SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුජන පෙරමුණ මෙවර ජනාධිපති අපේක්ෂකත්වය ධම්මික පෙරේරාට ලබාදීමට සූදානම් මොහොතේ

පොහොට්ටු මන්ත්‍රී ආසනවලින් විධායක බලය ලබාගත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි, සංවිධානගත පක්ෂයක් නොමැති වීම එජාප නායකයින් තුළ බලවත් අර්බූධයක් ඇති කර තිබේ.

 

 

වික්‍රමසිංහ ජනාධිපතිවරයා බලයට පත්වූ දා සිටම රවී කරුණානායක ඇතුළු එජාප ජ්‍යෙෂ්ඨ නායකයින් ඉල්ලා සිටියේ පක්ෂය ප්‍රතිව්‍යූහගතකර සංවිධාන කටයුතු ආරම්භ කළ යුතු බව වූවත්, බලය ගත්විට සියල්ල අමතක වන රනිල් වික්‍රමසිංහ දිනෙන් දින එම යෝජනාවන් කල් දමනු ලැබීය.

 

 

එළැඹෙන වර්ෂයේ අනීවාර්යයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීම මේ වනවිටත් ප්‍රකාශයට පත්කර ඇති අතර පරදින්නට තරඟ කිරීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිසේත් සූදානම් නැති බව කියැවේ.

 

 

එසේම මේ තිබෙන තත්වය යටතේ රනිල් වික්‍රමසිංහට ජය ගැනීමට කිසිදු වාතාවරණයක් සකස් වී නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි පොහොට්ටුව පක්ෂය දෙකඩ වී ඇතිවා මෙන්ම බිම්තලයේ පොහොට්ටු පක්ෂය සතු ජන පදනම අල්පයක් බවට පත්වී ඇත.

 

එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග පොහොට්ටුව බෙදී විරසක වී ඇති අතර මේ දිනවල තම පැරණී එජාප සගයින් බා ගැනීම සඳහා යටිබිම්ගත දේශපාලන මෙහෙයුම් බාර වූවෝ කටයුතු කරමින් ඇත.

 

 

ඒ අතර ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිත රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය සඳහා සියලු දේශපාලන පක්ෂ එක්ව ඉදිරිපත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව ඔහු කියා ඇත.

 

“රනිල් වික්‍රමසිංහ නිර්පාක්ෂික දේශපාලන ජනාධිපතිවරයෙක් වශයෙන් කටයුතු කිරීම අනිවාර්යෙන්ම වෙනවා. සියලු පක්ෂවල එකතුවක් වශයෙන් තමා මේක කරන්නේ. නොයෙක් අය තරග කරන්න කැමතියි. නමුත් අමාරු අවස්ථාවක රටක අරාජිකත්වයට නායකත්වය දෙන එවැනි ස්වරූප තියෙන පුද්ගලයින් බොහෝම සීමිතයි”

 

එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායක එසේ කියූවද වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණයට තරඟ නොකරනු ඇති බවත්, ඊට සුදුසු පදනමක් සහිත සංවිධානයක් ඔහු සතුව නැති බවත් දේශපාලන විචාරක අදහස වී ඇත.

 

#දේශපාලන පිටියේ  වතගොත   

නවතම ලිපි