්මගේ අවිනිෂ්චිත නිරීක්ෂණය විවේචනයට භාජනය කරමින් දේශපාලනයේ ඇති වෙමින් තිබෙන නව ප්‍රවාහයට එක් වෙන්නැයි ධම්මට ආරාධනා කළේය.

 

@ නිර්මාල් රංජිත් දේවසිරි

Nirmal Devasiri Fb පිටුවෙන්

ඡායාරූප - මයුර සේනානායක

 

hith5hith6hith7hith8hith10hith11hith12hith13hith14hith15hith16hith18hith 1hith 2hith 3hith 9

නවතම ලිපි